X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


සැමියාගේ සුරතලිය බිරියගේ තනියට ගෙනැවිත් ජරමරයක

දරු ප‍්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන ආ ස්වාමි පුරුෂයෙකුට නීත්‍යානුකූල බිරියගේ සහෝදර සහෝදරියන්ගෙන් දෙනෝ දාහක් බලා සිටියදී රෝහල අසල මහා මාර්ගයේ දී අපූරු සංග‍්‍රහයකට මුහුණදීමට සිදුවූ අතර එය නතර කිරීමට හලාවත පොලීසියට සිදුවූ බව කියති. 

මෙම ස්වාමි පුරුෂයා ඔහුට නීත්‍යානුකූල බිරිය තෙවන දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටි අතර පසුගිය කාලයේදී ඒ අතරම ස්වාමි පුරුෂයා වෙනත් ඇසුරක්ද පවත්වා ගෙන යන බව දැනගත් බිරියගේ නැදෑයෝ එම සම්බන්ධතාව නතර කිරීමට කිසියම් උප්පරවැටියක් යොදමින් සිට ඇත.

එම සම්බන්ධය හෙළි නොකර දිගටම පවත්වාගෙන යාමට ස්වාමි පුරුෂයා උප්පරවැට්ටි යොදා ඇති අතර විවාහක බිරියට මෙය දරුණු ආකාරයේ හිත රිදවන්නක් වුවත් සිය සැමියාගේ මෙම හොර වැඬේ අල්ලා ගැනීම ඇයට විශාල ප‍්‍රශ්නයක් වී ඇත. මේ බව ඇය සිය සහෝදර සහෝදරියන්ටද පවසා සිටියත් ඔවුන්ට එම බැඳීම හෙළිකර ගැනීමට නොහැකි වන ආකාරයෙන් දිගටම සැමියා කටයුතු කර ඇත.

මේ අතර බිරිය දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර රෝහලේ වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඇය සිසේරියන් සැත්කමකට භාජනය කළ යුතු බවත් ඒ නිසා ඇගේ උදව්වට කෙනෙකු ඇය සමඟ රැඳවිය යුතු බවත්ය.

මෙහිදී සැමියා කාන්තාවක් ඉන්නවා ඇය ගෙනා හැකි බව සිය බිරියට දන්වා සිටි අතර මෙහිදී බිරිය සැමියා ගෙන එන්නේ ඔහුගේ අනියම් බිරිය යයි සිතා මේ බව සිය ඥාතීන්ට දන්වා ඇත. ඔවුන්ද මේ අනුව විමසිලිමත්ව සිටි අතර සියලූ තතු හෙළිකර ගෙන සැමියා කාන්තාවක් රැගෙන රෝහල කරා එන අතර මග රැුකසිට ඇය නතර කර ප‍්‍රශ්න කළ විට බියට පත් ඇය තමා මෙම සැමියා සමඟ අනියමින් පවුල් කන බව පිළිගත් අතර එහිදී කෝපයට පත් සහෝදර සහෝදරියන් දෙදෙනාටම ඇඟ රත්වන ලෙසින් සංග‍්‍රහයක් කර ඇත.

මේ අවස්ථාවේදී එම ස්ථානයෙන් ගිය පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය දැක ඔවුන් පොලීසියට ගෙන ගිය අවස්ථාවේදී ද අනියම් බිරිය කියා ඇත්තේ තමාට මෙම පුරුෂයා අවශ්‍ය බවයි. පසුව එය විසඳා ගන්නා ලෙසට අවවාද කර ඔවුන් මුදාහැර ඇත.



අදහස් (0)

සැමියාගේ සුරතලිය බිරියගේ තනියට ගෙනැවිත් ජරමරයක

දිනේෂ් Thursday, 21 January 2016 11:44 PM

නුවන් රත්නායකට අම්මලා, සහෝදරියන් නැද්ද? (නි)

:       0       0

සිරිල් Monday, 25 January 2016 05:34 PM

මේක තව කෙනෙක් සතුටු කිරීමක්. ගුටිබැට දෙන්න තරම් දෙයක් නොවෙයි. (නි)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ Sunday, 24 January 2016 06:13 AM

ගොඩේ මිනිස්සු ටිකක්. නුතන සමාජයේ මෙවැනි දේවල් සාමාන්‍ය දේවල්. මෙහි වරදක් නැහැ (බ)

:       0       0

හරින්ද්‍ර Sunday, 24 January 2016 06:19 AM

සමාන අයිතිවාසිකම් ලෑබිය යුතු නිසා කාන්තාවකට පහර දීමේ කිසිදු වරදක් නැත! (බ)

:       0       0

දම්මි Friday, 22 January 2016 11:28 PM

සැමියා මෙච්චර මෝඩද? (නි)

:       0       0

මලික් Friday, 22 January 2016 12:23 PM

නුවන්ගේ සහෝදරියකට මේ වගේ දෙයක් වුණා නම් ඔය විදියට කියලා කරබාගන්නවාද? (නි)

:       0       0

රේණුකා Friday, 22 January 2016 11:45 AM

දරුවෝ 3 ක් ඉන්න තාත්තා කෙනෙක් නේද මේ (හේ)

