සැමියා නිවෙසේ නොමැති විට හොර රහසේ බිරියගේ පහස පතා එන පුද්ගලයකු අනපේක්‍ෂිතව සැමියා නැවත නිවෙසට පැමිණීමත් සමඟ එම අනියම් සැමියා එම නිවෙසේ දොරෙන් වෙනුවට ජනේලයෙන් පැන යාමට උත්සාහ දැරීමේදී ජනෙල් කූරු අතර එළියට හිසද ගෙතුළට කඳ කොටසද වන සේ සිරවී නිවෙස් හිමියාගේ අතට හසුවූ පුවතක් අලව්ව ප්‍රදේශයට අයත් ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය,
ප්‍රසිද්ධ සිප් හලක ගුරුවරයකු වන නිවෙස හිමිකරු පාසල බලා උදයේ පිටත්ව ගියද සුළු වෙලාවකට පසු නිවෙසේ අමතකව ගිය ජංගම දුරකතනය රැගෙන යාමට නැවත නිවෙසට පැමිණියේය. එහිදී නිදන කාමරේ බිරිය සමග යහන්ගතව සිටි අනියම් සැමියා කලබලයට පත්ව දොරෙන් පිටව යනු වෙනුවට කාමරයේ පිහිටි ජනේලයේ කූරු මෑත් කර ඒ අතරින් රිංගා යාමට උත්සාහ කරත්දී ජනේලයේ කූරු අතර සිරවිය.
සිදුවී ඇති දේ පිළිබඳ අවබෝධ කොට ගත් ගුරුවරයා ජනෙල් කූරු මෑත් කොට සිරවි සිටි පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලාගෙන“ තමුසෙ මට හැංඟි හොරා මෙච්චර දවසක් නටපු නාඩගම අද අතටම අසුවුණා. ඒ මදිවට උගලකටත් හිරවුණා නේද? අයිසේ මේ දේවල් කරන්න තව ටිකක් පුහුණු වෙන්න වෙයි” යනුවෙන් පවසා අතින් පයින්ද එම පුද්ගලයාට පහර දුන්නේ “ආයේ මේ පැත්ත පළාතේ මට අසු වෙන්න ආවොත් බලාගෙනයයි” යනුවෙන් පවසමිනි.
ගුරු බිරියගේ පහස පතා පැමිණි ගුරුවරයාගේ ග්‍රහණයට හසුවූ පුද්ගලයා සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාමටත් පෙර ගම අතහැර ගොස් අවසන්ය.
(අලව්ව ජයන්ත කුමාර දිසානායක)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොර ගමනක් ගිහින් ජනෙල් කූරු අස්සේ හිරවෙලා