කොළඹ ප්‍රධාන රෝහලකි. අවේලාවේ පැමිණි මෝටර් රියක් වෛද්‍යවරුන්ගේ රථ ගාලේ නතර කළේ කිසිදු අවසරයක් නැතිවයි. රෝහලේ ආරක්ෂක සේවකයකු වේගයෙන් එදෙසට දිව ගියේය. ‘‘මහත්තයා මෙතැන වාහන නවත්වන්න පුළුවන් දොස්තර මහත්වරුන්ට විතරයි. ලෙඩුන් බලන්න එන අයට වාහන නවත්වන්න තැනක් වෙන් කරලා තියනවා.” ආරක්ෂක භටයා කරුණු පැහැදිලි කළේය. ‘‘දන්නවද මං කවුද කියලා. මං ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙක්. මට මෙතැන වාහන නවත්වන්න කාගෙවත් අවසර ඕන නෑ,” යැයි පැවැසූ ඔහු ලෙඩෙක් බලන්නට රෝහල ඇතුළට යන්නට උත්සාහ කළේ ආරක්ෂක භටයාගේ වචන තඹේකටවත් මායිම් නොකරමිනි. ”මහත්තයා මේ ලෙඩුන් බලන වෙලාවක් නෙමෙයි. ඔබට යන්න දුන්නොත් අපේ රස්සාවත් ඉවරයි.” රෝහල් සේවකයා මග හරස් කරමින් පැවසීය. යක්ෂාවේශ වූ ප්‍රභූ ආරක්ෂකයා, ”මං නවත්වන්න තමුන් කවුදැ” යි විමසා රෝහල් සේවකයාගේ කනට පහරක් ගැසීය. ප්‍රභූ ආරක්ෂකයාගේ ඔරලෝසුව වැදී රෝහල් සේවකයාගේ කන තුවාල වී ලේ ගලන්නට විය. මේ කලබලය දුටු සෙසු රෝහල් සේවකයෝ ද, වෛද්‍යවරු ද එතැනට පැමිණියහ. සිංහ වෙස්ගෙන සිටි ප්‍රභූ ආරක්ෂකයා වෛද්‍යවරුන්ගේ සහ රෝහල් සේවකයන්ගේ විරෝධය හමුවේ අසරණ විය. අවසානයේ මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කෙරිණි. පොලිසියට ගිය ප්‍රභූ ආරක්ෂකයා, ”මේක සමාදාන කරගනිමු. දුර දිග ගියොත් මගේ රස්සාවත් ඉවරයි,” කියමින් පින්සෙන්ඩු වන්නට විය. පොලිසියේ දී සමාව ගත් ප්‍රභූ ආරක්ෂකයාට තුවාල ලැබූ රෝහල් සේවකයා වෙනුවෙන් රුපියල් 5000ක වන්දියක් ද ගෙවීමට සිදු විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංහ වෙස්ගත් ප්‍රභූ ආරක්ෂක අන්තිමේ බලූ කුක්කකු වෙලා
නසාර් Tuesday, 11 September 2012 05:05 PM
ගුටිකෑවත් මොකෝ මුදල් ලැබෙනවා නම් (නි)
ජයී Monday, 10 September 2012 07:15 PM
මෙවැනි සුළු දෙයකට කුපිතවී, නීති ගරුක සේවකයකුගේ බැගෑපත් ඉලිලීමට අවනත නොවී, නීති කඩකරමින් අමානුෂික ලෙස ඔහුට පහරදුන් මේ ප්‍රභූ ආරක්ෂකයාට සිංහයින්ගෙන් පමනක් නොව බලුකුක්කන්ගෙන්ද ඉගෙනගතයුතු විශේෂ දෙයක් ඇත. ඒ සතුන් පොරකෑමේදී තමා යටතට වැටුනු බැගෑපත්වූවනට කිසිටිටක සපා කෑමක් නොකරති. සත්ව ලෝකයේ ඇති මෙවැනි උසස් ගුණධර්ම බොහෝ මිනිසුන් ලඟ දකින්නට නැතිවීම ඉතාමත් කණගාටුදායකය. (දී)
රාළහාමි Monday, 10 September 2012 07:26 PM
ඕකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. හෙට තවත් තැනකට ගිහින් තව කවුරු හරි අහිංසකයෙක්ට ඔය වගේම ගණන් පෙන්නාවි. (දී)
ඩක් Monday, 10 September 2012 07:42 PM
ගොඩින් බේරා ගත්ත එක වැරදියි. ඒ සේවකයත් හිතල තියෙන්නේ තමන් ගේ වාසිය විතරයි. මේවැනි සිදුවීම් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි. නීති මගින් දඩුවම් දියයුතුයි.... (දී)
චිකී Tuesday, 11 September 2012 02:26 AM
අමතක වෙලා වගේ මේ ලංකාවයි කියලා. (නි)
සමන් Tuesday, 11 September 2012 03:19 AM
මේ වගේ අහිංසකයන්ට තමයි ඉතිං ගහන්නේ. (නි)
සම්පත් Tuesday, 11 September 2012 12:12 PM
ඔය වගේ වැඩ කරන අය නීතිය ඉදිරියට ගෙනගොස් දඩුවම් කරන්න ඕන. නැත්නම් කොච්චර කිව්වත් සමාව ගත්තත් හැදෙන්නේ නැහැ..!!(නු)
