X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


වියපත් කතට අසුනක් නොදුන්නාට සිසුවාගෙන් අපූරු පාඩමක්

ඉංගිරියේ සිට පිටකොටුව බලා දිවෙන බස් රියකි. මගීන්ගෙන් පිරී ඉතිරී තිබූ එහි සිටගෙන සිටීමටද අසීරුය. වයස අවුරුදු 70ක් පමණ පෙනුමැති වයසක මවක් ඉතා අසීරුවෙන් ආසනයක් අල්ලාගෙන එහාට මෙහාට පැද්දෙමින් සිටියද ඇයට අසුනක් දීමට තරම් කාරුණික හදවතක් ඇත්තෙක් බසයේ නොවීය. පාසල් සිසුන් මෙන්ම තරුණ පිරිස් ද විශාල සංඛ්‍යාවක් බසයේ සිටගෙන සිටි අතර ‘‘මේ අම්මට කවුරුහරි සීට් එකක් දෙන්න’’ යැයි කීප විටක්ම පැවසූ කොන්දොස්තර තැනගේ හඬද වාඩිවී සිටි කිසිවකුට හෝ නොඇසුනා සේය. මේ අතරේ සිටගෙන සිටි එක් පාසල් සිසුවකුගේ නෙත ගැටුණේ පාර දෙපස පසුවන සෑම බෝ වෘක්ෂයක්, බුද්ධ ප‍්‍රථිමා හා පන්සලක් ගානේ නැගිටිමින් යළි වාඩිවන කාන්තාවකි. සිසුවාට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ දර්ශනය දුටු විටය. ‘‘අම්මේ අන්න අර සීට් එකේ ඉන්න කෙනා ඉස්සරහා බහිනවා. අම්ම එතෙන්ට යන්න. එයා නැගිට්ට ගමන්ම ටක් ගාලා වාඩිවෙන්න. නැත්තම් වෙන කවුරු හරි වාඩිවෙයි.’’ ඔහු වයස්ගත කාන්තාවට පැවසුවේය. සිටගෙන සිටීමෙන් දැඩි සේ හෙම්බත්ව සිටි මහලූ කාන්තාව ද සිසුවා කී පරිදි වහා එතැනට ගියාය. සිසුවා බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ඊළගට හමුවූ   පන්සලක් පසුවෙද්දී පෙරකී මගී කාන්තාව සම්පූර්ණයෙන්ම අසුනින් නැගිට්ටේ එතැනට උපහාර දැක්වීමටය. ලද ඇසිල්ලෙන් ප‍්‍රයෝජන ගත් මහලූ කාන්තාව වහා අසුනින් වාඩි වූයේ සිසුවගේ උපදෙස් අකුරටම පිළිපදිමිනි. ‘‘මම බහින්නේ නෑ. තව දුර යනවා. මගේ සීට් එක මට දෙන්න’’ මගී කාන්තාව ඇයට පැවසුවාය. ‘‘පන්සල් බෝ ගස් ළඟ නැගිට නැගිට වාඩි වෙනවට වඩා පිනක් ඔය අම්මට සීට් එක දුන්න එකෙන් ලැබෙනවා’’ යැයි සිසුවාගේ යහළුවකු දුන් පිළිතුර හමුවේ එම තැනැත්තිය කරබාගෙන සිටගෙන සිටියේ බසයේ සිටගෙන සිටි සෙසු පිරිසගේ උපහාසාත්මක සිනා හඬ මධ්‍යයේය.



අදහස් (0)

වියපත් කතට අසුනක් නොදුන්නාට සිසුවාගෙන් අපූරු පාඩමක්

අජිත් Friday, 03 February 2012 01:53 PM

ඉතාමත් හොදයි

:       0       0

piyal Sunday, 05 February 2012 01:40 PM

මෙවන් පාසල් දරුවන් ගැන අහන්න ලැබීමත් සතුටක්.

:       0       0

ප්‍රියංකර තිස්ස Monday, 06 February 2012 05:43 AM

ඉතාමත් හොදයි

:       0       0

දුලානි Monday, 06 February 2012 10:21 AM

අපේ රටට ආඩම්බරයක් සහ හොද ආදර්ශයක් වැඩිහිටියන්ට

:       0       0

දිල්රුක්ෂි Monday, 06 February 2012 05:02 PM

නියම මල්ලී, මාලනී බුලත්සිංහල මහත්මිය ගයන, දකිනවිට පල්ලියක් පන්සලක්, මතක් වෙනවා.

:       0       0

චන්ද්‍ර Monday, 06 February 2012 05:11 PM

ඔය බස් එකේ ගිය අන්ත පිරිමි ගෑනුන්ටත් අන්තයි. සමහරවිට ඔය පිරිමින්ට ගෙවල්වල අම්මල හෝ සහෝදරයන් නැතිව ඇති. ඔය පාසල් දරුවාගේ දෙමව්පියෝ ඔය වගේ හොඳ ගුණගරුක දේවල් කියන දීලා ඇති. දෙමව්පියන්ටත් සන්තෝෂ වෙන්න පුළුවන් මේ වාගේ පුත්තු එන්න එක.

:       0       0

නුවන් Monday, 06 February 2012 05:13 PM

මේ වගේ දරුවන් අගය කරන්න ඕනේ. එවිට තවත් දරුවෝ මේ වගේ වැඩ කරන්න පෙළඹෙනවා. මගේ රටේ අනාගතය ගැන හිතුවාම ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි.

:       0       0

lchandra Monday, 06 February 2012 05:14 PM

මේ වගේ දරුවන් බිහි කරපු අම්මටත් වාසනා වේවා.

:       0       0

ලසන්ත Tuesday, 07 February 2012 12:20 AM

මේ වගේ දරුවන් බිහි කරපු අම්මටත් වාසනා වේවා.

:       0       0

අංජන Tuesday, 07 February 2012 09:24 AM

බඩදරු අම්ම කෙනෙක් බස් එකට නැග්ගොත් සීට් එකක් දෙන්න ගැණු අද ඉන්නවද? හැම වෙලාවෙම ආසනය දෙන්නෙ පිරිමියෙක්.

:       0       0

කලණ Tuesday, 07 February 2012 10:46 AM

අනිත් අය උපහාසාත්මකව හිනා වුනාට එයාලත් අසුනක් දුන්නෙ නෑ නේද ?

:       0       0

නාමල් Tuesday, 07 February 2012 11:56 AM

ඇත්තටම මේ ළමයි රටට වටිනවා

:       0       0

පාලිත Friday, 10 February 2012 09:30 AM

මෙන්න දරුවො

:       0       0

චන්දිකා Friday, 10 February 2012 10:21 AM

අනිත් අය උපහාසාත්මකව හිනා වුණාට එයාලත් අසුනක් දුන්නෙ නෑ නේද ?

:       0       0

හංසමාලි Friday, 10 February 2012 03:19 PM

හොද පාඩමක්

:       0       0

ඉෂන්ක Friday, 06 July 2012 03:36 PM

බොරුවට මිනිස්සුන්ට පේන්න වදිනවාට මෙහෙම වෙලා මදි

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site