උසස් පෙළ සාමාර්ථයෙත් සාමාන්‍ය පෙළ සාමාර්ථයෙත් වෙනස නොදන්නා පළාත් සභා ඡන්ද අපේක්‍ෂකයකු පිළිබඳ සිද්ධියක් පසුගිය දා සබරගමු පළාතෙන් අසන්නට ලැබිණි. මෙවර සබරගමු පළාත් ඡන්ද සටන ආරම්භ වී දැනට සති හතරක පමණ කාලයක් ගතවී ඇත. ඡන්ද අපේක්‍ෂකයෝ තම තමන්ගේ ඡන්ද වැඩසටහන විවිධාකාර අන්දමට කි‍්‍රයාත්මක කරමින් සිටිති. පෝස්ටර්, කටවුට්, ප‍්‍රදර්ශනය කිරීම, සුහද හමු, සාකච්ඡා පැවැත්වීම, කාර්යාල විවෘත කිරීම්, ගෙන්ගෙට ගොස් පති‍්‍රකා බෙදා හැරීම වැනි කටයුතු ප‍්‍රධාන වශයෙන් සිදුකෙරෙයි. සබරගමුව පළාත් සභාවට මෙවර එක්තරා දේශපාලන පක්‍ෂයකින් තරග වදින තරුණ අපේක්‍ෂකයෙක් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ එක් කොටසක් ලෙස ගෙන්ගෙට යෑමේ ක‍්‍රමය තෝරාගෙන තමන්ගේ ආධාරකරුවන් කීපදෙනකු සමග ගෙන්ගෙට ගොස් ගෙහිමි ඡන්දදායකයන් දැනුම්වත් කිරීමේ කටයුතු ආරම්භ කළේය. තෝරාගත් ගම් ප‍්‍රදේශයක ගෙයින් ගෙට යමින් පති‍්‍රකා බෙදමින් ගම්වැසියන් හමුවෙමින් ඔවුන් සමග සුහදව කතා බස් කරමින් හෙතෙම තවත් නිවෙසක් ඉදිරියට ගියේය. ඔහුගේ පැමිණීම අපේක්‍ෂාවෙන්ම සිටි ගෙහිමි කාන්තාව ඉදිරියට පැමිණ අපේක්‍ෂකයා වෙත චෝදනා රාශියක් එල්ල කරමින් මේ පාර නම් තම ඡන්දය නොදෙන බව තරයේම ප‍්‍රකාශ කළාය. උසස් පෙළ සමත් තම තරුණ දියණියන් දෙදෙනාම තවමත් රැකියාවක් නොමැතිව නිවසේ සිටින අතර කුමක් හෝ රැකියාක් එක ළමයකුටවත් ලබාදෙන ලෙස මන්තී‍්‍රගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම මෙතෙක් ඉටු කිරීමට මන්තී‍්‍ර පියවර ගෙන නැති බව ද ඇය ඡන්ද අපේක්‍ෂකයා වෙත දන්වා සිටියාය. ඇයගේ එම දීර්ඝ කතාවට සන්සුන්ව සවන් දුන් ඡන්ද අපේක්‍ෂකයා අවසානයේ ඇය අමතා මෙසේ කරුණු පැහැදිලි කර දුන්නේය. අම්මේ, අපේ මන්තී‍්‍රටයි අපටයි දොස් පවරන එක වැරදියි. රැකියාවක් ඉල්ලූම් කරන්න මූලික සුදුසුකම තමයි ලොකු විභාග පාස් කරල තිබීම. බලන්න අම්මගේ දුවල දෙන්නම සමත් වෙලා තියෙන්නේ එච්.එස්.සී, විභාගයයි. අඩු තරමින් එස්.එස්.සී. විභාගයවත් පාස් වෙලා තිබුණා නම් මන්තී‍්‍රට කියල එක දරුවකුට හරි රස්සාවක් අරන් දෙන්න තිබුණා යැයි පැවසීය. මේ කතාවෙන් පසු ගෙහිමි කාන්තාවත් ඇයගේ තරුණ දියණියෝ දෙදෙනාත් ඡන්ද අපේක්‍ෂකයා සමග පැමිණි ඔහුගේ ආධාරකරුවෝත් අපහසුතාවකට පත්වූහ. ඒ තමන්ගේ ඡන්ද අපේක්‍ෂකයාගේ අධ්‍යාපන දැනුම ගැන හෙළිදරව් වීම ගැනය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සාපෙළ - උසස් පෙළ පැටලී ඡන්ද අපේක්ෂකයාගේ ගෝලයෝ හොල්මන්
ලාංකිකයා Monday, 06 August 2012 08:35 PM
අන්න , ඔක තමයි දේශපාලනඥයෙක් විමේ මුලික සුදුසු කම
සමන් Saturday, 18 August 2012 09:39 PM
උපාධිය කියන එකත් දැං පහළට වැටිලා.. !(නු)
සුජිත් Thursday, 09 August 2012 12:51 AM
දැන් භාවිතා වෙන්නේ ඒ ලෙවල් , ඕ ලෙවල් නේ . ඒකත් නිකන් දැන් ලංකාවට තම්බපණ්ණි කියන්නේ නැහැ වගේ. (නි)
සංජු Wednesday, 08 August 2012 07:15 PM
මම නම් උපදේශකයෙක් නෙමෙයි. ඒ වුණාට ඒ දෙකේ තේරුම දන්නවා. (නි)
