(ලුණුවිල ආර්. ප්‍රනාන්දුපුල්ලේ)
වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ එක්තරා ගමක වයස අවුරුදු 50 ක් පමණ වන පුද්ගලයකුගේ මුවේ ඉහළ දත් පෙළ දිරායාම හේතුවෙන් එම ඇන්දේ සියලුම දත් ඉවත්කර පෞද්ගලික වෛද්‍යවරයකු ලවා වැඩි වියදමක් දරා ඔහු දත්ඇන්දක් දමාගත්තේය.
රාත්‍රි නින්දට යනවිට දත්ඇන්ද ගලවා තබා උදෙන්ම අවදිවී එය පිරිසිදු කරගෙන පැළද ගැනීම පුරුද්දක් විය. තම නිවසට මඳක් ඈතින් ඇති පෞද්ගලික වැඩපළක දිනපතා රැකියාවට යන මොහු එම ආයතනය අසල ඇති ආප්ප කඩෙන් උදේ ආහාරය ගන්නා අතර සෑමවිටම දත්ඇන්ද ආරක්ෂා කර ගනිමින් හා එය ගිලී කුසතුළට නොයාමට වගබලාගත්තේය.
දිනක් ඔහු හදිසියේ නිවසින් පිටත්ව සේවයට ගියද තමන් නිදාසිටි ස්ථානයේ ගලවා තිබූ දත් ඇන්ද අමතකවීගොස් තිබුණි. එහෙත් ඔහුගේ අදහස වී තිබුණේ තමා දත්ඇන්ද පැළඳ පැමිණි බවකි. එදින ආප්ප කඩයට ගොස් ආප්පයක් කමින් සිටි ඔහුට එම ආප්පවල තිබුණු පුංචි පොල්කටු කැබැල්ලක් වැනි දෙයක් හැපී එය ගිලී ඇති අතර එක්වරම ඔහු තම දත් ඇන්ද අතගා බැලූවිට එය මුවේ නොතිබූ හෙයින් ඔහු සිතාගත්තේ ආප්පත් සමග තම උඩු දත්ඇන්ද ගිලී කුසතුළට ගිය බවකි.
මේ වනවිටත් ඔහුගේ දත් ඇන්ද තිබී ඇත්තේ ඔහුගේ නිවසේය. ‘‘අනේ මගේ දත් ඇන්ද ගිලුණා කියා මරහඬදී කෑගසද්දී ගම්වාසීන් ඔහු පෞද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙන ගියද ඔහුගේ කෑගැසීම නතරකරගත නොහැකි විය. එම පෞද්ගලික වෛද්‍යවරයා කීවේ එක්ස්රේ එකක් අරන් බැලුවොත් සුදුසු බවය.
ඔහු එක්ස්රේ ගැනීමට සූදානම්ව කෑගසමින් එම ස්ථානයේ වූ ඇඳක දිගාවී සිටියදී තම සැමියාව රෝගාතුරව මීගමුවට රැගෙන ගොස් ඇති බව දැනගත් නිවසේ සිටි බිරිඳ තම සැමියා අමතක කරදමා තිබූ දත්ඇන්ද ද කඩදාසියකින් ඔතාගෙන සැමියා සිටි ස්ථානයට පැමිණියාය. මරහඬදී කෑගසමින් සිටි සැමියා අනේ මගේ දත්ඇන්ද ගිලුණා’’යි ඇයට පවසත්ම බිරිඳ නිවසේ තිබී රැගෙන ආ දත්ඇන්ද සැමියාට පෙන්වා ඇත.
ඔහු එක්වරම ඇඳෙන් බිමට පැන ‘‘අනේ සර් මගෙ දත්ඇන්ද ගිලිල නෑ. ඒක ගෙදරයි තිබිල තියෙන්නෙ කියමින් දිවයන්නට වූ අතර ඔහුගේ බිරිඳ සිදුවී ඇති අතපසුවීම ගැන වෛද්‍යවරයාට කරුණු කියා වාහනයකින් ආපසු නිවස බලා පැමිණ ඇත්තේ මෝඩ සැමියාට බැන වදිමිනි. දත්ඇන්ද පළඳින තම සැමියාට සිදුවූ සිද්ධිය ගමපුරා ආරංචි වීම නිසා සැමියාත් බිරිඳත් මාස කීපයක්ම නිවසින් පිටතට ගොස් නැති බවද වාර්තාවේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාට ආප්ප එක්ක ගිලුණ දත් අැන්ද බිරිඳගේ අතේ