තරමක් තරබාරු ඇය පැහැපත් සමකින් යුතු කාන්තාවකි. වියපත් නමුත් ඇය තාරුණ්‍යය ආරූඪ කරගෙන සිටියාය. හත්වැනි දශකයට පා තබන්නට ඇයට ඇත්තේ තවත් වසර දෙකකි. එතරම් උස නොවූ ඇයට විරුද්ධ පසින් යෞවන වියේ පසුවන තරුණයෙකි. ඔහු අසල තවත් වසර දෙකකින් හයවැනි දශකයට පාතැබීමට නියමිත යෞවනයාගේ මවය.
කුරුවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතා ඉදිරියේ දිග හැරෙන්නේ අපූරු ආදර අන්දරයකි.
‘අපි දෙන්නා කසාද බැඳලා මාස කිහිපයක් වෙනවා. මම පිටරට රස්සාව කරද්දී මුහුණු පොතෙන් මෙයා හඳුනාගත්තේ. ඊට පස්සේ ලංකාවට ඇවිත් හමුවෙලා අපි කසාද බැන්දා. මෙයාගේ ගෙදර මම ගියා. බැඳලා ඉවර වෙලා අපි කුරුවිට නගරය ආසන්නයෙන් ගෙයක් ගත්තා. අපි දෙන්නා ඒ ගෙයි හිටියේ. මෙයා මාව දාලා ගියා. අනේ මට එයත් එක්ක ඉන්න ඕනෑ. එයාට කියන්න මාත් එක්ක එන්න කියලා.’
පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ කඳුළු පිරි දෙනෙතින් යුතු වියපත් කත ආයාචනය කරන්නීය. ඇගේ මුණුපුරෙකුගේ වයසින් යුතු භද්‍ර යෞවන සැමියා සිය බිරිඳට වඩා වසර දහයකින් බාල ඔහුගේ මවගේ ඇගේ දැවටෙමින් ඇසිපිය නොහෙලා වියපත් බිරිඳ දෙස බලා හිඳී.
‘මොකක්ද මේ තැනැත්තිය කියන්නේ.’ ස්ථානාධිපතිවරයා තරුණයා දෙස බලා අසයි.
‘අපි බැන්දා තමයි. ඒ වුණාට මට මේ තැනැත්තිය එක්ක ඉන්න බෑ. මම ගෙදර යනවා. මෙයා අරං දීපු ෆෝන් එකත් මට එපා. මට අම්මා එක්ක ගෙදර යන්න ඕනෑ.’ යෞවන සැමියා හැට අටවන වියේ වූ බිරිඳ එපා කියයි.
මේ අපූරු ප්‍රේම වෘත්තාන්තය මුහුණු පොතේ දිග හැරුණකි.
ඇගේ ගම කලුතරය. ඔහු ගොඩකවෙලය. ඇය විදෙස් රැකියාවක නිරතවූ සැමියා නැති වියපත් කතකි. මුහුණු පොත හරහා දෙදෙනා ආදරයෙන් බැඳුනි. මාස කිහිපයකට පෙර මුලින් ම දෙදෙනාම හමුවුණේ රත්නපුර මහ රෝහල් බිමේදීය. ඒ ඇය ලංකාවට පැමිණි පසුය. රත්නපුරේ මිතුරු නිවසකට පැමිණි ඈ මුහුණු පොත හරහා පණිවිඩ හුවමාරු කර ගනිමින් රත්නපුරේ දී ඔහු හමුවූවාය. ඒ වනවිට ඔහු කොළඹ රස්සාවක් කරමින් සිටියේය.
බැලූ බැල්මට මේ දෙදෙනා අතර පෙන්නෙන්නේ අම්මයි පුතාටත් වඩා වූ වෙනසකි. ආලය අන්ධ නිසා ඔවුන්ට ඒ බවක් නොදැනිණි. දෙදෙනා කොළඹ බලා ඉගිලී ගොස් කුලියට තැනක් ගෙන ටික දවසක් එහි සිටියහ. සියලු වියදම් ඇගෙනි.
ටික දවසකට පසු දෙදෙනා ගොඩකවෙල තරුණයාගේ නිවසට ගියහ.
‘මේ මගේ හිතවතියක්. ටික දවසක් ඉඳලා ආපහු යන්න ආවේ’ තරුණයා ඇය සිය පෙම්වතිය බව නොහඟවා අම්මා ඇතුළු පවුලේ අයට හැට අටවන වියේ පසුවූ පෙම්වතිය යෙහෙළියක ලෙස හඳුන්වා දුන්නේය.
තරුණයාගේ අම්මාටත් වඩා අවුරුදු දහයක් වැඩිමහල් යෙහෙළියට ගෙදර කවුරුත් දැක්වූයේ වැඩිහිටියකුට දක්වන ගරු සැලකිල්ලකි. ටික දවසකින් දෙදෙනා ගොඩකවෙලින් පිටත්ව කුරුවිට නගරයට නුදුරු කඳන්ගොඩක නම ඇති ප්‍රදේශයකින් මිලියන දෙකකට ආසන්න ඇගේ මුදලින් නිවසක් මිලදී ගෙන එහි සිය ආදර කැදැල්ල ගොඩ නැගූහ.
