X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


විනෝද චාරිකාවට දුව වෙනුවට අම්මා ඇවිත්

දකුණු පළාතේ වෙරළබඩ පිහිටි ඇඟලූම් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ කර්මාන්තායතනයකි. එහි සේවා කළමනාකරු මැදිවියේ වුවද තරුණකම පෙන්වූ සෙල්ලක්කාරයෙකි. වැඩි බිමේ යොවුන් තරුණියක සමග රහස් සබඳතාවක් පැවැත්වුවද සෙස්සෝ එය දැන නොසිටියහ. ඇය ද බලයට අවනත වූවා මිස ඔහු කෙරේ සැබෑ ආදරයකින් පසු නොවූවාය. පසුගිය දා ආයතනය සංවිධානය කළ පස් දිනක විනෝද චාරිකාවකට ඇය නොයන බව දැනගත් ඔහු ඇය වෙනුවෙන් ද මුදල් බැඳ නොවරදවාම එන ලෙස ඉල්ලීමක් කළේය. නියමිත දින ගමනට සූදානම් වී පැමිණි ඔහු චාරිකා බසයට නැඟ ඇයට නියමිත ආසනය දෙස බැලූ විට එහි වාඩි වී සිටියේ වියපත් කාන්තාවකි. වහාම ඇගේ ජංගම දුරකථනයට කතා කළ ඔහු ඒ ගැන විමසූ විට ”අනේ සර් එන්න හිටියේ. මට සනීප මදි. ඒකයි අම්මා එවුවේ” ඇය කීවෙන් ඔහුට දෙවියන් සිහි වුණා ලූ.



අදහස් (0)

විනෝද චාරිකාවට දුව වෙනුවට අම්මා ඇවිත්

තුෂ් Thursday, 18 October 2012 11:05 PM

මොන ගාමන්ට් එකෙන්ද අප්පේ දවස් 5ක චාරිකා යන්නේ? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 12:52 AM

අනේ සජී, මේ ඇත්තමයි කියන්නේ. ඔයා ගැන මට හරි දුකයි. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 17 October 2012 06:46 AM

මේ සිද්ධියෙන් පසු කළමනාකරු නිතරම තරුණියට අම්මා මතක් කරාවි නේද? (නි)

:       0       0

චාමි Wednesday, 17 October 2012 08:15 AM

බලන අයට තමයි දෙයියෝ සාක්කි! (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 17 October 2012 09:51 AM

මෙහෙමත් අම්මලා... (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 17 October 2012 10:26 AM

අනේ මට තවම බැරිවුණානේ අපේ නෝනව තනියම ගමනක් යවාගන්න (නි)

:       0       0

චානක Wednesday, 17 October 2012 02:24 PM

පස්සේ ආරංචි වෙයිද දන්නෙ නැහැ දුවව අස්කරලා අම්මව වැඩට ගත්තා කියලා (නි)

:       0       0

ඩයස් Wednesday, 17 October 2012 08:31 PM

මේක වුණේ ඔය හැමෝම අතේ මොබයිල් පෝන් නැති කාලේ. දවසක් කොල්ලා කෙල්ලට ෆිල්ම් එකක් බලන්න එන්න කියලා ලියුමක් ඇරියා. මේ කියන දවසේ කොල්ල ජැන්ඩියට ඇදලා කුරුල්ලා වගේ බලා හිටියා හෝල් එකට හැරෙන තැන. ඉන්නකොට ආවේ නැද්ද කෙල්ලගේ අම්මා. ඇවිත් කිව්වා අනේ පුතේ මගේ කෙල්ල තවම ඉගෙනගන්න එකීනේ. ඒකිට මේවාට එන්න වෙලාවක් නැනේ. ඔන්න ඉතින් මම ආවා ඒ වෙනුවට. පුතාට තනියම යන්න බැරිනම් යමු ඔය කියන එක බලන්න කියලා. කොල්ල පන කඩාගෙන දිව්වා. කෙල්ලට ඇරපු ලියුම අම්මට අහුවෙලා. කෙල්ලට නොකියා අම්මා ඇවිත්. ලව් එක එතැනින්ම ඉවරයි. (නි)

:       0       0

අමිල Thursday, 18 October 2012 09:36 AM

අම්මා ගෙදර ආවද දන්නෙ නැහැ? (නි)

:       0       0

ශාන්ත පෙරේරා Thursday, 18 October 2012 02:39 PM

මේක බොරුවක්.. එයාගේ අම්මා ආවෙ දුවට අසනීපයි කියන්න විතරයි.. චාරිකාව යන්න නෙමෙයි.. (නු)

:       0       0

සිල්වා Tuesday, 16 October 2012 08:12 PM

බොසාගේ සරුවන්ගෙම ගැහෙන්න පටන් ගන්නඇති (අ)

