ලොකු නගරයක සේවය සඳහා සම්මුඛ පරීක්‍ෂණයට දෙතුන් සියයක් පෙළ ගැසී සිටියහ. ටයි පටි පැළඳි නිල දරුවෙක් මෙම පරීක්‍ෂණය මෙහෙයවීය. කෑලි එල්ලෙන ඇඳුමින් සැරසුණු මදාවි පෙනුමේ අයෙක් ඔහු ඉදිරියට ආයේය. දෙදෙනා අතර දෙබස් මෙසේ ඇසුණි. ”මොනවාද කරන්න පුළුවන්.” ‘‘ ඕනෑ දෙයක් පුළුවන්’’ ”ඔය මහත්තයාට බරවාහන ඒ කියන්නේ ලොරි වගේ ඒවා පදවන්න පුළුවන්ද?” ”ඒව නං බෑනේ” ”කොහොමද අද මෙහෙ එන්න පාර පෑදුණේ.” ”ඇයි අර... තුමා තමයි මට එන්න කිව්වේ.” පසුගිය දිනවල ප‍්‍රබල චරිතයක් වූ දේශපාලකයකුගේ නම ඔහු පැවසුවේ මහත් ආඩම්බරයෙනි. ”එතුමා අඳුනන්නේ කොහොමද?” ”ඇයි සර්.දන්නෙ නැද්ද පසුගිය දවස්වල අපි වැඩ කළේ එතුමාට නේ.” ”එතකොට හදිසියකට මෙහෙ නිලධාරියෙක් එක්ක යන්න වුණොත් මෝටර් රියක් පදවන්න පුළුවනි නේද?” ”ඒවත් බෑනේ” ”එහෙමනම් කාර්යාලයකට පණිවිඩයක් ගෙනියන්න වුණොත් මෝටර් සයිකලෙන් යන්න බැරිද?” ”අයියෝ ඒකත් මට බෑනේ බොස්” ”එහෙනම් මොනවාද පුළුවන්.” ”අනේ මහත්තයා මට ලයිසනුත් නැහැ. ”හොඳයි විස්තර මං ලියා ගත්තා. ඒ මහත්තයා හම්බවෙන්නකෝ.” මෙසේ පිරිස සම්මුඛ පරීක්‍ෂණයට ලක් කළත් කිසිවෙකුගේ මූලික අධ්‍යාපන සහතිකයක් හෝ පරීක්‍ෂා කරනු නොලැබීම විශේෂත්වයක් විය. පිළිවෙළකට ඇඳ පැළඳගත් තරුණයකුගේ වාරය උදාවිය. වෘත්තිය සුදුසුකම් මොනවාද පරීක්‍ෂණ නිලධාරියා විමසීය. පාප්ප ගාන්න, පෝස්ටර් අලවන්න හොඳට පුළුවන්. තව තවත් ඒවාත් ඕන්නම් මට පුළුවන්. තරුණයා කීය. මොකද ඔය සාක්කුව අල්ලගෙනම ඉන්නේ? තවත් පැනයක් පරීක්‍ෂක නිලධාරියාගෙනි. ටයි එක සාක්කුවේ ඒත් ගැටේ ගහගන්න දන්නේ නෑ. එහෙනම් ගෙනාවේ? ජොබ් එක ලැබුණොත් කොහමහරි දාගන්න. සම්මුඛ පරීක්‍ෂණය අතරමග නිමා කළ නිලධාරියා එය මෙහෙයවූ බලවන්තයා හමුවිය. ‘‘මුන් අතරේ වැඩ කරන්න පුළුවන් එකෙක්වත් නැහැ”යි වාර්තා කෙළේය. එහෙම කියලා බෑ. මුන්ට මොනවා හරි කරන්න වේවියි බලවතා කීවේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සම්මුඛ පරීක්‍ෂණ නිලධාරියාට බලවතෙක් අපූරු යෝජනාවක් ගෙනැත්
ශ්‍රීනාත් දයානන්ද Wednesday, 26 October 2011 11:20 AM
යථාර්තය ඕක තමයි වැඩක් කරන්න සදුසුකම් තියෙන මිනිස්සු නැහැ.