X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සීයා ඇන්දවූ මුණුබුරාට දවල් තරුත් පෙනිලා

(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
වියපත් යුවළකට උදවුවක් කිරීමට යතුරුපැදියෙන් ගොස් ත්‍රිරෝද රියකින් පැමිණි බව අඟවා ඔවුන්ගෙන් වාහන කුලිය වශයෙන් වැඩි මුදලක් ලබාගැනීමට උත්සාහ කළ මිතුරන් දෙදෙනෙකුට සිදුවූ අලකලංචියක් පිළිබඳව අගනුවරට ආසන්න ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


විශ්‍රාමික ගුරු යුවළකි. තමන්ගේ වත්ත පිරිසුදු කරවා ගැනීමට සහ වත්ත වටා ඇති ඉණිවැට අලුත්වැඩියා කරවා ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට ඇතිවිය.


එම කටයුත්ත කුලීකරුවකුට බාර දෙනවාට වඩා තමන්ගේම කෙනෙකු ලවා කරවා ගැනීම වඩා ලාභදායී සහ විශ්වාසවන්ත යැයි සිතූ විශ්‍රාමික ගුරු මහතා කිලෝමීටර් හත අටක් ඈතින් සිටින තමන්ගේ තරුණ මුණුබුරෙකුට දුරකතනයෙන් මේ පිළිබඳව දැනුම් දුන්නේය.


“හරි හරි සීයෙ අපි හෙට එන්නං” කියූ මුණුබුරා තමන්ට පැමිණීමට වාහනයක් නම් නොමැති බවද පැවසීය.


“වීල් එකක් අරං එන්න, මං හයර් එක දෙන්නම්” ඊට පිළිතුරු දෙමින් සීයා පැවසීය.


තරුණයා මේ කටයුත්තට යාම සඳහා තම මිතුරෙකුට ද ආරාධනා කළේය. ඇරයුම පිළිගත් මිත්‍රයා තම යතුරුපැදියෙන්ම ගමන යාමට ද යෝජනා කළේය.


පසුදින උදෑසනම ගමන පිටත් විය. මඳ දුරක් යද්දී මුණුබුරාට සිහි වූයේ යතුරුපැදියෙන් ගොස් සීයාගෙන් ත්‍රිරෝද රථ ගාස්තුවක් ලබාගැනීම එතරම් හොඳ මදි බවයි. ඔහු මේ බව මිතුරා සමඟ පැවසීය.


“හරි බං, අපි සීයලගෙ ගෙවල්වලට මෙහායින් බයික් එක හංගමු, ත්‍රීවීල් එකකින් ඇවිත් බැහැල යන විදියට සීයලගෙ ගෙදරට යමං, වැඬේ ගොඩනේ”_ මිතුරා උපක්‍රමය කීවේය.


 ඒ අනුව සීයලාගේ නිවෙසට මඳක් මෙපිටින් තිබූ අතහැර දමන ලද නිවෙසක පිටුපස යතුරුපැදිය නවතා හෙල්මට් දෙකද එහි රඳවා සීයලාගේ ගෙදරට ගිය දෙමිතුරෝ හවස දෙක තුන වනතුරු වැඩකළේ අත්තම්මාගේ ඉහළ සංග්‍රහ සත්කාර ද භුක්ති විඳිමින්ය.


සීයාටත් අත්තම්මාටත් වැඳ නමස්කාර කළ දෙදෙනා ආපසු ඒමට පිටත්වූයේ ත්‍රිරෝද රථ ගාස්තුවට අමතරව සීයා ලබාදුන් සන්තෝසම් මුදල ද සාක්කුවේ දමාගෙනය.


සීයා ඇන්ඳ වූ ඇන්දිල්ල ගැන පාරම්බාමින් පැමිණි දෙදෙනාට දෙවියන් සිහිවූයේ යතුරුපැදියේ රඳවා තිබූ හෙල්මට් දෙකෙන් එකක් අතුරුදන්ව ඇති බැව් දැක්කාමලු._

 



අදහස් (0)

සීයා ඇන්දවූ මුණුබුරාට දවල් තරුත් පෙනිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site