කාර්යාලය මගින් සංවිධානය කළ විනෝද චාරිකාවකට එක් වී ගමන ආරම්භයේදීම පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකු ජනප්‍රිය ගීතයක් උච්ඡස්වරයෙන් ගායනා කිරීමට ගොස් හක්ක පන්නා ගැනීම නිසා චාරිකාව පසෙක තබා ඔහුගේ මිතුරු පිරිසට පැය කීපයක් රෝහලක රස්තියාදු වීමට සිදු වූ බව කියවෙන පුවතක් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ප්‍රදේශයේ එක්තරා ආයතනයක් වසරක් පාසා දින දෙකක විනෝද චාරිකාවක් සංවිධානය කරයි. මෙවර ද ඊට එක් වූ පිරිමි පාර්ශ්වය කල්තබාම මත්පැන් බෝතල් කීපයක් මිලදී ගත්තේ අතරමගදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් එල්ල වන විරෝධතාව දන්නා නිසාය. කාලය එන තෙක් ඉවසා සිටිය නොහැකි වූ කීප දෙනකු උදෑසනින්ම බෝතලයක් හිස් කළේ ගමන ආරම්භ වන්නටත් මත්තෙනි. තවදුරටත් අවශ්‍යය අඩුම කුඩුමද රැගෙන බස් රථයේ පසුපසට ගිය පිරිස පැරණි ගීත කීපයක් ගායනා කරමින් සංගීතයකට මුල පිරුවේ ගමනට සහභාගී වූවන්ටත් පුංචි විනෝදයක් එක් කරමිනි.
මේ අතර එහි සිටි පදම ඉක්ම වූ මැදිවියේ පුද්ගලයකු මේ දිනවල රූපවාහිනී නාළිකාවක විකාශය වන හින්දි ටෙලි නාට්‍යයක තේමා ගීතය ගැයීමට සූදානම් වූයේ තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් කර ගනිමිනි. තම සියලු හැකියාවන් පෙන්වමින් එහි ස්වර හැසිර වූ ඔහුට විටෙක ඒ සඳහා අසුනෙන් නැගිටීමට
පවා සිදුවූයේ ගීතය ඒ තරමටම ගායනා කිරීම අපහසු නිසාය.
උච්ඡස්සවරයෙන් ගීතය ගායනා කළ හෙතෙම කීප විටක්ම තම හකු ප්‍රදේශයට අත යවමින් ගීතය ගායනා කළේය. අවසානාවක තරම, මොහොතක් ගතවෙද්දී ඔහු ගීතය නවතා මර හඬ තලන්නට වූයේ තම අතපයද එහේ මෙසේ විසුරවමිනි. කලබැගැනිය කුමක්දැයි සොයා බලද්දී මිතුරු පිරිසට දැන ගන්නට ලැබුණේ මිතුරාගේ හක්ක පැන ඇති බවකි. අතර මග හමු වූ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර රැගෙන යළි පිරිස පිටත් වනවිට ඉර මුදුන් වීමටද ආසන්න වෙමින් පැවැතිණ.
(වියලුව වාර්තාකරු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සූර්පිට උච්ඡ ස්වරය අල්ලද්දී හක්ක පැනලා
රාධා Tuesday, 23 August 2016 11:59 PM
දැන්නම් ඈනුමක් ගියත් හක්ක පනිනවා. ඇනුම් පිටකිරීමේදීත් වැඩිය කට අරින්න එපා. (නි)
මහේෂ් Wednesday, 24 August 2016 01:15 PM
රාධා, ඈනුමක් යැවීමේදී කොහෙත්ම හක්ක පැනීමක් සිදුවිය නොහැක. (නි)
එඩ්වඩ් Thursday, 25 August 2016 04:51 PM
වෙරි හිඳෙන්න ඇති (නි)
බටගල Sunday, 28 August 2016 03:39 PM
ආයෙත් නම් මෙහෙම මෝඩ වැඩ කරන්න යන එකක් නැහැ (නි)