(වියලූව වාර්තාකරු)
තමා සේවය කරන ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් නිරතුරුවම තම පෞද්ගලික කටයුතු ඉටුකරගන්නට පුරුදු වී සිටි එක්තරා ඉහළ නිලධාරිනියකට අපූරු පාඩමක් ඉගැන්වූ එම ආයතනයේම කනිෂ්ඨ සේවකයකු පිළිබඳ පුවතක් වාර්තා වේ.
එම ආයතනයේ සේවකයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඇය ඉහළ නිලධාරිනියකි. ආයතනයට යාබද නිල නිවෙසකම පදිංචිව සිටියාය.
උදෑසන කාර්යාලයට පැමිණි මොහොතේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ට ඇයගෙන් ගැලවුමක් නොවුණි.
අනේ...... ටවුමට ගිහින් බබාට බිස්කට් එකක් ගෙනත් දෙන්න. ......අනේ මට බෝංචි 250ක් ගෙනත් දෙන්න....... ආදි වශයෙන් තමන්ට අවශ්‍ය දෑ මතක් වන වාරයක් පාසා ඇය සිය සේවකයන් නගරයට යැවීමට පුරුදු වූවාය. ඇයට ඇති ඇල්මට වඩා රස්සාවට ඇති ආදරය නිසා පහළ මට්ටමේ සේවකයෝ ද අකමැත්තෙන් වුවද ඇගේ ඉල්ලීම ඉටුකළේ කරන්නට අන් යමක් නොවූ නිසාය.
පසුගිය දිනක ද නිල නිවසේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයකු ඇමැතූ ඇය අනේ මට ටවුමට ගිහින් රතු කැකුළු හාල් කිලෝ පහක් ගෙනත් දෙන්න යැයි පවසමින් සේවකයා අත රුපියල් දහසේ කොළයක් තැබුවාය.
මේ කරච්චලයෙන් බේරුමක් නැති බව දත් සේවකයා ද දාහේ කොළය රැගෙන නගරයට ගියේ අද නම් ඇයට හොඳ පාඩමක් උගන්වනවා යනුවෙන් තම හිතවතුන්ට ද පවසමිනි.
රතු සහල් වෙනුවට හිතාමතාම රතු සීනි කිලෝග‍්‍රෑම් පහක් මිලට ගත් හෙතෙම අනතුරුව සීනි ටිකත් රැුගෙන ආපසු ආයතනය වෙත ආවේ නගරයේ නවතා තිබූ කුලී රථයකිනි.
සීනි මල්ල නිලධාරිනිය අත තැබූ හෙතෙම එතනින් පිටව ගියේ ”මැඩම් ත‍්‍රීවිලර් එකටත් සීයක් දුන්නා මෙන්න ඉතිරි සල්ලි” යැයි ඇඟ පතට නොදැනීම පවසමිනි.
දැන් ඇය, ඔහුගේ තබා ආයතනයේ කිසිවකුගේවත් මුහුණක් බලන්නේ නැතිලූ. සේවකයන් කඬේ යවන්නේත් නැතිලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විධායක නිලධාරිනියට කඬේ ගිය සේවකගෙන් අපූරු පාඩමක්
පද්මේන් Thursday, 26 February 2015 09:46 AM
අවශ්‍යම දෙයකට යවලා කීයක් හරි අතට දුන්නානම් ඒ මිනිස්සු කැමැත්තෙන් කරයි.(දිල්)
ශාන් සෞදි Thursday, 26 February 2015 12:35 PM
ඕකට විමල්ව අල්ලා ගත්තා නම් පන තියනකන් කඩේ යවන්න තිබුනා (නදී)
සමන්ති Thursday, 26 February 2015 02:48 PM
මෙය මානසික රෝග ලක්ෂණයකි . (අ)
රෙජි-සිඩ්නි Friday, 27 February 2015 01:44 AM
ඇයි මෙයා මහත්තයා නැති නෝනා කෙනෙක්ද? (නදී)
යහම්පත් Friday, 27 February 2015 07:15 AM
ඔය කඩේ යවන එකට හොඳ කට්ටිය තමා දේශපාලන බංකොලොත් කාරයන් ළඟ තබා ගැනීම , කියන්න කලින් කඩේ යනවා ඔවුන් (නදී)
ජානු Sunday, 01 March 2015 02:12 AM
තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරිද? (නි)
අශේන් Sunday, 01 March 2015 10:55 PM
මේ වගේ ලොක්කෝ නිසා කාර්යාල සේවකයෝ තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ. මේවගේ වැඩ නිසා කාර්යාල විනය පිරිහෙනවා (නි)
ජෝයි ගොඩ්රි Tuesday, 03 March 2015 06:16 PM
මේ නෝනාගේ මහත්තයා නැද්ද දන්නෙ නැහැ (නි)
ලක්ෂමන් Thursday, 05 March 2015 05:00 AM
නෝනා ලස්සන නම් පෝලිමට කඩේ යන්න ලැහැස්ති වෙයි (නදී)