X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


හතරක ඉතුරු ගන්න බැන්නාම අන්තිමේ කටේ ‘පිට්ටු’ හිරවෙලා

190 ගොඩගම සිට පිටකොටුව දක්වා ගමන් ගන්නා බස් රථයකි. පාසල් නිවාඩු නිසා සෙනඟ අඩුය.
නමුත් රියදුරු වේගය අඩු නොකොට මගීන් කලට වේලාවට රාජකාරි සඳහා රැුගෙන යාමේ උත්සහයක නිරත විය.
දිගින් දිගටම බසය පුරා කොන්දොස්තරගේ අණ පැතිරි ගියේ ද ඉතා කාරුණික අයුරිනි. මෙසේ ගමන් කළ බස් රථයට පිටු පසින් තවත් බස් රථයක් වේගයෙන් එනු හදිසියේ පෙනුණි.... රියැදුරු කළබල නොවිය.


මේ අතරින් බසය මැදින් ශබ්දයක් ඇසිණි. ‘‘ඉතිරි සල්ලි දෙනවා.....මම රුපියල් විස්සක් දුන්නේ, ගාන දාසයයිනේ... හොර හැත්ත, උදේ ඉඳන් අපිව මංකොල්ල කනවා... මුන්ට හරි යනවනේ...” එසේ කියමින් මගියෙක් මහත් කෝපයෙන් කොන්දොස්තරට බැණ වදින්නට විය. ඒ සමගම කොන්දොස්තර මෙසේ කීවේය. ”මහත්තයට රුපියල් හතරක් ද  ඕනේ හතරක් නොවෙයි මම මහත්තයට රුපියල් දහයක්ම ඉතිරි දෙන්නම්....හැබැයි මහත්තයා මට දුන්නේ විස්සේ කොළයක් නොවෙයි.....”
”මොනවා විස්සක් නොවෙයි....යකෝ මුන්ට හොඳක් වෙන්නේ නෑනේ..” එසේ බැන වදින්නට වූ ඔහු දිගටම ආඩපාලි කියන්නට විය.
ඒ සමගම කොන්දොස්තර මෙසේ කීවේය.


”මහත්තයෝ ඔය කුකුල් කේන්තිය අඩු කර ගත්තේ නැත්නම් මහත්තයාට පාඩු ගොඩක් විඳින්න වේවි.”
අනික අපි බස් එකේ යන එන උදවියට මනුස්සකමට කතා කරපුවාම අපි නිවටයෝ කියලා හිතන්නේ. අපිටත් පුළුවන් ඔය පුතා කියන වචනයට තව ඉස්සරහට ස්ත‍්‍රී ලිංග පදයක් එකතු කරලා මිනිස්සුන්ට කතා කරන්න.
ඒත් මිනිස්සුත් අපි ගැන හිතන්න  ඕන. මම මේ රස්සාව කරන්නේ නිකමෙක් වගේ ඉන්න අකමැති නිසා. මේ පාරේ දුවන බස් දෙකක් අයිති මටයි. මට වංචාකරලා රුපියල් හතරක් අරගෙන වැඩක් නෑ.


එසේ කියමින් කොන්දොස්තර මගීයා අතේ රුපියල් 484ක් තැබීය.... තබා මෙසේ කීවේය.
”මහත්තයෝ.....මහත්තයා මට දුන්නේ රුපියල් 20 නොවෙයි, 500 කොළයක් මේ තියෙන්නේ....”
මමත් මේක වෙනමම තියාගෙන හිටියේ රුපියල් විස්සේ කොළයට මාරු වෙන නිසයි. ඔය ඉක්මන් කේන්තිය අඩු කර ගන්න නැත්නම් ජීවිතයට ලොකු පාඩු විඳින්න වේවි. එතෙක් වසවර්තියකු ලෙස කෝප වී සිටි මගියා ඒ වනවිට ලජ්ජාවට පත්ව බිම බලාගෙන සිටියේය. රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි.