:       0       0

මලික් Friday, 22 January 2016 09:34 AM

මෙහෙම සමාජයක් තමයි ඉදිරියට බලාරොත්තුවිය හැක්කේ.සමාජය පිරිහිලා.(හේ)

:       0       0

හේමන්ත Friday, 22 January 2016 09:17 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු.(හේ)

:       0       0

ලුම්බිණි Friday, 22 January 2016 04:04 AM

මම දකින විදියට මෙතන වැඩිපුරම වරදකරු ගැහැණිය නොව මිනිහායි. මෙම ගැහැණියට කරදර කළ එක වැරදියි. (නි)

:       0       0

ජයාත් Friday, 22 January 2016 02:37 AM

අනේ මෙහෙමත් මෝඩ සැමියෙක්! (නි)

:       0       0

සරසි Thursday, 21 January 2016 09:31 AM

සමහර පව්කාර කාන්තාවන් ඉපදෙන්නෙම අන් සතු පුරුෂයෙකු පතාගෙන. අපේ ආගමට අනුව නම් ඉතින් ඊළඟ ආත්මයේ කෙලින්ම අපායට තමයි. (බ)

:       0       0

චන්ද්‍රිකා Thursday, 21 January 2016 09:31 PM

මේවට අනෙක් අයට බැනලා වැඩක් නැහැ. බිරිඳ දැනගන්න ඕනෑ සැමියා තමන් ළඟ තියාගන්න (නි)

:       0       0

ගුනවර්ධන Thursday, 21 January 2016 07:31 PM

සරසි මේ කාන්තාව අපායට යනවා නම් නැවත ඉපදිලා එන්න වෙන්නේ ලංකාවටම තමයි , ඒ මොකද අපාය තිබෙන්නේ ත් ලංකාවේම තමයි { කොළඹ කොටුව කිට්ටුව } (රේ)

:       0       0

රත්නායක නුවන් Thursday, 21 January 2016 05:34 PM

බිරිදට සහෝදරියෝ ඉන්නවනම් ඒ කෙනෙකුට රෝහලේ නතරවෙන්න තිබුනනේ. පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා වෙන කෙනෙකුගේ ආදරේ පතන්නේ අවශ්‍ය ආදරය ගෙදරින් නොලැබෙන හන්ද. (‍රේ)

:       0       0

සමන්ත Thursday, 21 January 2016 03:10 PM

මේවට තමා කියන්නේ ඉල්ලගෙන කනවා කියලා (නි)

:       0       0

ඉනෝකා Thursday, 21 January 2016 01:30 PM

පව්කාර ගැහැණු, ඊළඟ ආත්මේ අපායට යන්න පෙර කසාද බිරිඳවයි අසරණ දරුවොයි මිහිපිට අපායක දමා ඉවරයි.නොසන්ඩාල සැමියාට වෙනත් අපායක් හදන්න වෙයි.මෙවැනි අසරණ තත්වයට පත් වුණ කාන්තාවෝ වෙන්න ඕනේ දරුවන්ව කාට හරි බාර දීලා අරාබියට වහල් සේවයට යනවා ඇත්තේ. (බ)

:       0       0

මාධවී Thursday, 21 January 2016 12:32 PM

ලංකාවේ අනියම් ගැහැණු පිරිමි සම්බන්දතා සාමාන්‍ය දෙයක් ලෙස පෙනී යනවා. එතරමට බහුලව සහ ගෙදරට හොරෙන් වුනත් සේවා ස්ථානයට රහසක් නොවන ලෙස ප්‍රසිද්ධියේ මේවා කරගෙන යනවා.(හේ)

:       0       0

ලංකාශ්‍රී Thursday, 21 January 2016 10:45 AM

අපායෙ කැකැරීම අනිවාර්යවේ, මින්පසු මිනිස් ආත්මයක් ලැබුවහොත් නපුන්සක වීම, සමලිංගිකයන් වීම, ස්ත්‍රී ආත්ම පමණක්ම ලැබීම, පුරුෂ ආත්ම නොලැබීම පර ස්ත්‍රී/පුරුෂ සේවනයෙහි විපාක වේ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 January 2016 10:26 AM

පිරිමියා කසාඳ බැඳපු බව දැන දැනත් මේ වගේ නොමග යන ගැහැනුන් ගැන මොනවා කියන්නද ? විලි ලජ්ජා නැතුව තව අයිතිවාසිකමුත් කියල , ලජ්ජා බය නැති කමද ? නැත්නම් වල් කමද ? මොනවා වුනත් කාන්තාවකට පහර දෙන එකනම් බොහොම කැතයි (බ)

:       0       0

ඉනෝකා Thursday, 21 January 2016 10:05 AM

හොර අඹුව, අර අසරණ කාන්තාවගේ සහ දරුවන්ගේ ජීවිතය අපායක් කරලා ඉවරයි. තමන්ගේ බිරිඳට ද්‍රෝහී වී වෙනත් කාන්තාවන් පසුපස ගිය පව්කාර සැමියා ස්වර්ගයටද යන්නේ...? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site