(සිටිනාමළුව - අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්න නගරයක සතිපොළක සිදුවූ අර්තාපල් ගෝනි සොරකමක් සම්බන්ධයෙන් හොරාගේ අම්මාගෙන්ම පොලිසියට ඔත්තුවක් ලැබුණු පුවතක් වාර්තා විය.
එම සිද්ධිය සැකෙවින් මෙසේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්න නගරයකි. සති පොළ පැවැත්වෙන්නේ බදාදා සහ ඉරිදා දිනයන්වලදීය. බදාදා සහ ඉරිදා දිනවල වෙළඳාම් කිරීමට ගෙනෙන භාණ්ඩ පොළ පැවැත්වීමට පෙර දින රාත්‍රී කාලයේ පොළ භූමියට ගෙන ඒමට වෙළෙන්දෝ පුරුදුව සිටිති. බදාදා දින සතිපොළෙහි අලෙවි කිරීමට භාණ්ඩ ගෙන එන්නේ අඟහරුවාදා රාත්‍රී කාලයේය. අර්තාපල් වෙළෙන්දෙකු එලෙස අර්තාපල් ගෝනි කිහිපයක් ගෙනැවිත් පොළ භූමියේ දමා තිබිණි.
මෙය දුටු මිතුරන් දෙදෙනකුට සිත් පහළ වූයේ අර්තාපල් ගෝනි කිහිපයක් සොරකම් කර තමන්ටත් වාසියක් ලබා ගැනීමටය. කාලයක පටන් සොරකම පුරුදු වූ මිතුරන් දෙදෙනාට අර්තාපල් ගෝනි තුනක් සොරකම් කිරීම එතරම් අපහසු වූයේ නැත.
තමන් ගෙනා අර්තාපල් ගෝනි කිහිපයක් යමකු විසින් සොරකම් කර ඇතැයි පසුදින පොලිසියට පැමිණිලි කළේ අර්තාපල් වෙළෙන්දාය. පැමිණිල්ලට අනුව පොලිසිය සොරා සොයන්නට කටයුතු කළේය. මෙවැනි වර්ගයේ සොරකම් කරන්නේ කවුරුන්දැයි දන්නා පොලිස් නිලධාරීහු ඔවුන් එකිනෙකා සොයා විපරම් කරන්නට වූහ.
සොරකම් කිරීම හේතුවෙන් කිහිප වාරයක්ම පොලිසියෙන් බැට කෑ මිතුරන් දෙදෙනාද සොයා යන්නට නිලධාරීහු අමතක නොකළහ. සොරුන් වුවත් ඇතැම් සිද්ධීන්වලදී පොලිසියට ඔත්තු සපයන්නේ මොවුන් දෙදෙනා වීම නිසා නිලධාරීන් සමඟ මොවුහු තරමක මිතුරු බවක්ද දක්වති.
පොලිස් නිලධාරීන් දෙදෙනා ත්‍රිරෝදයෙන් එක් මිතුරකුගේ නිවසට පිටත් විය. නිවෙසට යන විට එහි සිටියේ මිතුරාගේ මව පමණි. පුතා කොයිදැයි විමසූ විට ඇය පවසා ඇත්තේ අඩු මුදලකට අර්තාපල් ගෝනි කිහිපයක් ලැබී ඇති නිසා ඒවා විකුණන්ට පුතා පිටත්ව ගිය බවයි. මවගෙන් ඔත්තුව ලැබිණි. නිලධාරීන් දෙදෙනා නැවත ත්‍රිරෝදයෙන් පිටත් වන විට පාරේ රස්තියාදු වෙමින් සිටි මිතුරා දුටුවේය. මිතුරුකමින් ඔහු අමතා ත්‍රිරෝදයේ නංවාගෙන ඔහුගේ මිතුරා හමුවීමට තිදෙනාම ගියහ. මිතුරාද ත්‍රිරෝදයට නංවාගත් ඔවුන් ඉක්මන් ගමනින් පිටත් වූයේ පොලිසියටය. අර්තාපල් ගෝනිවල සොරකම වමාරන්නට මිතුරන් දෙදෙනාට ඉන් අනතුරුව සිදුවිය.
මවගෙන් ලද ඔත්තුව නිසා පුතාත් ඔහුගේ මිතුරාත් අර්තාපල් සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරාගේ අම්මාගෙන් හොරාගැන පොලිසියට ඔත්තුවක්