අදහස් (0)

හතරක ඉතුරු ගන්න බැන්නාම අන්තිමේ කටේ ‘පිට්ටු’ හිරවෙලා

පහන් Friday, 16 August 2013 03:52 AM

ඉස්සරහ හෝල්ට් එක බහිනවා ...... බහිනවානම් ඉතින් සිමෙන්ති ටිකක් දාපන් කොලුවෝ .(කොන්දොස්තර මහතා තරගාවලියේම වීරයාය )(නදී)

:       0       0

රොෂාන් Thursday, 15 August 2013 06:19 PM

අනෙක් බස් වල රියදුරන් සහ කොන්දොස්තර මහත්වරුන් මේ වගේම මහත්වරුන් වෙනවා නම් කොයිතරම් අගේද? (නි)

:       0       0

පිටිගල Thursday, 15 August 2013 06:20 PM

කොන්දොස්තරතුමාට තව බස් කීපයක් පාරට දමන්න ශක්තිය ධෛර්යය අවස්ථාව, දේව ආශීර්වාද ලැබේවා! (නි)

:       0       0

සමන් Thursday, 15 August 2013 06:51 PM

මේ කතාව ගොඩක් හිතන්න දේවල් ඉතුරු කරලා තියෙනවා. අර රූමත් තරුණිය සහ කොන්දොස්තරවරයා අතර සම්බන්ධයක් ගොඩ නගුනාද? විස්සේ මහතා ඊළඟ දිනයේ දාහේ කොලයක් දුන්නාද? මගීන් විස්සේ කොලයක්දී පන්සීයක ඉතුරු බලාපොරොත්තු වුනාද? ආදී වශයෙන්. පිළිතුරු චිතරපටයේ දෙවෙනි කොටසෙන් බලාපොරොත්තුවන්න.(නදී)

:       0       0

ලිල් ගුනවර්ධන Thursday, 15 August 2013 06:58 PM

කොන්දොස්තර මහත්මයාගේ පපුව හොඳයි. එයාට වරදින්නේ නැහැ. ඉස්සර කොන්දොස්තරලා කියපු කතාවක් මතක් උනා.ඔය පොල්ල ඔය පොල්ල අල්ලාගෙන ඉස්සරහට යන්න කියලා. ඉතින් කාන්තාවන්ට හරි හිනා.(නදී)

:       0       0

සරත් Thursday, 15 August 2013 10:01 PM

මේ බසයේ ගිය රූමත් තරුණිය අපේ රූපවතී අක්කම වෙන්න බැරිද? එක දවසකුත් මෙයා බස් එක නතරකරවාගෙන කූඹි කාලා දගලන මනුෂ්‍යයෙක් දිහා බලාගෙන හිටියා (නි)

:       0       0

සරත් Thursday, 15 August 2013 11:29 PM

ඔව් රූපවතී අක්කේ,ඒ මම තමයි! මට හිතෙන හැටියට මගේ දිහා බලාගෙන හිටියේ චන්දිද කොහෙද? (නි)

:       0       0

ගමගේ Friday, 16 August 2013 12:29 AM

රූමත් තරුණියගේ ආදරය ඒ අවංක කොන්දොස්තරවරයාට ලැබුනද? (නි)

:       0       0

මජිඩ් Friday, 16 August 2013 01:03 AM

ඕක ගණන් ගන්න එපා බොස්.(නදී)

:       0       0

මජිඩ් Friday, 16 August 2013 01:03 AM

ඕක ගණන් ගන්න එපා බොස්.(නදී)

:       0       0

රූපවතී Friday, 16 August 2013 02:24 AM

චන්දි නංගි ..මමත් දැක්ක අපේ සරත් මල්ලි ..!උදේ පාන්දරින්ම ..කාටත් හොරෙන් ඉස්සරලම, කෝපි කෝප්පෙකුත් අරන් කැන්ටිමේ උඩින්ම පුටුවකුත් තියාගෙන හිටගෙන ඉන්නවා ...? (නදී)

:       0       0

දුම්මලසූරිය Friday, 16 August 2013 03:19 AM

මෙච්චර කාලෙකට යහපත්..හැදිච්ච ...නිහතමානී ...කොන්දොස්තර කෙනෙක් ගැන අහපු පළමු වතාව.....අම්මප හරිම සතුටක් දැනුනා. ඔබගේ යහපත් ගතිගුණ හැම කොන්දොස්තර කොල්ලෙකුටම බෝ වෙන්න ඕනා. එතකොට තම මගීන් වන අපිට සැනසිල්ලේ ගමනාන්තය දක්වා යන්න ලැබෙන්නේ. (නදී)