රත්න Tuesday, 11 September 2012 01:40 PM
ඔය කියන ප්‍රභූ ආරක්ෂකයාගේ නම කියන්න බැරිද? (නි)
සජී Tuesday, 11 September 2012 04:57 PM
අයියෝ! බලු වෙනවා කියලා ඔහොමත් බලු වෙනවද අප්පා? (නි)
අමිල කටුනායක Monday, 10 September 2012 06:48 PM
සිංහයා බලු වේ (දී)
අනුර Tuesday, 11 September 2012 05:31 PM
පොලිසි වලත් ඉන්නවා හරියට කතාකරන්න නොදන්න කට්ටිය (නි)
සේපාලි Tuesday, 11 September 2012 07:10 PM
මේ අය හිතන්නෙ නැහැ එයාලත් සිවිල් සමාජයේ අයමයි කියලා (නි)
දිලිප් Wednesday, 12 September 2012 08:18 PM
අනේ මට තියෙන දුක තමයි, රෝහල් ආරක්ෂකයා මේ වෙද්දී ජීවතුන් අතර ඉන්නවද කියන එකයි. (නි)
අසේල Thursday, 13 September 2012 01:39 AM
කොහොමත් කටු කන බල්ලා තමයි පොළොවට අඩියක් උඩින් යන්නේ. (නි)
කුරේ Thursday, 13 September 2012 11:10 AM
මෙයාට නමක් නැද්ද? මෙහෙම වැඩඩ කරන අයගේ නම් මින්පස්සේ පත්තරේ දාන්න. නැත්නම් ප්‍රවෘත්තිය වැඩක් නැහැ. (නි)
ප්‍රභා Friday, 14 September 2012 02:57 PM
සිංහයෝ කවදහරි බලු වෙනවා තමයි...(ස)
බන්දුල Friday, 14 September 2012 09:05 PM
ඔයවගේ ඔලුව ඉදිමුණු නිලමැස්සන් රැසක්ම අද රටේ බෝවෙලා ඉන්නවා. (නි)
හරීන් Saturday, 15 September 2012 01:17 PM
දැන් කාලේ තියෙන ෆිල්ම් බැලුවම සමහර මිනිස්සුන්ට ඔය වගේ දේවල් කරන්න හිතෙනවා....(ස)
ජනක Monday, 10 September 2012 12:25 PM
අතක් පයක් කඩලා දාන්නයි තිබුණේ. (නි)
වරුණ Monday, 10 September 2012 10:32 AM
ඔයිට කලිනුත් මේ වගේ කෙනෙක් ටොරින්ටන් පැත්තෙන් හොඳට කෑවා...(ස)
සුමන Monday, 10 September 2012 10:42 AM
අපරදේ මේ වගේ කෙනෙක්ට සමාව දුන්නේ....(ස)
අසාර් Monday, 10 September 2012 11:01 AM
අපිට නම් හෙළිකරන්න (නි)
අසාර් Monday, 10 September 2012 11:09 AM
අපිට තව විස්තර දෙන්න (නි)
යොහාන් Monday, 10 September 2012 11:04 AM
මේවට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා...(ස)
සෙනරත් Monday, 10 September 2012 11:46 AM
මෙයාලගේ තියෙන නැහැදිච්චකම තමයි පෙනෙන්නේ. (නි)
සිරී Monday, 10 September 2012 11:55 AM
සිංහ නාදේ බලු කෙදිරිය.....(ස)
අරෝෂා Monday, 10 September 2012 12:01 PM
හොඳ වැඩේ ලොකු කම් පෙන්වන්න යනවට...(ස)
සරත් Monday, 10 September 2012 09:48 AM
එක්කෙනා ගානේ හරි කමක් නෑ හැදෙනවානම්...(ස)
දර්ශන Monday, 10 September 2012 12:55 PM
10000 ලැබුණනම් හොඳයි...(ස)
චන්ද්‍රසිරි Monday, 10 September 2012 01:34 PM
මේ වගේ අය සමාජයේ ඕනතරම් ඉන්නවා...(ස)
ලංකා Monday, 10 September 2012 02:01 PM
එතකොට අර රෝහල් ආරක්ෂකයාගේ ගරුත්වයට වෙන්නේ මොකක්ද? (නි)
සශීමාල් Monday, 10 September 2012 02:03 PM
හොඳ වැඩේ...(ස)
හර්ෂණ Monday, 10 September 2012 02:38 PM
ප්‍රධාන හේතුව නූගත්කම (නි)
දිල්ෂාන් Monday, 10 September 2012 04:08 PM
ගොඩක් හොඳ වැඩක්...(ස)
රංජිත් Monday, 10 September 2012 05:34 PM
රෝහල් සේවකයාට අවුරුදු වගේ ඇති. (දී)
නුවන් Monday, 10 September 2012 05:44 PM
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ... (දී)