කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
රාත්‍රියට කන්න තිබූ මුදල් රැගෙන අරගල භූමියට යනවා යැයි කියමින් නිවෙසින් පිටවී මිතුරන් පිරිසක් සමඟ එකතුවී පදම් වී නිවසට පැමිණ බඩුමුට්ටු පොඩිකරමින් ගෙදර විශාල අරගලයක් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
ඔහු දරු තිදෙනා ජීවත් කරවූයේ කුලියක් මලියක් කරගෙනය. කාටවත් අතනොපා එදා ජීවත්වූ ඔහුට වත්මනේ පවතින ආර්ථික අහේනියත් සමඟම ජීවත්වීම වහකදුරු මෙන්විය. සිය භාර්යාවගේ තොරතෝංචියක් නැති කටින් පිටවූයේ ගෙදරදොරේ අඩුපාඩුය. එය එන්න එන්නම වැඩිවූවා මිස අඩුවූ සෙයක් දක්නට නොලැබිණි. මේ තත්ත්වය හමුවේ මේ දෙන්න දෙමහල්ලන් අතර අඬදබර ඇතිවූ අවස්ථා ද නැත්තේ ද නොවේ.
පවතින ආර්ථික අහේනියෙන් මේ දෙදෙනාට මේ ආණ්ඩුවේ කෙරුවාව තිත්ත වී තිබුණි. පවතින ආණ්ඩුව පන්නා දැමිය යුතු යැයි ඔවුන් කතාකළ අවස්ථා එමටය. ඒ සඳහා අරගලයක් කළොත් තමා එයට අනිවාර්යයෙන්ම යන බව ඔහු කීවේය. කෑමට තිබෙන මුදල් හරි ඒ සඳහා යන සැමියාට දෙන බව භාර්යාව පැවසුවේ තවදුරටත් මේ පාලනය ගෙන ගියහොත් සිය දරු පවුලට නොකා නොබී මියයන්න වේ යයි ඇතිවූ බිය නිසාය.
ජනපති - අගමැති ඉවත් කළ යුතු යැයි අරගලය සඳහා ජනතාව කොළඹට 9 වැනිදා යන්න පටන් ගත්තේ ඔය අතරේදීය. ඔහුත් ඒ සඳහා යාමට පිටත්වූයේ හිමිදිරි උදෑසනය. ඒ තමාගේම පන්තියේ කට්ටියක් සමඟය. භාර්යාව පැවසූ පරිදි රාත්‍රියේ කෑමට තිබූ මුදල් අත තැබුවේ අරගලය ජයගෙනම නිවෙසට පැමිණෙන ලෙසත් රෑට කොස් ඇට ටිකක්වත් තම්බාගෙන කමුයි කියමිනි.
පාරට බැස්සේ බස් එකෙන් හෝ දුම්රියෙන් කොළඹ යන්න සිතාගෙනය. බස් නොතිබුණි. දුම්රියද එන පාටක් තිබුණේ නැත. ඒ යන අතරමග දුම්රිය නැවතුම් පොළ ආසන්නයේ පාළු තැනකට කට්ටිය ගියේ එකකු ගමන් මල්ලේ දමාගෙන පැමිණි සැර ජාතියේ බෝතලයෙන් එකක් දෙකක් දාගෙන යන්නටය.
දුම්රිය එන වෙලාව ටිකෙන් ටික ප්‍රමාදය. ගෙනා සැර ජාතිය නිමා විය. කට්ටිය මුදල් එකතු කරගෙන තවත් එකක් දෙකක් ගෙන ආවේ ඊට පසුවය. කතානායකයාට දැන් අමරපදන්ය. ඔහු රැගෙන යාම පසෙක දැමූ කට්ටිය ත්‍රිරෝද රථයකින් නිවෙසට දමා යැවීමට පියවර ගෙන තිබේ.
අරගලයට යනවා යැයි නිවෙසින් පිටවූ ඔහු ගෙදර අරගලය පටන් ගත්තේ එතැන් සිටය. සැර බීම ජාතිය ගත්තාම ඔරොත්තු නොදෙන ඔහු දිවා කාලයට කන්න තියෙන ජාති හොඳ නැතැයි කියමින් භාර්යාව බෙදාගෙන ආ කෑම පිඟාන පොළවේ ගැසුවේය. හොඳ කෑම කන්න සැදුවේ නැතැයි කියමින් භාර්යාවට ද තඩි බෑවේය. භාර්යාවද කට ඇරීම නිසා ගෙදර අරගලය නිමා කිරීමට අසල්වැසියන් පැමිණෙන විටදී ඒ වනවිටත් නිවෙසේ බඩුමුට්ටු කිහිපයක්ම සුන්බුන් බවට පත්විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොඳට පදම් වෙලා අරගලේ ගෙදර ගෙනැල්ලා