(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නාඳුනන කටකාර පොඩ්ඩකුගේ දුරකථන ඇමැතුමකින් සැමියා නැටූ නාඩගමක් තම බිරියට අසුවීමේ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
ඔහු වෙනත් ප්‍රදේශයක සිට රාජ්‍ය ආයතනයකට පැමිණෙන ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූවෙකි. දිවා සේවය හා රාත්‍රී සේවය සඳහා නියමිත සේවා වාරවලට පැමිණිය යුතුය. ඔහු සේවයට පැමිණෙන්නේ තම ත්‍රිරෝද රථයෙනි.
ඔහු දිනක් රාත්‍රී සේවය සඳහා පැමිණීමට සූදානම් වෙන අවස්ථාවේ දී සිය බිරිය සුපුරුදු පරිදි කෑමවේල සපයා දුන්නේය.
එම කෑම පාර්සලයත් රැගෙන ගොස් ඇත්තේ සේවයට නොව අනියම් පෙම්වතියකගේ නිවහනකට ය.
ඇය විවාහක දරුවකුගේ මවක වන නමුත් ඇයගේ සැමියා විදෙස් ගතව සිටින නිසා කිසිවකුගෙන් බාධාවක් නොවන ඔහුට එහි නවාතැන් ගැනීමට ද කිසිවකුගෙන් බාධාවක් ද නොවිණි.
පසු දින ඔහු සේවය නිමවූ ලෙසින් එතැනින් පිටවී ඔහුගේ නිවහන කරා ගියේය.
එම නිවෙසේ සිටි කාන්තාවද වෙනත් ගමනක් යාමට නිවෙසින් නික්ම ගියේ තම දරුවා අසල්වැසි නිවෙසක රඳවා තබමින්ය. එම නිවෙසේ සිටි දරුවා කිසියම් කටයුත්තකට තම නිවහනට පැමිණියේ ඒ අතරවාරයේ ය.
නිවෙසේ රැඳී නික්ම ගිය අමුත්තාගේ ත්‍රිරෝද රථයේ ලියකියවිලි එහි දමා ගොස් තිබෙන බව දරුවා දුටුවේය.
එම ලියකියවිලි පරික්ෂා කිරීමේ දී ඒ අතරේ ඔහුගේ දුරකතන අංකය ද තිබී හමුවුණි. කටකාර දරුවා පොඩි වුවත් දුරකතන සංවාදවලට රුසියෙකි.
තම නිවෙසේ දුරකතනයෙන් ඔහු අංකය අමතන්නට විය.
දුරකතනය නාද වෙද්දී එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ත්‍රිරෝද රථ හිමියාගේ සැබෑ බිරියයි.
“ආන්ටි අංකල් කෝ?”
“අංකල් වෙලට ගියා පුතේ”
ඇය දරුවාට ළෙන්ගතුව තොරතුරු විමසුවාය.
“ආන්ටී, අංකල්ගේ වීල් එකේ ලයිසන් ටික අපේ ගෙදර.” “ඇයි පුතේ, අංකල් එහේ ආවාද” “ඔව්, ඊයේ රෑ අංකල් හිටියෙ අපේ ගෙදර.” දරුවා සියල්ල වැමෑරුවේය.
චාටු බස් දොඩා ගෙදරට එන පාර ද අසා ගත් ඇය සැමියා කුඹුරේ සිටින නිසා තනියම ත්‍රිරෝද රථය පදවාගෙන ඒ නිවහන සොයා ගියාය.
අදාළ ලියකියවිලි ගත් ඇය එතැනින් නොනැවතී සැමියාගේ සේවා ස්ථානයට ගියේ ඔහු ඊයේ රාත්‍රියේ සේවයට ආවේදැයි අසන්නටය. නැත. එදින ඔහුගේ විවේක දිනය යි. ආයතනයේ සේවකයෝ පැවසූහ.
සියල්ල තේරුම් ගත් ඇය යක්ෂ ආරූඪයෙන් සැමියා වෙතට ගොස් අඩ දබර වී තම මව්පිය රැකවරණය බලා ගියාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිංචි පැංචකුගේ කතාවෙන් සැමියාගේ නාඩගමක් මාට්ටු