X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සැමියා සර්පයකු වෙලා

(හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්)
තම සැමියාගේ අන්වර්ථ නාමය නිසා සැබවින්ම සර්පයකු දෂ්ඨ කළ බිරියක පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


මෙම ගම්මානයේ කුලී වැඩ කරමින් ජීවත් වූ මැදිවියේ පුද්ගලයකුට ‘සර්පයා’ යන අන්වර්ථ නාමයක් පටබැඳී තිබුණේ කුමන හේතුවක් නිසා දැයි ඔහුවත් දන්නේ නැත. ‘සර්පයා’ යන නාමය පට බැඳ තිබුණද ස්වභාවයෙන්ම ඔහු අහිංසක පුද්ගලයකි. 


ඔහුගේ බිරිය ද අහිංසක කාන්තාවක වූ අතර තම සැමියාට මේ අන්වර්ථ නාමය පටබැඳුණේ ඇයිද යන්න ඇයද නොදත්තාය. කෙසේ වෙතත් ගමේ බොහෝ පිරිස් ඔහු නිතර ඇමතුවේ ‘සර්පයා’ යන නමිනි. නමුත් ඔහුට හෝ බිරියට එයට අබමල් රේණුවක තරම් වත් තරහක් ඇති වූයේ නැත. ඔවුහු එය ඔහුගේ සැබෑ නම තරමටම පිළිගත්තෝය. 


 පසුගිය දිනෙක මෙම බිරිය තම ඥාති පුතකුට කීවේ ගෙවත්තේ පහළ ගහක ඇති කොස් ගෙඩියක් කඩාගත යුතු බවයි. එතරම් උස් නොවූ එම ගහේ ඇති කොස් ගෙඩිය කඩා දෙන්නට ඔහු එක් වරම කැමති වූයේ ගස් නැගීම ඔහුට මහ කජ්ජක් නොවූ බැවිනි. ඔහු සමඟ මෙම කාන්තාව ද ගහ අසලට ගිය අතර වැස්ස හේතුවෙන් වත්ත තෙත බරිත වී තිබිණි. තෙත ගතිය නිසාම විවිධ කෘමින් සහ සතුන්ද වත්තේ දක්නට හැකිවිය. ඇය ගසට මඳක් දුරින් සිටියදී තරුණයා ගසට නැංගේය. 


‘නැන්දා මේ ගෙඩිය’ දැයි කියාම ඔහු පහළ සිටි නැන්දා දෙස බැලීය. 


එවිට ඔහු දුටුවේ නැන්දා අසල සර්පයකු කැරකෙන බවයි. 


‘නැන්දා අන්න සර්පයා’ යැයි ඔහු කෑ ගැසීය. මේ කියන්නේ තම සැමියා ගැන යැයි සිතූ ඇය ‘ආ එයා මෙහාටත් ආවද’ යි කිසි ගාණක් නැතිවම කීවාය.‘ නෑ නැන්දා සර්පයෙක් සර්පයෙක්. නැන්දට කරදරයක් කරයි’ කියා කෑ ගැසීය. ‘එයාගෙන් ඉතින් කවදද මට කරදර නැත්තේ’ යළිත් ගාණක් නැතිවම ඇය කීවාය. තවදුරටත් කතා කරන්නට ඉඩ නොවූ අතර සර්පයා එක වරම ඇගේ කකුලට දෂ්ට කළේය. තමන් පසුපස සැබෑම සර්පයකු සිටි බව ඇය දැනගත්තේ එවිටය.


එම සර්පයා එතරම් විස සහිත සර්පයකු නොවූ නිසා බිරියට කිසිදු හානියක් සිදු නොවීය.

 



අදහස් (0)

සැමියා සර්පයකු වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site