දෙපාර්ශ්වයේ ඥාතීන් හිතවතුන් සහිත මංගල උත්වසයක් නොවුණත් දෙදෙනා කාටත් හොරා විවාහ ගිවිස ගත්හ. දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු හතළිහකි. ආදරයට වයස බාධාවක් නැත. විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු දෙදෙනා සිය අලුත් නිවහන ම ‘මධු සමය’ ගත කරන්නට තෝරා ගත්හ.
තරුණ සැමියා දැන් රස්සාවට යන්නේ ද නැත. බිරිඳ රට රස්සාවෙන් උපයා ගත් මුදල් යහමින් ඇති නිසා රස්සාවක් කරන්නට ඔහුට උවමනාවක් ද නැත. ඇය ද නිතරම ඔහුගේ සමාගම ප්‍රිය කරන්නීය. දින සති බවට පෙරළී ගියේය. සති කිහිපයකින් සිය පෙම්බරා ගමේ ගියේය. ඒ ආපසු එන බව කියමිනි. නමුත් ඔහු ආවේ නැත. මහලු ඇය ඔහු සොයා ගොඩකවෙල ගියාය.
යෞවනයාගේ මව සහ ඥාතීන් ඉදිරියේ ආදර අන්දරය දිගහැරිනි. ‘යකෝ මේ නාකි හත්තිලව්වක් කර ගැහැව්වේ උඹේ ඇස් පොට්ට වෙලාද? මෙච්චර රටේ උඹට හරියන කෙල්ලෙක් නැද්ද?’ ආදී වදන් හමුවේ යෞවනයා පසුබැස්සේය.
‘මට බෑ ඔයත් එක්ක එන්න. ඔයා යන්න’ තරුණයාගේ තීරණය තම හැට අට හැවිරිදි බිරිඳට දැන්වීය. මේ අවනඩුව කියන්නට ඇය ගොඩකවෙල පොලිසියට ගියාය. එහෙත් පදිංචිය කුරුවිට නිසා කුරුවිට පොලීසියට යන්නැයි ගොඩකවෙල පොලීසියෙන් උපදෙස් ලැබුණි. ඒ අනුව ඇය කුරුවිට පොලිසියට ආවේ තමන්ගේ වයස මෙන් තුනෙන් පංගුවකින් අඩු සැමියා තමා වෙත ගෙන්වා ගන්නටය.
කුරුවිට පොලිසියේ පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් සහ උපපොලිස් පරීක්‍ෂක වයි. චන්‍ද්‍රදාස යන මහත්වරුද මේ පටලැවිල්ල ලිහන්නට උත්සහ ගත්හ. එහෙත් එයින් ඵලක් නොවිනි.
‘මම මෙයාට රුපියල් පනස්දාහක් වටින අලුත්ම ෆෝන් එකකුත් අරං දුන්නා. මට මෙයා නැතුව බෑ. අම්මත් මට ගොඩකවෙල ඉන්දැද්දි හොඳට සැලකුවා’ කියැද්දී තමන්ට වඩා අවුරුදු දහයකින් වැඩිමහල් මහලු කත ‘අම්මා’ යැයි පැවසීම ගැන තරුණයාගේ මව තුළ වූයේ දැඩි නොමනාපයකි.
‘මේං මට දීපු ෆෝන් එක. ආයේ මාව හොයාගෙන එන්න එපා. මම අම්මත් එක්ක යනවා. මේ ගෑනු කෙනාගෙන් මම දික්කසාද වෙනවා’ කී තරුණයා අම්මා සමග පිටව ගියේය. පොලිසියෙන් මෙය විසඳන්නට බැරි නිසා අධිකරණයේ පිහිට පතන්නැයි මහලු බිරිඳට උපදෙස් දීම හැර පොලීසියට වෙන කළ හැකි දෙයක් ද නොතිබුණි.
ඔන්න පේනවා නේද ‘ෆේස් බුක්’ ආදරයට වෙච්ච දේ, තරුණයා මව සමග පිටව ගිය පසු වියපත් කාන්තාව දුකින් පිටව යනු දැක පොලිසිය ඇතුළෙන් කවුදෝ කියනවා ඇසුනි.
(අජිත්ලාල් ශාන්තඋදය)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිරිමල් පෙම්වතාට නාකි පෙම්වතිය එපාවෙලා
susi Friday, 01 November 2019 11:21 PM
කොල්ලා නම් ඉතින් ආදරයේ මුවාවෙන්, වියපත් කාන්තාවගේ මිල මුදලට ආසාවෙන් බොරු මවාපෑමක් කරලා තියෙන්නේ.. නාකි උන්දෑට නම් ඉතින් "නාකි විසේ ගෙටත් උසේ " කියලා තමයි කියන්න තියෙනේ...
jagath Sunday, 03 November 2019 12:23 PM
ෂුවර් එකටම කුවේට් කුමාරි අක්කා...