(බලපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා)
ඉදිරියට යෑමට සංඥා නොමැතිව නතර වූ දුම්රියකට කොළ කොඩිය වෙනුවට හබුරු කොළයක් වනා ගමන් කිරීමට ඉඩ සැලසූ දුම්රිය ආරක්ෂක ගේට්ටුකරුවකු පිළිබඳ ගාලු දිසාවෙන් දැන ගන්නට තිබේ.
ස්ථිර දුම්රිය ගේට්ටුකරුවකු වන ඔහු වැසිකිළි ගොස් තිබියදී දුම්රිය පැමිණ තිබේ. ගේට්ටුව වසා සංඥා නොමැති නිසා රියැදුරු දුම්රිය නතර කොට නළා ශබ්දය ඇසී වැසිකිළියේ සිට දුවමින් දුම්රිය ගේට්ටුව වසා සංඥා ලබා දී තිබේ.
එසේ දුම්රිය නතර කළ විට ගේට්ටුකරු කොළ පාට කොඩියක් වනා මාර්ගය බාධාවක් නැති බව දැනුම් දුන් විට දුම්රිය ධාවනය කිරීම සිරිතකි.
මේ වන විට ගේට්ටුවේ කොළ පාට සහ රතු කොඩි දෙකක් තිබුණත් අස්ථාන ගත වී තිබිණි. හිදිසියට කොළ පාට කොඩිය නොමැති නිසා දුම්රිය මාර්ගයේ දෙපස තිබූ හබුරු කොළයක් කඩා වනා තිබේ.
ඒ සංඥාවෙන් පසු දුම්රිය ධාවනය කළ අතර වගකීමකින් රාජකාරිය කරන්නැයි දුම්රිය රියැදුරු දොස් පවරමින් ගියාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හබුරු කොළයක් වනා දුම්රියක් ගමන් කරවලා
පෙරේරා Tuesday, 17 May 2016 09:30 AM
ස්ථානෝචිත ප්‍රඥාවක් ඇති සේවකයෙක් (නි)
පිටබැද්දර ජයා Tuesday, 17 May 2016 09:30 AM
ශාරීරික අවශ්‍යතාවයක් හැදුනාම ඉතින් මොනවා කරන්නද රියදුරාණෙනි? (නි)
ජයරත්න Tuesday, 17 May 2016 10:03 AM
මෙම සිදුවීම සම්බන්දයෙන් නීත්‍යානුකූලව කටයුතු කලයුතුයි. විශාල අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත. (ර)
පිටිගල මිලානෝ Tuesday, 17 May 2016 12:32 PM
මේ පළාත අපේ ජන්ම භූමියයි. (ර)
ජයරත්න Wednesday, 18 May 2016 04:00 AM
ගැටලුව ශාරීරික අවශ්‍යතාවය නොවෙයි. සංඥා කොඩි අස්ථානගත වීමයි. බැරිවෙලාවත් රතු කොඩිය වනන්න වුණා නම් මොකද වෙන්නෙ. අනිත් කාරණය රැකියාවට යනවිට ශාරිරික අවශ්‍යතාවන් ඉටුකරගෙන මුහුණකට හෝදගෙන කෑම කාලා එහෙම තමයි යන්න ඕනෑ. හිටිගමන් ඔහොම අවශ්‍යතා ඇතිවෙන්නෙ පොඩි ළමයින්ට නැත්නම් රෝගීන්ට. එහෙම රෝගයක් තියෙනවා නම් නිවාඩු දාලා ගෙදර ඉන්න ඕනෑ මිනිසුන්ගෙ ජීවිත අනතුරේ නොදමා. (නි)
බියංකා Thursday, 19 May 2016 12:10 AM
මොනවා වුණත් ඔහු තැනට සුදුසු විදිහට වැඩකරලා තියෙනවා (නි)
ලීනා Thursday, 19 May 2016 01:28 AM
සිදුවන්නට ගිය ලොකු අනතුරක් වළක්වා ගැනීම ගැන සතුටුයි (නි)
වික්‍රම Thursday, 19 May 2016 06:31 AM
ඉස්සර කාර්යාලයේ බොස් එනවා කියන්න, රතු ලේන්සු වනපු කාලේ මතකද ජයා? (නි)