(කැළණිය ලාල් එස්. කුමාර)
ගෙවත්තේ වැඩට පැමිණි කම්කරුවාට බීමට දුන් පැණිබීම බෝතලය නිසා සිය සැමියාගේ මත්පැන් බීමේ උපක්‍රමය අල්ලාගත් කාන්තාවක පිළිබඳව පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
අඹුසැමි යුවළකි. ඔවුන්ට දරුවන් දෙදෙනකි. කල්යාමේ දී සැමියා මත්පැන්වලට ලොල් වූයේය. රැකියාවට ගොස් සවස පැමිණෙන ඔහු යහළුවන් සමග එක්ව මත්පැන් පානයට එක් වන්නේය. ටික දිනක් ගතවන විට මේ නිසා පවුලේ අඩ දඬර ඇතිවිය. දරුවන්ගේ ඉල්ලීම මත පියා මත්පැන් බීම අත් හැරීමට පොරොන්දු වූයේය. එහෙත් එය එක්වරම අත්හැරීමට නොහැකි වූ නිසා ඔහු එක්තරා පැණිබීම වර්ගයක් පාවිච්චි කිරීමට පුරුදු වූයේය. ඔහු දිනක් ලිටර් 1 පැණිබීම බෝතලයක් රැගෙන ආවේය. එයින් විදුරුවකට දමා දරුවන්ට ද දුන් නමුත් ඔවුන් එම බීම වර්ගයට අකමැති බව පැවසු අතර බිරිඳ ද එය ප්‍රතික්ෂේප කළාය.
එම පැණිබීම බෝතලය ශීතකරණයේ තැබූ ඔහු දින කීපයක් පානය කිරීමෙන් පසු අවසන් විය. නැවතත් එම වර්ගයේම බීම බෝතලයක් රැගෙන පැමිණි ඔහු ඊට මත්පැන් මිශ්‍ර කර තිබුණේ නිවසේ කිසිවකුත් එම බීම පානය නොකරන බව දන්නා හෙයිනි.
මේ අයුරින් ඔහු නැවත මත්පැන් බීමට පුරුදුව සිටි නමුත් නිවසේ කිසිවකුත් එය දැන සිටියේ නැත. මාසයකට වැඩි කාලයක් ගතවිය.
ගෙවත්තේ වල්පැළ වැවී ඇති බැවින් ඒවා ශුද්ධ පවිත්‍ර කිරීමට ඔහු කම්කරුවකුට පණිවිඩයක් යැව්වේය. දිනකට පසු කම්කරුවා පැමිණි අතර එදින ඔහුට අතිකාල රාජකාරියේදී තිබුණ බැවින් සේවයට ගිය අතර කම්කරුවාට ගෙවත්ත සුද්ධ පවිත්‍ර කරන ලෙස උපදෙස් දී ඔහුට දිවා ආහාරය ද දෙන ලෙස තම බිරියට පැවසීමෙන් පසුවය.
කම්කරුවා වැඩ කරන අතර තුරදි බිරිඳගෙන් බීමට වතුර ටිකක් ඉල්ලා සිටියේය. ඇය තම සැමියා පානය කරන බීම විදුරුවක් කම්කරුවාට ලබාදුන් අතර ඔහු එය පානය කිරීමෙන් පසු මත්ගතියක් ඇති බව දැනි ‘‘නෝනා නියම බීමක් තව ටිකක් තිබුණ නම් මරු’’ යැයි පැවසීය. කාරණය තේරුම් ගත් ඇය ඉතුරු බීම ටිකත් ඔහුට දුන්නාය. සැමියාගේ උපක්‍රමය ඇයට හසුවීම නිසා එදිනෙන් පසු සැමියාගේ පැණි බීම පානයද නැවතුණි
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ ‘සූර් සූත්තරේ’ බිරිඳට අහුවෙලා