:       0       0

සෞදි කොල්ලුව Friday, 16 August 2013 03:40 AM

කාලෙකින් හොද ආරංචියක්. හොද මහත්මයෙක්. ඔබට මල් මිටක්. (නදී)

:       0       0

චන්දි Thursday, 15 August 2013 05:48 PM

හායි..!රූපවති අක්කේ, දැක්කේ නැද්ද? උඩින්ම තියෙන්නේ (නි)

:       0       0

රුක්මල් Friday, 16 August 2013 04:48 AM

රූමත් යුවතිය ගැන කොටස නම් අතින් දාපු එකක් වගේ.(නදී)

:       0       0

ලියනගේ Friday, 16 August 2013 10:25 AM

මොනවද ලියන්න ඕනෑ? හොද මහත්තයෙක් (නි)

:       0       0

මලිත් Friday, 16 August 2013 10:28 AM

ඹබ කල දේ අති විශිෂ්ටයි!.. ඔබට ඉදිරියට යන්න මගෙන් සුභ පැතුම්!.. (ස)

:       0       0

අකිල Friday, 16 August 2013 11:31 AM

රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි. එකටත් සුබ මංගලම් ... (ස)

:       0       0

චමත් Friday, 16 August 2013 03:51 PM

අලුත් 20 කොළෙත් 500 කොළේ වගේමනේ? මගියාට වරදින එක පුදුමයක් නෙමෙයි.නමුත් කොන්දොස්තර මහත්මයා කරපු වැඩේ අගය කල යුතුයි. අද කාලේ සෑම වෘත්තියකම වගේ හිඟ අවංක මිනිහෙක්.(ස)

:       0       0

තිලා Saturday, 17 August 2013 08:10 AM

කොන්දොස්තර මහත්තයෙක් නෙවෙයි මහත්මයෙක්. දැන් තියෙන බස් 2කට තව බස් 2කක් අවඩා ආයුබෝවේවා! (නදී)

:       0       0

ප්‍රියන්ත ඒකනායක Sunday, 18 August 2013 09:18 AM

පහත් තැනින් යයි ගලා ජලය (අ)

:       0       0

වජිර Sunday, 18 August 2013 03:00 PM

ඔබ බස් රියේ හිමිකරු නිසා ඉවසීමෙන් සිටියා. කොන්දොස්තර හිටියා නම් අර පදයට වඩා යමක් ගරු ඇතුව කියලා දෙයි (නි)

:       0       0

නෙලුම් Monday, 19 August 2013 06:46 PM

මගේ ප්‍රණාමය ඔබතුමාට! (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 20 August 2013 11:40 AM

මමත් යන්නේ එන්නේ ඔය පාරේ තමයි. හැබැයි 190 ගොඩගම පිටකොටුව ඉස්සර දැන් මීගොඩ -පිටකොටුව. ඇත්තටම කියන්න සතුටුයි සුපිරි රූට් එකක් තමයි 190 ඔය කියන මහත්මයවත් මම දන්නවා වගේ.හරි අවංක නිහතමානී මනුස්සයෙක්. ජය වේවා ..!! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 21 August 2013 03:39 AM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.ඔබට තුතී. (නි)

:       0       0

මනෝජ් මොරටුච Thursday, 22 August 2013 09:36 PM

කට තිබ්‍බ පලියට අනිත් අයට කැහැගහල ලබන ආත්මෙ ගොලුචෙක් චෙයි..... 20 සේ මහත්තයා චවනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න....කියපු චවනයක් ආයේ ගන්න බැහැ (w)

:       0       0

මධුෂාන් Thursday, 15 August 2013 01:28 PM

එල කොල්ලෙක්.(අ)

:       0       0

දයා Thursday, 15 August 2013 10:14 AM

‍කොන්දොස්තර මහත්තයො, රියදුරු මහත්තයො ඔබේ සේවය අති උදාරයි. (ස)

:       0       0

චන්දා Thursday, 15 August 2013 10:16 AM

සැප දුක නිති පෙරලේ රිය සක මෙනි. (ස)

