කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අවශ්‍යතාවක් සඳහා නතර කර ගිය යතුරු පැදියේ ඇද්ද තෙල් යතුරු පැදි අයිතිකරුටම අලෙවි කළ දෙදෙනකු පිළිබද ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මේ දිනවල තෙල්වලට ඇත්තේ පුදුම ඉල්ලුමකි. මේ දෙදෙනා එදා මහ මග ජන ශුන්‍ය ස්ථානවල නතරකර තිබෙන යතුරු පැදියක තෙල් ඇද්දාහ.
මේ දෙදෙනා යතුරු පැදියෙන් තෙල් අදිනු දෙතුන් දෙනකු දැක්කත් මහා පාරේ තැනින් තැන බට දමා යතුරු පැදිවලින් තෙල් ඇදීම සාමාන්‍ය දෙයක් වී ඇති නිසා ඔවුහුද එය දැක්කා නොදක්කාමෙන් එතනින් ගියහ.
ඒ අතරතුර ඇද්ද තෙල් බෝතලයත් සමග ඔවුන් දෙදෙනාද එතැනින් වාෂ්පවී ගියේ ගණදෙවි නුවණද ප්‍රයෝජනයට ගෙනය.
ඔවුනට අවශ්‍යවී තිබුණේ ඇද්ද තෙල් බෝතලය කාහටවුවද කීයකට හරි විකුණා සල්ලි සොයා ගැනීමටය. ඒ අරමුණ ඔස්සේ ගිය ඔවුන් දෙදෙනා ඉදිරියට ආවේ යමක් කමක් ඇතැයි සිතිය හැකි අයෙකි. ‘‘හා අයියේ අපි පෝලිමේ ඉදලා බොහෝම අමාරුවෙන් තෙල් ටිකක් ගත්තා. අපි ඉතින් ගන්නේ පොඩි සම්තින් එකක් හොයා ගන්න. ඔයාට ඕනෑනම් මේ ගානට දෙන්නම්’’ කියා ඔවුන් පැවසුවේ තමන් අපේක්ෂා කළ තෙල් බෝතලයට වඩා අඩු මුදලකටය. අතට පැමිණි වාසිය කොහෙත්ම අත හරින එක මෝඩකමක් යයි සිතු ඔහු තෙල් බෝතලය මිලදී ගත්තේය.
සිය යතුරු පැදිය ළඟට ගිය ඔහුට එහි තෙල් බටය ගලවා තිබෙනු දක්නට ලැබිණ. යතුරු පැදිය නතර කර තිබූ තැන තෙල් බිම වැටී තිබෙනුද ඔහුට දක්නට ලැබුණේය.
සිදුවූදේ තේරුම් ගැනීමට වැඩිවෙලාවක් ගත නොවූ ඔහුට යතුරු පැදිය යළි සක්‍රිය කිරීමට හැකිවී ඇත්තේ සිය යතුරු පැදියෙන් ඇද මිලදී ගත් තෙල් දැම්මායින් පසුවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරෙන් ඇද්ද තෙල් අයිතිකරුටම කරකැවී ඇවිත්