මිතුරකු දුන් උපදේශයක් අනුව තම හිසකෙස් හැඩ ගැන්වීම සඳහා රත්කළ හීටරයක් හිස කෙස් මත තැබූ තරුණයෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව කියවෙන පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පාසල් විය ඉක්මවූ ඔහු ජීවිකාව ලෙස පෙදරේරු වෘත්තියේ නියැළුනද තම රූප සෝභාව ගැන මෙන්ම විලාසිතා ගැනද ඉහළ උනන්දුවක් දැක්වූ පුද්ගලයෙක් විය.
වැඩ බිමට යද්දී මෙන්ම ඉන් පිටව යද්දීද ඔහු තම ඇඳුම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ඔහු පෙදරේරුවෙකු යැයි කිසිවෙකුටත් සිතාගන්නට නොහැකිවන පරිද්දෙනි.
ක්‍රීම් වර්ග මෙන්ම විවිධ සුවඳ විලවුන් වර්ගවලට සිය වැටුපෙන්ද හෙතෙම විශාල මුදලක් වෙන් කළේ සිය මිතුරන්ගේ අවවාද පවා නොසලකා හරිමිනි.
ඔහු පිළිබඳ දන්නා ඔහුගේ වැඩපළේ මිතුරු පිරිසද වැඩපොළ අතරතුරදී රූපලාවන්‍ය පිළිබඳ ඔහුට විවිධ උපදෙස් ලබාදුන්නේ ඒ පිළිබඳ ඔහු තුළ ඇති උනන්දුව නිසාමය.
සිය හිසකෙස්වල පිහිටීම පිළිබඳව දැඩි කණස්සල්ලෙන් සිටි ඔහු තම කේෂ කලාපය කර්ල් කර ගැනීමට මගක් බලමින් හිඳිනු දුටු වැඩපොළේ එක් මිතුරෙකු ඊට කදිම උපදෙසක් දුන්නේ සෙසු පිරිසගේද සහයෝගය මතය.
“මචං, කොණ්ඩ හදන තැනක මම කාලයක් වැඩකළා. ඒ අය කරන්නේ අපි වතුර උණුකරන හීටරයක් රත්කරල ගානකට ඔලුවේ කොණ්ඬේ උඩින් තියන එකයි.” සිය මිතුරාගේ කතාව විශ්වාස කළ හෙතෙම වැඩ ඇරී නිවස බලා ගියේ රුපියල් 800ක් පමණ වැයකර අලුත්ම හීටරයක්ද මිලදීගෙනය.
කෙසේ වෙතත් පසුදින තම මිතුරා සේවයට පැමිණ නැති බව දුටු මිතුරු පිරිස ඒ පිළිබඳ සොයා බලද්දී ඔවුන්ට අසන්නට ලැබුණේ හිසට සිදුවූ දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් පෙරදින රාත්‍රියේදීම ඔහු නගරයේ රෝහලකට ඇතුළත් කළ බවකි.
කෙසේ වෙතත් දැන් මිතුරු පිරිස ඔහු මගහැරීමට උත්සහ කරන බවද දැනගන්නට ඇත.
(වියලුව - වාර්තාකරු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිසකෙස් හැඩ කරන්න හීටරය කෙස් උඩ තියලා: තරුණයා රෝහලේ
ලංකාසිරි Wednesday, 10 August 2016 10:26 PM
දුදන ආශ්‍රය තමයි විනාශයට මුල (නි)
අයිරාංගනී Wednesday, 10 August 2016 11:05 PM
අනේ දෙවියනේ මෙහෙමත් මෝඩ මිනිස්සු!
ජයරත්න Thursday, 11 August 2016 08:01 AM
ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙක් නම් එතරම් මෝඩ පුද්ගලයෙකු යැයි හිතන්න බැහැ. නමුත් පමණට වඩා තම රූප සෝභාව ගැන උනන්දු වීම යම් මානසික රෝගයක් විය හැකියි. එවැනි පුද්ගලයන් මීටත් වඩා භයානක ක්‍රියාවන් වලට පෙලඹීමට ඉඩ තිබෙනවා. (බ)
නිරූ Thursday, 11 August 2016 09:17 AM
මමත් අහල තියෙනවා එක්තරා බෝඩිමක තරුණයෝ පිරිසක් රෙදි මදින්න විදුලි ඉස්ත්‍රික්කය ඉල්ලගෙන එ්කේ තියල රොටි පුච්චන් කාපු කතාවක්. බෝඩිමේ හිමිකරුට රොටි සුවඳක් දැනිල හොයල බලනකොට වැඩේ අහුවෙලා. (බ)
බෙනට් Thursday, 11 August 2016 11:57 AM
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
බණ්ඩාර - කැකිරාව Thursday, 11 August 2016 11:52 AM
අඩු වියදමින් කොණ්ඩය කර්ල් කරගන්න ගියා මදැයි. මේ යාලුවෝ නෙමෙයි. මාරයෝ. දැන්වත් දැනගත්ත එක හොඳයි. (නි)
මයුරි Saturday, 13 August 2016 01:50 PM
අනේ හැබෑට මෙහෙමත් යාළුවෝ? (නි)