:       0       0

මොහොමඩ් Sunday, 21 October 2012 12:18 PM

අම්මලා තමයි ළමයින්ව නරක් කරන්නේ. (නි)

:       0       0

විජේරත්න Sunday, 21 October 2012 06:29 PM

මරු කතාව පණයන්න හිනා (ස)

:       0       0

විජයන්ත Sunday, 21 October 2012 06:20 PM

මරු කතාව. පණ යනකල් හිනා අපිට. (නි)

:       0       0

මනම්පේරි Monday, 22 October 2012 01:00 PM

දැන් මේ පුද්ගලයාගෙන් අම්මට බේරෙන්න බැරුව ඇති 'ට්‍රිප්' යන්න කතා කරලා (නි)

:       0       0

සදරුවන් Monday, 22 October 2012 05:50 PM

කරන්න ගිය වැඩෙ හරි ගියේ නෑ නේද? (ස)

:       0       0

මහින්ද Monday, 22 October 2012 07:00 PM

දුව කරලා තියෙන වැඩේ නම් අපූරුයි. (නි)

:       0       0

දමිත් Tuesday, 23 October 2012 05:14 AM

නංගි, ඔයා ආදරය හදුනන්නෙ නැහැ. (නි)

:       0       0

හරීන් Tuesday, 23 October 2012 07:49 AM

නියම වැඩක් අක්කා. ඒත් ඔයාට ඉස්සරහට පරෙස්සම් වෙන්න වෙයි. (නි)

:       0       0

සරත් Tuesday, 16 October 2012 01:23 PM

එයාගෙ ක්‍රියාවෙ ගන්න දෙයක් තියෙනවා..!(නු)

:       0       0

මාලක Tuesday, 16 October 2012 11:08 AM

මේ කතාවනම් සිරා. ඇත්තටම දෙයියො සාක්කි කියන්න ඇති (ස)

:       0       0

දයා Tuesday, 16 October 2012 11:19 AM

නොම්මර එකයි (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 16 October 2012 11:28 AM

මේකනම් ඇත්ත වෙන්න පුලුවන් (ස)

:       0       0

කුමාරි ඩුබායි Tuesday, 16 October 2012 11:50 AM

බුද්ධිමත් තරුණියක්, ඔබ තැනට ඔබින නුවන පාච්චි කර ඇත (ස)

:       0       0

සජී Tuesday, 16 October 2012 11:52 AM

මේ කතාව ඇත්ත තමයි..අපේ නැන්දම්මා තමයි මේ ට්‍රිප් එක ගියේ (ස)

:       0       0

හසිත් Tuesday, 16 October 2012 12:09 PM

හොඳ කතාවක් (ස)

:       0       0

රුවන් Tuesday, 16 October 2012 12:02 PM

ගාමන්ට් එකෙන් දවස් 5 ක ට්‍රිප් එකක් ..මම මේ ඇහුවමයි (ස)

:       0       0

බමුණුගම Tuesday, 16 October 2012 12:11 PM

මට එන අදහස් මෙතනදි කියාගන්න බෑ (ස)

:       0       0

යොහාන් Tuesday, 16 October 2012 01:18 PM

අනිවාර්යයෙන්ම අම්මව මේ විනෝද චාරිකාව යවලා දුව ඇත්තටම ආදරය කරන කෙනා එක්ක යන්න ඇති..!(නු)

:       0       0

හේමන්ත Tuesday, 16 October 2012 10:44 AM

අද කතාව නම් හොදයි බලු නකුටට වැඩිය..!(නු)

:       0       0

තිහගොඩ Tuesday, 16 October 2012 01:43 PM

මේවා හොඳයි මරණගෙදරක නිදිවරද්දි අහන්න ?? (ස)

:       0       0

හිල්මි Tuesday, 16 October 2012 01:53 PM

අම්මා වුණත් මොකෝ, කවුරුහරි එන්නනේ ඕනෑ (නි)

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 01:46 PM

ඒකට මොකද මේ දෙන්නම පාවිච්චි කරන්නේ එකම වර්ගයේ සබන්ලුනේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 02:06 PM

මම දන්න ගෑනු ළමයෙක් 1 දවසින් රැකියාව දාලා ආවා...බොස් අයුතු යෝජනාවක් කරලා (ස)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 02:11 PM

නංගී පෙන්නා අක්කා දුන්නා වගේ වැඩක් (ස)

:       0       0

කපටියා Tuesday, 16 October 2012 02:46 PM

සජී....නෝනාව පරිස්සම් කර ගන්න (ස)

:       0       0

ජානක Tuesday, 16 October 2012 03:26 PM

සජී.. ඔයාගේි නොනව ගාමන්ට් එකෙන් අස් කරගන්න..!(නු)

:       0       0

සුසා Tuesday, 16 October 2012 03:39 PM

කවුද දැන් කපටි? අම්මද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site