සැමියා සහ දරුවන් තිදෙනා ප්‍රතික්ෂේප කිරීම නිසා විසි හත් හැවිරිදි අනියම් සැමියා සොයාගිය හතළිස් දෙහැවිරිදි කාන්තාවක් පිළිබඳව පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
විවාහවීමෙන් පසු වසර විස්සකට වැඩි කාලයක් එක්ව ජීවත් වූ යුවළකට වයස විසි එක, දහහත, දොළහ යන වයසේ දරුවෝ තිදෙනෙක් සිටියහ. අගනගරයේ රැකියාවක නිරත වූ සැමියා නිවසට පැමිණියේ මසකට වරක් පමණි. එලෙස පැමිණීමත් දින තුනකට හෝ දෙකකට පමණක් සීමා විය. හිතවතෙකුගේ නිවසේ දී හමු වූ තරුණයකු සමග වසර හයකට පමණ පෙර බිරිද අනියම් සමිබන්ධයක් පටන් ගෙන තිබුණි. එම තරුණයා රැකියාවක් සඳහා විදේශ රටකට ගිය අතර එය ඔවුන්ගේ සම්බන්ධයට බාධාවක් කර නොගැනීමට දෙදෙනාම වග බලා ගත්හ.
විදේශගත වූ පෙම්වතාගෙන් ලද විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා තෑගි වලින් අඩුවක් නොවිය. සැමියාගේ සැකය වැඩිවී තිබු අතර දිනක් වැසිකිළියට ගිය බිරිය පැමිණීමට ප්‍රමාද වීම ගැන සොයා බලද්දී වැසිකිළිය තුළ පැය ගණනක් දුරකථනය ඔබමින් සිටි කාන්තාව සැමියාගේ අතටම අසුවිය. මව දුරකතනයේ දවස පුරාම කාලය ගතකිරීමට ඇබ්බැහිවීම නිසා බොහෝ දිනවලදී උදේට උයන කෑම දරුවන්ට වේල් තුනටම කෑමට ද සිදුවී තිබිණි.
පෙම්වතා නිවාඩුවකට ලංකාවට පැමිණ සිටි අතර සැමියා නිවසේ නොමැති සෑම අවස්ථාවකදීම පෙම්වතා නිවසට ගෙන්වා ගැනීම පුරුද්දක් ලෙස ඇය සිදු කළාය. කාන්තාවගේ මව ද දියණියගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ අතර බෑණා සහ දරුවන්ගේ රැකවරණය සඳහා ඇය නිතරම පෙනි සිටියාය. දරුවන්ට නොසලකමින් බිරිඳ අනියම් සම්බන්ධයක් පවත්වන නිසා ඇය සමග ජීවත්විය නොහැකි බවට පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සියලු පාර්ශවයන් කැඳවා සිදුකළ විමර්ශනයක දී මෙම කරුණු අනාවරණය විය.
කාන්තාව නිතර නිතර නිවසින් බැහැරව ගොස් කාලය ගතකරන නිසාත් ඇයගේ හැසිරීම දරුවන්ට පීඩාවක්ව පැවතීම හේතුවෙන් ඔවුන් මව සමග වාසය කිරීම දැඩිව ප්‍රතික්ෂේප කර පියා සමග නිවස බලා පිටත්ව ගිය අතර කාන්තාව සිය අනියම් පෙම්වතා සොයා සිනාමුසු මුහුණෙන් යුතුව පොලිසියෙන් පිටව ගියාය.
හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැසිකිළිෙය් ප්රේමාලාපයෙන් අනියම් රංගනය අතේ මාට්ටු