නිල ඇඳුම සහිත රාජකාරියක යෙදෙන දෙදෙනෙක් සවස සේවා විවේකය අතරතුර හමුවූහ.
රජරට ප්‍රධාන නගරයේ මූලස්ථානයක් අසල රාජකාරි කරන මේ දෙදෙනා සේවා විවේකයෙන් පසු නිවෙස් බලා යාමට පෙර මධුවිතෙන් සප්පායම් වීමට කතිකාවේ යෙදුණි. මේ හිතවතුන් දෙදෙනා අවන්හලකට ගොස් මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වූ අතර එක් අයකුට පදම වැඩි වී තිබිණි. තම හිතවතාට තරමක් වැඩි වෙරිමතක් තිබෙන බව අවබෝධ කරගත් අනෙක් තැනැත්තා ඔහුට නිවෙස බලා යාමට පහසුවන අයුරින් බස් නැවතුම කරා තම යතුරු පැදියෙන් ඇරලවීමට කටයුතු කළේය.
තම හිතවතා මගී බස් නැවතුමට ඇරල වූ අනෙකා යතුරු පැදියෙන් ගෙදර යන්නට ගියේය. බස් නැවතුමේ සිටි අනෙක් තැනැත්තා මද වේලාවකට පසු බස් රියට ගොඩනැගුනේ නිවෙස බලා යාමේ අටියෙනි. වෙරි මත වැඩිකමට ඔහුට බස්රිය අසුනේම නින්ද ගියේය. සැතපුම් පහක් පමණ දුර ගිය පසු ඔහුට ඇහැ ඇරිණි.
ඒ අතර වටපිටාව විපරම් කරමින් බලද්දී ඔහුට අමුත්තක් දැනිණ. මෙය තම නිවෙස පැත්තට යන බස් රිය නොවන බව ඔහුට තේරුම් ගියේය. බස් රියේ සීනුව නාදකර එය නැවැත් වූ පස ඉන් බැසගත් ඔහු තම ආයතනයට සම්බන්ධ ඒ ප්‍රදේශයේ සේවා ස්ථානයට ගොඩ විය. තමන්ට වූ ඇබැද්දිය කියූ පසු එම ස්ථානයේ අධිපතිගේ නියමය අනුව මේ හිතවතා වෙනත් කෙටි මගක් හරහා නියමිත බස්රියට ගොඩ නැංවීය. ඔහු නිවෙසට යන විට බොහෝ රෑ බෝවී තිබුණි.
පමාවට හේතුව බිරිඳ ඔහුගෙන් විමසුවාය. තමන්ට වූ ඇබැද්දිය ඔහු බිරියට කීවේය. මෙම සිද්ධියෙන් පසු තම ස්වාමිපුරුෂයා නිවෙසට එන බව දුරකථනයෙන් බිරියට දන්වන අවස්ථාවලදී ”අද නැග්ගේ හරි බස් එකට දැයි” අසනවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සූර්පිට ගෙදර යන්න ඇවිත් පිට පළාතක බසයක නැඟලා
පිටබැද්දර ජයා Wednesday, 10 February 2016 05:18 AM
මෙන්න අදහන්න ඕන කාන්තාවෝ ජය වේවා කිව !(ම)
ගයාන් Wednesday, 10 February 2016 11:25 AM
පුඤ්ඤසෝම මහත්තයෙක් වගේ පේන විදිහට. (අ)
අජිත් Wednesday, 10 February 2016 01:33 PM
ඇත්තටම හොද බිරිදක්. තමන්ගේ මනුස්සය ගැන හොයාබලන ගුණයහපත් කාන්තාවක්. (බ)
ධම්මි Wednesday, 10 February 2016 01:47 PM
නොවැරදීම පොලිස්කාරයො දෙන්නෙක් වෙන්න ඇති (බ)
බණ්ඩාර රුසියාව Wednesday, 10 February 2016 05:24 PM
කියන්නත් ලැජ්ජයි. ඒත් කියන්නම්. කවුරුහරි පාඩමක් ඉගෙනගනිවී. මම කොල්ලා කාලේ හොටෙල් රෙස්ටුරන්ට් කිහිපයකින් හොඳටම බීලා ගෙදර ආවා. අන්තිමට බීපු තැනවත් මතක නැහැ. ගෙදර ආ විදිහවත් දන්නේ නැහැ. පහුවදා හැමතැනටම කෝල් කරලා මිතුරන්ගේ මාර්ගයෙන් මගේ කාර් එක හොයාගත්තේ. හැබැයි ඊටපස්සේ කවදාවත් එවැනි දෙයක් වුණේ නැහැ (නි)
පිටබැද්දර ජයා Wednesday, 10 February 2016 10:31 PM
මගේ නමින් වෙන කෙනෙක් අදහස් දාලා (නි)
රෙජි-සිඩ්නි Thursday, 11 February 2016 02:35 AM
සමහර අයට ඔය මධුවිත වැඩිවුණාම ඉන්න තැන, යන තැන, ගෙදර අඹුදරුවෝ සේරම අමතක වෙනවා. (නි)