:       0       0

ලක්මාල් Thursday, 15 August 2013 10:48 AM

උගත් බුද්ධිමත් වැදගත් මහත්මයෙක් අද රුපියල් 20. 100. 500 හොයාගන්ඩ බැ අද මොකද රටට වෙලා තියෙන්නේ අද හැමතනම චන්ඩි බෝවෙලා පොඩි දේටත් කතා කරන්නේ මහ කැත විදිහට කොන්දොස්තර මහතාට මල් මිටක් ඔබ මහත්මයෙක්..... (ස)

:       0       0

ඉසුරු Thursday, 15 August 2013 11:02 AM

ලොකු ඉවසීමක් තියන අවංක බුද්ධිමත් මනුස්සයෙක් (ස)

:       0       0

ජයතිස්ස Thursday, 15 August 2013 11:04 AM

අන් අයට හොද ආදර්ශයක් ඔබට තුති මල් මිටක්... (ස)

:       0       0

මොහොමඩ් Thursday, 15 August 2013 11:21 AM

"ඉස්සරහට යන්න ඉස්සරහට යන්න " (ස)

:       0       0

මිලාන් Thursday, 15 August 2013 11:24 AM

අද කලේ මිනිසුන්ට අනිත් අයට ගරුකරන දැන් නැ දහම් පාසලකට වැසක්ටවත් ගිහිල්ල නැ පොඩිකාලේ ඉදල හැදිච විදිය තමයි ඔය (දී)

:       0       0

සංජු Thursday, 15 August 2013 11:55 AM

"රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි" බස් දෙකක් අයිතිකාරය ඉතින් මොන කතාද යුවතියට (අ)

:       0       0

චන්දි Thursday, 15 August 2013 12:04 PM

ඇත්තටම අති උදාර මහත්මයෙක් !!!ඔබ වැනි අවංක අය අපේ රටට අවශ්‍යයි ඔබට දිර්ඝායුෂ පතමි. ඇත්තටම හොඳ පුරවැසියෙක් මගේ තුති මල් මිටක් ඔබට ''පුදමි''බස් දෙක.., හතරක් කර ගැනීමට ''ලැබේවා'' (ස)

:       0       0

සංජීව Thursday, 15 August 2013 12:17 PM

අද කරන රැකියාව හරි අඳින ඇඳුමෙන් හරි මිනිස්සු මනින්න නරකයි. හොඳට ඉගෙනගෙන කොන්දොස්තර වැඩ කරන අය, බදාම අනන අය, ඕනෑතරම් මම දැකල තියෙනවා.කෝට් ඇඳලා ටයි දාල ඉන්න අය දෙක පාස් නැහැ. කොහොම උනත් මේ සමා‍ජෙ පොතේ අධ්‍යාපනයට වඩා මනුස්සකම තියෙන්නේ දුක විඳලා දුක අඳුනන අය ගාව තමයි.. (ස)

:       0       0

නදිර්ෂි Thursday, 15 August 2013 12:34 PM

මෙම බස් රථයේ මහතුන් දෙදෙනාට මගෙත් උපහාරය පුදනවා. මේ මාර්ගයේ තමයි අපිත් යන්නේ. (ස)

:       0       0

ශාන් Thursday, 15 August 2013 12:39 PM

අන්න හොඳ මිනිස්සු. (ස)

:       0       0

සරත් Thursday, 15 August 2013 10:13 AM

කොන්දොස්තර මහත්මයෙක්. ටිකක් අඩු වුණත් තාම ඉන්නවා. මගේ ප්‍රණාමය එතුමාට. (ස)

