(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
අගනුවරට ආසන්න ප්‍රදේශයක සිට දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකට විවාහවී යාමට බලාපොරොත්තුව සිටින යුවතියකි.
එහිදී තේ දළු කැඩීමට සිදුවෙතැයි තේ දළු කැඩීම පුහුණුවක් ලැබීමට තැත් කළ පුවතකි මේ. අගනුවරට ආසන්න නාගරික ප්‍රදේශයක පදිංචි තරුණියකි. ව්‍යාපාරික කටයුතු සඳහා නගරයට පැමිණි ගමේ තරුණයකු සමග ඈ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තාය. මෙම සම්බන්ධයට තරුණියගේ මව්පියන් මුලදී විරුද්ධ වුවද තරුණයා පිළිබඳව සොයාබැලීමේදී දැනගැනීමට ලැබී ඇත්තේ ඔහු තේ ඉඩම් ආදී සැලකිය යුතු දේපළකට හිමිකම් ඇති අයකු බවයි. එම නිසා එම විරෝධය ටිකෙන් ටික අඩුවී ගියද එකවරම සිය කැමැත්ත ලබා නොදීමට මව්පියන් වගබලාගෙන ඇත්තේ එම ප්‍රදේශයට ඇති ගමනාගමන දුෂ්කරතා ආදීය නිසාය. මේ පිළිබඳව කතාබහකරන සෑම විටකම තරුණියගේ මව, “උඹට එහේ ගිහිල්ල කඳුවල බඩගාල තේ දළු කඩන්න තමා වෙන්නේ. නැන්දම්මගෙනුත් බේරුමක් නැති වේවි. ඔඩොක්කුවක් පිටේ බැඳලා තේ කන්දට දක්කාවි.” ආදී වශයෙන් ආඩපාලි කියන්නට ද විය. ඒ කිසිවකින් මෙම තීරණය වෙනස් නොකළ තරුණිය විවාහයෙන් පසුව එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට අදිටන් කර ගත්තාය. ඒ අනුව පෙම්වතාවට දුරකථනයෙන් ඇමතූ ඈ තේ දළු නෙළීම ගැනත් තේ දළු දැමීමට පිටේ එල්ලා ගන්නා කූඩය ගැනත් විමසුවාය. ඔහු නවීන තාක්ෂණය මගින් තේ දළු කැඩීම ගැන ඇය දැනුම්වත් කළේ ඡායාරූප ද පෙන්වමිනි. එපමණකින් සෑහීමකට පත්නොවූ තරුණිය ප්‍රායෝගික පුහුණුවද ලැබීම සඳහා නිවෙස ඉදිරිපිට තිබෙන මල් ගස් කීපයක් කප්පාදු කරගෙන ඒවායේ නැගෙන දළු කැඩීමට ඉගෙනගත්තේ නැන්දනියගෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ අටියෙන්ලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විවාහ වී කඳුකරයට යන තරුණියට අපූරු පාඩමක්
නදීලා Wednesday, 18 September 2019 01:34 AM
නාගරික අම්මලා කරන්නේ ඔයවගේ අනුවණ වැඩමයි. මමත් කොළඹට ආසන්නව පදිංචි අයෙක්... මම පිටිසරක පදිංචි ඉඩකඩම් ඇති කෙනෙක් සමග යාළුවුණා. අම්මලා අකමැති වුණා. නමුත් අපි විවාහ වුණා. ඉන් පස්සේ අම්මා මට කිව්වේ සියළු දේපල මගේ නමට ලියවාගන්න කියලා. මගේ සැමියා එයට අකමැති වුණා. එ් නිසා අම්මා මට බලකලා දික්කසාද වෙන්න කියලා. මගේ දෙමව්පියන්ගේ අදහස වෙලා තිබිලා තියෙන්නේ දේපලත් ලියාගෙන සැමියාගේ රැකියාවත් ස්ථිර වුණාම ඔහුට අණතුරක් කරලා මට විශ්‍රාම වැටුපත් ලබාගෙන එයින් අපේ පවුල ජීවත් කරන්න. අපි දැන් දික්කසාදවෙලා. එයා දැන් රාජ්‍ය ආයතනයක ලොක්කෙක්ලු මම අම්මලා නිසා අසරණව ඉන්නවා.
gamarala Wednesday, 18 September 2019 07:31 AM
දිරිය දියණියට සුභ පතමු. අද තරුණියන්ට ඔබ ආදර්ශයක් වේවි. අනුන් යටතේ රැකියාවක් කරනවට වඩා තමන්ගේ වතුපිටි බලාගැනීම වැදගත් . අගෙයි.