එදා ඉරිදාවකි. පාරිභෙෘ්ගිකයෙක් රූපවාහිනී ඇන්ටනා ජැක් එකක් මිලදී ගැනීමට නගරයට පැමිණියත්, වෙළෙඳසල් බොහෝමයක් වසා තිබෙනු දක්නට ලැබුණි.
එක් වෙළෙඳ සලක් විවෘතව තිබෙනු දැක, වෙළඳසලේ හිමිකරුගෙන් ඇන්ටනා ජැක් තියෙනවාදැයි ඇසීය. ඔව් තියනවා ප්ලාස්ටික් එක හැටයි. නිකල් එක සීයයි හිමිකරු පැවසීය.
නිකල් එක අඩු නැද්දැයි ඇසූවිට ඕවා අපිට දාන්නේ අනූවට රුපියල් දහයක ලාබයක් වත් තියෙන්න ඕනේ. හිමිකරු පැහැදිලි කළේය. රුපියල් සීයක් ගෙවා එය මිලදී ගත් ඔහු පිටවිය. නගරයට පැමිණි ඔහු වෙළෙඳසල් සියල්ලම විවෘතව තිබෙනු දැක විදුලි උපාංග වෙළඳ සැලකින් විදුලි බල්බයක් මිලදී ගත්විය ඇන්ටනා ජැක් එහිද තිබෙනු දැක ‘‘නිකල් ඇන්ටනා ජැක් කීයදැයි’’ ඇසීය ‘‘රුපියල් හතළිහයි’’ පැවසිනි.
එකක් මිලදී ගත් හෙතෙම ගියේ පෙරදින ජැක් එක මිලදී ගත් වෙළඳ සලටය. එහි හිමිකරු වෙළඳසලේ සිටිනු දැකගත හැකිවිය. බලනවා ඊයේ මම මේ ජැක් එක මෙතනින් ගත්තේ රුපියල් සියයකට. ඒකම එහා කඬේ රුපියල් හතළිහයි. යනුවෙන් කොපයෙන් පැවැසීය. බියවූ වෙළඳසැල් හිමිකරු ‘‘මේකේ ගෝලයා ඔය වගේ මෝඩ වැඩ තමයි කරන්නේ. ඕක රුපියල් හතළිහයි. මෙන්න මහත්තයාගේ ඉතිරි රුපියල් හැට.
ගෝලයා ආපු දෙන්කෝ හොඳ වැඩක් කරන්න. යැයි පැවසීය. පාරිභෙෘ්ගිකයා ආපසු එන ගමන් හිතවතෙකුට මෙසේ පැවැසීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැඩියෙන් ගත්ත සල්ලි කටට බයේ ආපහු දීලා
කැළුම් Wednesday, 13 January 2016 05:59 AM
මටත් මේ වගේම දෙයක් වුනා ගෑස් සිලින්ඩර් එකකට. මගේ ගෙදර දානයක් තිබිල හදිස්සියේ ගෑස් එකක් ගන්න ඕන වුනා. ඊට පස්සේ දන්නා තැනකින් රෑ 10 ට විතර ගිහින් එකක් ගෙනාව 5600ක් දීල. ඊට පස්සේ පහුවෙනිදා තවත් එකක් ඕන වෙලා වෙන තැනකින් ගත්ත. එතන 5100. ඊට පස්සේ මල්ලි එතනින් බිලක් අරන් ගිහින් කලින් ගත්ත තැනට පෙන්නුවා. උන් හොදටම බයවෙලා අපිට සල්ලි අපහු දුන්න ගෑස් එක අරගෙන. (බ)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 13 January 2016 10:50 AM
ගෝලයාගේ පිටින් වංචාව දාල කඩේ මුදලාලි ඇපේ බේරාගෙන ශේප් වුණා කියලයි මම හිතන්නේ ...(බ)
ලලිත් Wednesday, 13 January 2016 12:08 PM
ඕකට මුදලාලිට බැනල වැඩක් වෙන්නේ නැහැ. සමහර රටවල් වල තිබෙනවා වහේ, අවශ්‍යනම් මිලදීගත් දිනය ඇතුලත, භාණ්ඩය ගැන තම සැහීමකට පත්නොවන්නේනම් මිලදී ගත භාණ්ඩය බිල්පත සමග එලෙසින්ම ආපසු ගෙනවිත්දී භාරදී මුදල් ලබාගත හැකිවන ලෙස පාරිභෝගික නීති සකස් කළානම් හැමෝම නිසි මිලට බඩු විකුණනවා. (බ)
යසපාල Wednesday, 13 January 2016 09:59 PM
ආපසු දුන්න එකත් ලොකු දෙයක් (නි)
ද සිල්වා බර්ලින් Friday, 15 January 2016 03:41 PM
ලලිත්ගේ අදහස හරි. යුරෝපයේ රටවල මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. බලධාරීන් මේ ගැන සැළකිලිමත් වියයුතුය (නි)
රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 16 January 2016 12:27 PM
එකම කඩේකින් බඩු ගන්න එපා. ටිකක් බලන්න . ඕනේම කඩේක ඔය වගේ දේවල් තියෙනවා .මිල බලන්න. (ර)
තුසිත Monday, 18 January 2016 12:03 PM
අද ඉතුරු වෙලා තියෙන්නෙ වංචාව රැවටීම බොරුව පිරුණු සමාජයක් (ම)