:       0       0

උපාලි Thursday, 15 August 2013 01:50 PM

එසැණ තීරයේ අදහස් දාන අපට හොඳ පාඩමක් මෙතන තියෙනවා. වැඩිපුරම අපි දකින්නේ පුවතක් පළවුන ගමන්ම තීන්දු දීල ඉවරකරන අය. උදාහරණයක් හැටියට රිය අනතුරක් ගැන පුවතක් නම් බොහෝවිට රියදුරාට මරණ දඬුවමත් දීල තමයි පස්ස බලන්නේ. ඒ වගේම තමයි "පුද්ගලික බස්" එකක් කියන වචනේ දැක්ක ගමන්ම ඔන්න කඩුව ගන්නවා අතට. "කොන්දොස්තර" කියන වචනේ දැක්ක ගමන් ඒ මනුස්සයට කලින් එයාගේ මව් ගැන හිතට එනවා. රියදුරුත් ඉන්නවනම් මිනිහව එල්ලලා මරන්න නියම කරනවා. ප්‍රවෘත්තිය අසම්පූර්ණද, බහින නිගමනය හරිද කියන කරුණු වැඩක් නැහැ. පුද්ගලික බස් කිව්වාම ඕක තමයි අපේ චිත්‍රය. මෙන්න අපේ මුල් බැසගත් චිත්‍රය ඉරල දාන්න හොඳ අවස්ථාවක්! ඒ වගේම පුර්ව නිගමන වල එල්ලිලා ඉන්න හොඳ නැතිබව පෙන්වන පාඩමක්. ඒ දෙපලට ස්තුතියි මේක කියා දුන්නට. (ස)

:       0       0

සමන්ත Thursday, 15 August 2013 02:34 PM

කතාවේ අන්තිම කැල්ල චිත්‍රපටියක් වගේ මොනවා උනත් සාධාරණ මනුස්සයෝ දෙන්නෙක්ම කතාවේ හිටියා. පොඩ්ඩක් හිතල බලන්න, බස් කර්මාන්තය කරගෙන යන්නේ හරිම අමාරුවෙන් මමත් බස් හිමියෙක්.(ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 15 August 2013 02:35 PM

රූමත් යුවතියක් බලා සිටියා.... මට දෙමළ චිත්‍රපටියක් මතක් වුණා.(ස)

:       0       0

ඉන්දු Thursday, 15 August 2013 02:49 PM

කතාව චිත්‍රපටියක් වගේ තමයි. ‍"රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි" (ස)

:       0       0

ඉරාජ් Thursday, 15 August 2013 03:37 PM

මටනම් මේ කතාවේ වැදගත්ම ආසම හිතෙන කොටස තමයි" ‍"රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි" . මේ තරුණිය කවුරු වෙන්න පුලුවනිද? කොන්දොස්තර මහතාගේ බිරිදද? පෙම්තියද? අසල්වැසි කාන්තාවක්ද? නැත්නම් ට්‍රයි කරන කෑල්ලක්ද? (ස)

:       0       0

රුපවති Thursday, 15 August 2013 03:47 PM

ඒ.. කොන්දොස්තර කොලුවා අපේ සරත් මල්ලිවත්ද ..ආඩම්බරේ බැරුවා...? සුබදවසක්...මහමග අතුරු අන්තරාවක් නොමවේවා..!!! (දී)

:       0       0

අප්සරා Thursday, 15 August 2013 03:48 PM

බලාසිටි රූමත් යුවතියට දැනගන්නත් එක්ක දාන්නකෝ වීරයා අවිවාහකද කියලා (දී)

:       0       0

සනි Thursday, 15 August 2013 04:02 PM

ඉන්දු රූමත් යුවතියට අවංක සිතයි බස් දෙකයි ගැන සිතක් පහල වෙන්න ඇති .කෙසේ නමුත් පුද්ගලික බස් රියදුරන්ට සහ කොන්දොස්තරලට ලං .ග .ම. පුහුණුව අනිවාර්ය කිරීමෙන් විනීත සේවයක් ලබාගත හැක . (දී)

:       0       0

සරත් Thursday, 15 August 2013 04:06 PM

උපාලි, "නිවන් දකින්නට පින් මදි වෙන්නැති - එකයි අපි තවමත් සංසාරේ" (දී)

:       0       0

ප්‍රදීපා Thursday, 15 August 2013 05:04 PM

"පස්සෙන් සල්ලි ගන්න." මේ දිනපතාම ඇහෙන සංගීතයයි. මනුස්සකම අතින් ඉතා උසස් කොන්දොස්තර මහතෙක්. ඔබට යහපතක්ම වේවා.....!!!! (නි)

:       0       0

දිසානායක Thursday, 15 August 2013 05:32 PM

ඔව් ඔබ මට නම් වීරයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site