X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


සූර් මරගාතේ මත්පැන් බෝතලයකුත් දන්දීලා

අවුරුද්දට තමන් මිලදී ගත් මත්පැන් බෝතලයක් අත්වැරැද්දකින් වෙනත් පිරිසකට දන්දීමේ සිදුවීමක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය. 


පසුගිය දින පැවති අවුරුදු උත්සවය නිමිත්තෙන් සෑම තැනම පාහේ ගජරාමෙට අවුරුදු සාද පැවැත්විණි. සිද්ධියට සම්බන්ධ පිරිස ද අවුරුදු සැමරීම වෙනුවෙන් සුළු සාදයක් සංවිධානය කරගත්තේය.


ඒ සඳහා තරුණ පිරිසක් එක්වී සිටියහ. ඔවූහු මත්පැන් බෝතල් කිහිපයක් හිස් කරමින් සාදයක් පැවැත්වූහ. ඒ අතරතුර ඔවුන් බොමින් සිටි මත්පැන් බෝතල් සියල්ලම හිස්විය. එහෙත් බීපු ප්‍රමාණය මදි වූ බව පිරිසකට වැටහුණි.


ඔය අතරතුර සිටි එක් තරුණයකු රුපියල් දෙදාස් පන්සීයක මුදලක් අතට රැගෙන තවත් බෝතලයක් රැගෙන එන ලෙසට එම පිරිසට දුන්නේය. නමුත් කිසිවෙකුත් එම මුදල රැගෙන තනිවම තැබෑරුමට යාමට අදිමදි කළේය. එහෙනම් ඔක්කොමලා ටවුමට ගිහින් බෝතලයක් ගේමු යැයි ඔවූහු කතිකා කර ගත්හ.


පසුව පිරිස සූර් මතින් ත්‍රීරෝද රථ දෙකකින් ගොස් තැබෑරුමෙන් බෝතලයක් මිලදී ගත්හ. බෝතලය මිලදීගත් තරුණයා මුදල් දුන් තරුණයාට ඉතිරි මුදලක් ද ආපසු දුන්නේය. තැබෑරුම අසල ත්‍රීරෝද රථ බොහොමයක් නවතා තිබිණි. වෙරි මතින් සිටි බෝතලය මිලදී ගත් තරුණයා තම පිරිස පැමිණි ත්‍රීරෝද රථයක් යැයි සිතා මත්පැන් බෝතලය රැගෙන වෙනත් ත්‍රීරෝද රථයක පිටුපසට දැම්මේය. එහෙනම් බෝතලය ගත්තානෙ අපි යමු යැයි කියා පිරිස නැවතත් සාදය තිබුණු තැනට ත්‍රීරෝද රථවලින් ගියහ. පසුව මත් වතුර බෝතලය ගෙන එන ලෙස අර තරුණයාට කීය. 


ඔහු එක ත්‍රීරෝද රථයක පිටුපස බෝතලය තිබෙනවාද බලා එම රථයේ නොමැති නිසා අනෙක් රථයේ පිටුපස බැලීය. හරි පුදුමයකි. එම ත්‍රීරෝද රථ දෙකේම මත් වතුර බෝතලයක් නොතිබිණි. පසුව සියලු දෙනාටම කාරණය වැටහුණි.


“මූ අපේ ත්‍රීවීල් එක කියලා අල්ලපු ත්‍රීවීල් එකට තමයි බෝතලය දාලා තියෙන්නෙ. කමක් නැහැ. එහෙනම් දානයක් දුන්නා කියලා හිතාගෙන තව බෝතලයක් ගෙන එමු” කියලා සියලු දෙනාම මුදල් එකතු කර ආයෙත් මත්වතුර බෝතලයක් රැගෙනවිත් සතුටු වුණාලු.

(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර)



අදහස් (0)

සූර් මරගාතේ මත්පැන් බෝතලයකුත් දන්දීලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site