(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
ප්‍රාදේශීය සභාවට පත් කිරීමට නියමිත සභාපතිවරයකුට එරෙහිව ගෙන ඒමට නියමිත දෝෂාභියෝගයට සහයෝගය ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු සොයා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවීමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය.
වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.
සිද්ධියට අදාළ ප්‍රාදේශීය සභාවේ වැඩි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්පත් කරගෙන ඇත. ඒ අනුව එහි සභාපති ධුරය හිටපු සභාපතිවරයාට ලබාදීමට සියල්ල සූදානම් බවට තොරතුරු අනාවරණය විය. එම ධුරය ඔහුට දීමට එරෙහිව කටයුතු කිරීමට එම පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල පක්ෂ විපක්ෂ සාම සාකච්ඡා පවත්වමින් යන බවටත් එයට සහාය දීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද සැදී පැහැදී සිටින බවටත් තොරතුරු හෙළි විය.
ඒ අනුව එකී වෑයම තව තවත් සාර්ථක කරගැනීම සඳහා එම පක්ෂයේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරයකු ඉකුත්දා එජාප කාර්යාලයට ගොඩ වී ඇත්තේ එහි සිටි එජාප මන්ත්‍රීවරයාගේ සහයෝගය ද අපේක්ෂාවෙනි. විරුද්ධ පාක්ෂිකයා තම පක්ෂ කාර්යාලයට පැමිධෑම සුහදව පිළිගෙන ඔහු කාර්යාලය තුළ සිටියදී එජාප මන්ත්‍රීවරයා ප්‍රධාන මාවතට පිවිස අසල වෙළෙඳ සල් හිමියන් හා අවට පිරිස් වහා කැඳවා පොහොට්ටුවේ මන්ත්‍රීවරයා තම පක්ෂයේ සාමාජිකත්වය ගැනීම කතා කිරීමට කාර්යාලයට ගොඩ වී ඉන්නා බවට රැස්වූවන්ට ඇසෙන්නට හඬ නගා ඇත. එන පොට වැරදුන බව දැනගත් මන්ත්‍රීවරයා සභාපතිවරයා එළවීමේ සාකච්ඡා පසෙක තබා තමාට එල්ල වෙන ආපදාවලින් මිදෙන්නට පිටුපස දොරෙන් පලාගිය බවට එහි සිටි පිරිස් අප සමග පැවසීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සභාපති එළවන්න ආ ප්‍රා.සභා මන්ත්‍රීට නියම ගේමක් දීලා
rocky Friday, 23 March 2018 02:00 PM
යොදා ගෙන ඇති චිත්‍රය බොහොම අගය කරමි.
tommy Monday, 26 March 2018 10:52 AM
මේ පින්තූරයේ සරමට පහළින් පෙනෙන්නේ අමුඩයද?