(ගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ)
කළුතර දිස්ත්‍රික්කයේ දකුණු පළාත් මායිමට ආසන්න ගම්මානයක එක්තරා නිවසක වූ සිදුවීමකි.
මෙම නිවසේ ගෙහිමියා වූ සරත් යම් අවශ්‍යතාවක් සඳහා කඩමංඩියට යෑමට සිය යතුරු පැදිය පණගැන් වූ අවස්ථාවේ දහවල් ආහාර පිසීමේ කටයුතු කරමින් සිටි බිරිය මුළුතැන් ගෙයින් එළියට බැස බෝතලයක් ද රැගෙන දුවගෙන විත් පවසා සිටියේ පොල්තෙල් අවසන් බවත්, හැකි ඉක්මනින් පොල්තෙල් බෝතලයක් හෝ භාගයක් රැගෙන එන ලෙසත්ය.
හිස් බෝතලේ ද රැගෙන යතුරු පැදියේ නැගුණු සරත්.. තමන් නිරතුරුව නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා සිල්ලර කඩය ඉදිරියේ නැවැත්තූ යතුරුපැදිය උඩ ඉඳගෙනම ” සුනිල් අයියා මේකට පොල් තෙල් බෝතලයක් දාලා තියන්න මම විනාඩි දහයෙන් එන්නම්” යැයි කියමින් වෙළෙඳසල් හිමියා වෙත බෝතලය දිගු කළේය.
එම අවස්ථාවේ වෙළෙඳසලේ සිටි තවත් ගනුදෙනුකරුවකුගේ ගනුදෙනු බේරෙන ගමන්ම බෝතලය අතට ගත් සුනිල් මුදලාලි මහතා ”හරි හරි මල්ලි මම දාලා තියන්නම් ”යයි කීවේය.
සරත් තමන් කඩමණ්ඩිය වෙත පැමිණි අවශ්‍යතාව සපුරා ගෙන ආපසු එන ගමන් පොල් තෙල් බෝතලය ද රැගෙන නිවසේ මුලුතැන් ගෙයට විත් තෙල් බෝතලය සිය බිරිඳගේ අතට දුන්නේය.
බිරිඳ විසින් කල් ඇති ව සකසා තිබූ කරවල බැදුම තෙම්පරාදු කිරීම සඳහා වූ භාජනය ගෑස් ළිපමත තබා ගිනි අවුලා පොල්තෙල් ස්වල්පයක් එයට දානවිටම ඉන් නිකුත්ව නුහුරු ශබ්දයත් සමග..”මේ පොල් තෙල් දැයි”වහා සැමියාගෙන් විමසුවාය.
බිරිඳ අත තිබූ බෝතලයේ කට තම නාසයට ළංකළ සරත් ගේ දෑස් උඩ ගියේය. බෝතලයේ මූඩිය තද කර එයත් රැගෙන යතුරුපැදියේ නැගුන සරත් වහා පොල් තෙල් මිල දී ගත් කඩය වෙත ගොස් ”සුනිල් අයියා මේක නහයට අල්ලල බලන්න යයි” කියමින් බෝතලය දිගු කළේය.
සුනිල් මුදලාලි මහතා ද බෝතල් මූඩිය ගලවා නහයට ළංකර, සරත් දෙසත්, තෙල් බෝතලය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ කාරණය තේරුම් ගත නො හැකි බව ඉඟි කරමිනි.
”සුනිල් අයියා මං ඉල්ලුවේ පොල් තෙල් කරෝල බදින්න වයිෆ් ඕකෙන් ටිකක් ළිපේ තිබුණු රත්වුනු තාච්චියටත් වැක්කෙරුවා .” යයි සරත් කියනවාත් සමග සුනිල් මුදලාලිගේ ද දෑස් ද උඩ ගියේය.
”අනේ මල්ලි මාස්ක් එකක් දාලා හිටිය හින්දා වෙන්න ඇති මට ඇහුණේ භූමිතෙල් බෝතලයක් දාලා තියන්න කිව්වා කියල.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියා ගෙනා තෙල වැරදී බිරිඳ අමාරුවේ
සිමයියා Saturday, 31 July 2021 09:56 AM
පොල්තෙල්, භූමිතෙල් අඳුරගන්න බැරි මිනිස්සු ඉන්නවා..! කියන එකටයි මට නම් හිනා ගියේ...!!!
kumarageSunday, 01 August 2021 12:14 AM
මුදල් ගෙවද්දී දැනෙන්නැද්ද මොනවද ගත්ත තෙල් බෝතලේ කියලා.