(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
පසුගිය දිනවල තැබෑරුම් වසා තැබීම හේතුවෙන් අරක්කු පිපාසයෙන් පෙළුණු තරුණයන් තිදෙනකු අහම්බෙන් දුටු ගල් අරක්කු බෝතලයක් සොරකම් කරගෙන ගොස් පානය කිරීමට සූදානම් වනවිට එය කොරෝනා කසාය බෝතලයක් බවට පත් වීමේ පුවතක් දකුණේ පස් ගොඩක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
පසුගිය දිනවල කොරෝනා රෝගය හේතුවෙන් බාර් වසා තැබීම නිසා මේ ප්‍රදේශයේ ඇතැම් පිරිස් කිතුල් රා වඩියක් ගැසීමට හුරු වූ අතර තවත් පිරිසක් කසිප්පු කරිඤ්ඤං වැනි වෙනත් මත්ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කළේ ප්‍රදේශයේ ගල් අරක්කු බෝතලය රුපියල් 5000 දක්වා ඉහළ ගොස් තිබූ බැවිනි.
එහෙත් කොරෝනා රෝගයට ගොදුරු වූ පිරිස් මෙන්ම එයට ගොදුරු වේ යැයි බියට පත්වූ අය ඉන් බේරීම සඳහා විවිධ උපක්‍රම යෙදූ අතර එක්තරා ප්‍රදේශයක විශ්‍රාමික පරිපාලන නිලධාරියකු කොරෝනා මැඩලීම සඳහා ආයුර්වේද ඖෂධ සකස් කර නොමිලේම ලබාදෙන බව ආරංචිමාර්ග මගින් දැනගෙන ඇඳිරිය පවා නොතකා තම ත්‍රීවිල් රථයෙන් විශාල දුරක් ගෙවා ගොස් නොමිලේ ලබාදෙන කසාය බෝතලය ලබා ගත්තේ ත්‍රීවීලරයේ පිටුපස තිබූ පෙර දිනයක හිස්කළ ගල් අරක්කු බෝතලයකටය. එය පාට අනුව ගල් අරක්කු බෝතලයක් මෙන් දිස් වූ බැවින් පත්තර කොළ කැබැල්ලකද ඔතා ත්‍රිරෝද රථයේ පිටුපස අසුන මත තබා ගත්තේය.
පසුව ආපසු එන අතරමගදී එයට නියම කරන ලද කල්කයක් හා සුව ධරණී පෙති මිලදී ගැනීම සඳහා සිංහල බෙහෙත් බඩු කඩයක් අසල නවතා කඩය තුළට ගියේය.
ඒ අසලින් ගිය තරුණයන් තිදෙනෙකු හිස් ත්‍රීවීලය පිටුපස තිබූ ගල් අරක්කු බෝතලය දැක මහත් සේ සතුටට පත්වී කුරුමානම් අල්ලා එය සොරකම් කළේ විජයයග්රාහී ලෙසිනි.
පසුව බෝතලයට අවශ්‍ය කොකා කෝලා, කොත්තු, රයිස්, චිකන් රයිස් පැකට් ඇතුළු වැඩිපුර දේවල් පවා මිලදී ගත්තේ 5000 ක බෝතලයක් නොමිලයේ ලැබුණ බැවිනි.
සියල්ල රැගෙන හදිසියේ කඩා වැටුණු මෙම වාසනාවේ සතුට භුක්ති විඳීම සඳහා අසල වූ කැලෑ රොදකට ගොස් ගල් තලාවක් මත වාඩිවී සිගරට්ටුවක්ද දල්වාගෙන පිළිවෙළට බයිට් ආදිය දිගහැර අරක්කු බෝතලය ගෙන වීදුරුවකට දමා කොකාකෝලා සමග මිශ්‍ර කර පානය කළවිට කහට රසක් දැනුණ බැවින් සෝදිසි කර බැලීමේදී පරිපාලන නිලධාරියාගෙන් ලබාගත් කසාය බෝතලයක් බව අවබෝධ වී මහත් සේ ලජ්ජාවටත් කලකිරීමටත් පත්ව මෙය කිසිවකුට නොපවසන බවට ගිවිස ගෙන එතනින් වෙන්ව ගියද එක් අයෙකු පොඩි අඩියක් ගසා තම හිතවතකු සමග මේ සිද්ධිය රස කරමින් පැවසීය.
ඉන්පසු මෙය මිතුරන් අතර කනින් කොනින් ආරංචි වී ‘‘කසාය බිව් ගොළුවන්” වෙනුවට ‘‘කසාය බිව් බූරුවන්” යයි ප්‍රස්තා පිරුල වෙනස් වී ඇති බව සත්‍යයක් දැයි මොවුන්ගෙන් විමසන විට හොඳ දෙකක් කියා මාරු වෙනවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සොරාගත් ගල් බෝතලය කසායක් වෙලා