සිංහල අවුරුදු සමයේ විධායක ශ්‍රේණියේ රැුකියාවක් කරන තරුණයන් කිහිප දෙනෙකුගේ මත්පැන් සාදයකදී එක් තරුණයෙක් හපමින් සිටි බුලත් විටක් තවත් තරුණයකුට කටගැස්ම කියා දුන් පුවතක් අලව්ව ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම තරුණයක් පිරිසේ එක් තරුණයකුගේ නිවසේ ගරාජයේ මත්පැන් සාදයකි. කටගැස්ම සඳහා මුලින්ම කොත්තු රොටී සහ චිකන් ඩෙවල් ආවේය. තමුන් මෙම පිරිසේ බොහෝදෙනා මත්පැන්වලට වඩා කටගැස්මට ලොල් වූවෝය. අවසානයේදී මත්පැන් ඉතිරිවී ඇති අතර කටගැස්ම නොමැති විය. ඉන්පසු මෙම පිරිස අසල පිහිටි කඩයකින් උම්බලකඩ සම්බෝල පැකට් කිහිපයක් ගෙන ආහ. ඒවාද වහා අවසන් විය. මේ අතර එක් තරුණයකු මත්පැන් බීම අවසන් කර තිබුණේ ඔහු පදමට ගසා තුබූ නිසාය.
නමුත් නිවෙසට යන විට තමා ළඟින් මත්පැන් ගඳ ඒවියැයි සිතා ඔහු බුලත් විටක් හපන්නට විය. සෙස්සෝ දිගටම බෝතල හිස් කරන්නට වූහ.
මේ අතර එක් තරුණයකු මත්පැන් බීම අවසන් කළ තරුණයාගෙන් ‘‘බයිට් නැද්ද මචං’’ කියා ඇසීය මත්පැන් බීම අවසන් කළ ‘‘ආ තියෙනවා මචං ෆිට් එකනේ අතටම දෙන්නම් කො’’ කියා අනෙක් තරුණයාට නොපෙනෙන ලෙස හපමින් සිටි බුලත් හපය ගෙන ඔහුගේ අතේ තැබීය. ඔහුද එය සැණින් කටට ඔබාගෙන ඇත්තේ ඔහුගේ පදම ද ඉක්මවා ගොස් තිබූ නිසාය. පසුදා සන්ධ්‍යාවේ වෙරි මතටවත් වමනේ නොගිය තරුණයාට වමනේ යන්නට විය. වෛද්‍යවරයකුගේ ප‍්‍රතිකාර ද ගත්තේය. ඔහුට පටබැඳී ඇත්තේ වඳවී යන මාළුවකුගේ නමක්ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සාදයේදී ‘බයිට්’ වෙනුවට බුලත් හපය ඉල්ලන් කාලා
ගයාන් Friday, 09 May 2014 04:57 PM
බුලත් හපයද? (ස)
ගන්දර සයිමොන් Saturday, 10 May 2014 12:35 AM
සමහරුන්ට බිලා ඉන්න වෙලාවට බයිට් එකට බලු කෑමත් දීල කාල තියෙනවා , මම මගේම ඇස් දෙකින් දුටුවා වරක් . මමත් කන්න ගොස් යන්තම් බේරුනා . (දී)
කෝසල Saturday, 10 May 2014 06:19 AM
ඔය වෙලාවට සිහියක් කියලා එකක් තියෙන එකක්යෑ? (නි)
මධුෂානි හෙවදේව Saturday, 10 May 2014 08:24 AM
මිනිස්සුට බිවුවහම කිසිම සිහියක් නැහැනේ. ඒක තමා ඔක්කොටම මුල (නි)
කලීල් Sunday, 11 May 2014 04:23 PM
මෙහෙම බලද්දී අසූචිත් කයි වගේ (නි)