එළිමහන් වේදිකාවේ රඟපෑමට ගොස් අලි අමාරුවක වැටුණ වඩු බාස් උන්නැහැ කෙනෙකු ගැන කුරුණෑගල ගමකින් දැන ගන්නට ලැබුණි විනෝදකාමියකු මෙන්ම පැරණි ටීටර්වල රඟපාන නළුවෙකි. ඔහු විවාහකයකු වුවද වෙනත් කාන්තාවන් සමගද ආලවන්තකම් පෑමද රහසක් නොවේ. ඒ ගැන ගමේ හැමෝම දනිති.
උඹ දන්නෙ නැද්ද බං බාස් උන්නැහැ එගොඩහ ගෙදර එකියක් එක්ක ඇයි හොඳයිකම් පානවා. අල්ලපු ගෙදර මිතුරිය බාස්උන්නැහැගේ බිරිඳත් සමග කීවාය.
ඇය නිතරම සැමියා ගැන සැකයෙන් බැලුවත් ගැහැනුන් කියන දේවල් පිළිගැනීමට නොහැකි වූයේ එවැන්නක් ඇය නොදුටු නිසයි.
ඇය කිසිවක් ගණන් නොගෙන සිටියේ සැමියා තමාට ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ඉහළින්ම සලකන නිසාය.
දිනක් වේදිකාව මත නාට්‍යයක් සූදානම් කරනු ලැබුවේ එහි අධ්යක්ෂවරයාගේ උනන්දුව නිසා මෙන්ම දක්ෂ නළුනිළියන් කීප දෙනෙක්ද සිටින නිසාය. පෙර පුහුණුව මැනවින් අවසන් කර නාට්‍යය පෙන්වන දිනයද ළඟා විය. ප්‍රධාන නළුවා බාස්උන්නැහැ. නිළිය ඈත ගමකින් ආ කාන්තාවකි.
ගමේ අය මෙන්ම අහල පහළ ගම්වල අයද රඟමඩල වටේ පිරී සිටිති. මෙය සමාජ නාට්‍යයකි. දැන් කතාව ගලාගෙන යන්නේය. අත්පොලසන් විසිල් පාරවල් නිමක් නැත. ප්‍රධාන නළුවා නිළියට ළංවී ඇගේ දෑත අල්ලාගෙන ‘‘ප්‍රේමිය ඔබ නැතුව මට රෑ නින්ද යන්නෙ නෑ. ඔබවමයි සිහිවෙන්නෙ. ඔබ සොයා එන්නට බාධක බොහොමයි. ගෙදර මායියා ගැන කියලා වැඩක් නෑ.’’ දෙබස අවසන්වීමට පෙර සෙනඟ අතර සිටි බාස් උන්නැහැගෙ බිරිඳ සෙනග අතරින් වේදිකාවට රිංගා ආවේ යක්ෂාවේසයෙනි.
‘‘මම දැනගත්ත වැඩේ. ගමේ එකීල කියන ඒව බොරු නෙවෙයි. මම ඉතින් සද්ද නැතුව හිටිය. ගෙදර මායියගෙ හැටි පෙන්නන්නම්කො උඹට අද මම යමං ගෙදර.
හූ හඬ කෑකෝ ගැසීම් නිමක් නැති විය. එකම කලබලයකි. නළු නිළි දෙපළ බියෙන් සලිත වී පොල් අතු මඩුවට දිව ගිය අතර පිරිස සීසීකඩ විසිර ගියහ. අධ්‍යක්ෂකවරයා ඔළුවෙ අත ගසා ගත්තේ තමන්ගේ වෑයම වතුරේ ගිය බව දුටු නිසයි. ඉන් පසු බාස් උන්නැහැගෙ නාට්‍ය රඟදැක්වීමද එතැනින්ම අවසන් විය.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ ආලිංගන රැඟුම දුටු මායියා යක්ෂාවේශවෙලා