ශානිකා Wednesday, 08 August 2012 04:49 PM
විහිලුවට නෙමෙයි මේ අහන්නේ. ඇත්තටම මේ වචන දෙකේ තේරුම මොකක්ද? (නි)
නිශාන්ත Wednesday, 08 August 2012 02:40 PM
රටට ආදරය කරන කිසිම මිනිහෙක් දේශපාලනය කරන්නේ නැහැ. පොදුවේ සමාජ මෙහෙවරවල් වල යෙදෙනවා. (නි)
උපාලි Tuesday, 07 August 2012 05:40 PM
මෙහෙම අයද ගම රට හදන්නයි කියල අපේ ඡන්දෙ ඉල්ලන්නෙ..?? අයියෝ ශ්‍රී ලංකා... අපි ඉවරයි.!!(නු)
ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 01:44 PM
දෙයියෝ සාක්කි! මෙන්න දැන් කාන්තාවන්ටත් මේ දෙක පැටළෙන ලෙඩේ හැදිලා. (නි)
ජයරත්න Tuesday, 07 August 2012 12:57 PM
අනේ ගුණවතී, ඔයා සරසවි ගියේ පරිඝණකයක සිදුවූ දෝෂයකින්ද? (නි)
මාර්ලොන් Tuesday, 07 August 2012 11:44 AM
චමිලා ගුණවතී 2012-08-06 11:34:44 මම උපාධිධාරියෙක් ඒත් මටත් ඔය දෙක පැටලෙනවා(වි) කොහෙන්ද උපාධිය ගත්තේ? (නි)
ෂහිවාල් Tuesday, 07 August 2012 08:39 AM
අපේ රට පාලනය කරන්න 8 පාස් වුණත් ඇති කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අමිල කටුනායක Tuesday, 07 August 2012 07:55 AM
දැන් මටත් පුලුවන් දේශපාලඥයෙක් වෙන්න. (නි)
ෂෙරීෆ් Tuesday, 07 August 2012 07:38 AM
ගුණවතී අක්කේ, අපි යමුද සබරගමු? (නි)
අමිල කටුනායක Tuesday, 07 August 2012 06:47 AM
මටත් පැටලෙනවා. (ත)
වසන්ත Monday, 06 August 2012 09:38 AM
අපේ රටේ උසස් අධ්‍යාපනේ වෙන දේවල් වල හැටියට මේක මොකක්ද? (නි)
අමිල කටුනායක Monday, 06 August 2012 04:49 PM
චමිලාට ඇත්තේ බී.එස්.සී.(සාමාන්‍ය පෙළ) වෙන්න ඇති. (නි)
සම්පත් Monday, 06 August 2012 01:10 PM
අධ්‍යාපන ඇමතිකමට මොහු සුදුසු බව මම යෝජනා කරමි. (නි)
ජනක-බහරේන් Monday, 06 August 2012 12:34 PM
ගුණවතීට නම් තියෙන්නේ හොර උපාධියක් වගෙයි. (නි)
සිසිර කුමාර Monday, 06 August 2012 12:26 PM
චමිලාටත් තියෙන්නේ ඡන්දය ඉල්ලන්න. (නි)
ජනක Monday, 06 August 2012 12:19 PM
අද ඉන්න ප්‍රාදේශීය දේශපාලකයන් 99% ඔහොම තමා.(දී)
ගොපල් Monday, 06 August 2012 12:15 PM
මම උපාධිධාරියෙක් ඒත් මටත් ඔය දෙක පැටලෙනවා.............. මෙන්න තව දෙයියෝ සාක්කි එකක් ..... (දී)
දයා-සවුදි Monday, 06 August 2012 12:02 PM
ඔන්න බලන්න ඉතිං රටක් හදන්න යන වගකිවයුත්තන්ගේ දැනීමේ තරම. (නි)
හසිත් Monday, 06 August 2012 11:41 AM
අනේ පවු. (නි)
චමිලා ගුණවතී Monday, 06 August 2012 11:34 AM
මම උපාධිධාරියෙක් ඒත් මටත් ඔය දෙක පැටලෙනවා(වි)
රන්ජන් Monday, 06 August 2012 11:21 AM
"ඇයගේ එම දීර්ඝ කතාවට සන්සුන්ව සවන් දුන් ඡන්ද අපේක්‍ෂකයා...." මේකම මදිද මේ අපේක්ෂකයාට චන්දෙ දෙන්න(වි)
සිසිර කුමාර Monday, 06 August 2012 11:03 AM
අනිවාර්යයි එයත් මේ චන්දෙන් දිනයි ? (දී)
කුරේ Monday, 06 August 2012 10:24 AM
ඒත් කොහොම හරි එයාවම තමයි තේරෙන්නේ. (නි)
අනුර Monday, 06 August 2012 10:15 AM
මෙහෙම පුද්ගලයින්ටද රට හදන්න දෙන්නේ? (නි)