(පස්සර ගාමා වීරසිංහ)
නිවස ආසන්නයේදී හොල්මනකට බිය වූ පුද්ගලයකු කිලෝමීටර් දෙකක් පයිනුත් ගමන් කර ත්‍රිරෝද රථ දෙකකටත් කුලිය දී කිලෝමීටර් හයක දුරක් ගෙවා ගෙදරට ගිය පසු මුහුණ දුන් සිද්ධියකි මේ.
සිද්ධිය සැළවූයේ බදුල්ලට නුදුරු ගමකිනි. සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාගේ නිවෙසටම බදුල්ල නගරයේ සිට මාර්ග දෙකක් ඔස්සේ යා හැකිය. එක් මාර්ගයකින් කිලෝමීටර් දෙකක් පමණ ද අනෙක් මාර්ගයෙන් කිලෝමීටර් දෙකයි කාලක් පමණ ද දුරය. සිද්ධියට මුහුණ දුන් තැනැත්තා රැකියාව කරන්නේ බදුල්ලෙන් ඈත දුර බැහැර නගරයකය. ඔහු සෑම මසකම සිය වැටුප ද ලැබූ පසු නිවෙසට පැමිණෙන්නේය.
හොල්මන් අවතාර ගැන ද විශ්වාස කරන ඔහු දුක් මහන්සි වී ලබන වේතනය නිකරුණේ වියදම් කරන්නේ ද නැත. සිය වියහියදම් ද බොහෝ දුරට බිරියගේ නියෝගයන්ට අනුව සිදු කිරීමට බැඳී සිටින ඔහු ගමටම ප්‍රසිද්ධ අවංක සැමියෙකි.
ඉකුත් මාසයේ වැටුප ලබා කෙටි නිවාඩුවක් ද අනුමත කර ගත් ඔහු සිය ආයතනයෙන් පිටවූයේ බදුල්ලේ පිහිටි ගම් ප්‍රදේශයට යාමටය. ගෙදරට වුවමනා කරන දේ ද රැගෙන බොහෝ දුර ගෙවා බදුල්ල නගරයට පැමිණෙන විට රාත්‍රී 11.30 පමණ විය. නගරයේ සිට නිවෙස බලා යෑමට මේ වෙලාවට බස් රථයක් ද නොමැති නිසා පා ගමනින්ම නිවස බලා යාමට ඔහු අදිටන් කරගත්තේ රාත්‍රී ගමනකට ත්‍රිරෝද රථයකට අය කරන මුදල ද වැඩි නිසා එම මුදල ද ඉතිරි කර ගැනීමටය.
කෙටිම මාර්ගයෙන් නිවෙසට යාමට තීරණය කළ ඔහු නගරයේ සිට ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගොස් කිලෝමීටර් කාලකට ආසන්න දුරක් අතුරු මාර්ගය ඔස්සේ යන විට ගමේ ජීවත් වූ පුද්ගලයකු දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව ද මතකයට නැඟිනි.
අතුරු මාර්ගය අයිනේ වැට දෙසින් ඇසුණු ජර බර හඬකින් ඔහු තිගැස්සුනි. දුටු දෙයින් ඔහුගේ තොල කට වියැළී සුළු දිය පිටවන්නට ද ඔන්න මෙන්නය.
මල් වඩමක් ඉදිරියටත් පිටුපසටත් එහෙ මෙහෙ වන අයුරු දුටු ඔහු නැවත පස්ස නොබලාම ප්‍රධාන මාර්ගයටත් ප්‍රධාන මාර්ගය ඔස්සේ නගරය දෙසටත් යන විට නගරය දෙසට යන ත්‍රිරෝද රථයකට අත දිගු කර නැවත නගරයට ගියේ රුපියල් 300ක මුදලක් ද ගෙවාය. නැවත ගෙදර යාමට ඇති අනෙක් මාර්ගය ඔස්සේ වෙනත් ත්‍රිරෝද රථයකින් රුපියල් 300ක් ගෙවා නිවෙසට ගොස් සිදුවූ පුවත බිරියට ද දරුවන්ට ද සැළ කළේ සුමානෙකට ඉහත මැරුණ කෙනා මල්වඩමක් ද රැගෙන වැටෙන් එබිකම් කළ බව පවසමිනි.
සිය සැමියා දුටුවා යැයි කියූ දේ උදෑසනම බිරිඳ විසින් මුළු ගමටම පැතිරුවේ ලොකු කුඩා සියල්ල භීතියට පත්කරමිනි.
සිද්ධිය ගමේම පැතිරී පැය දෙක තුනකට පසු ගමෙහි ගවපට්ටියක ගවයකුගේ බෙල්ලේ පටැල වී තිබුණු මල් වඩම ද රැගෙන සිද්ධිය වූ තැනැත්තාගේ නිවස දෙසට ගව හිමියා ගියේ කොක් හඬලා සිතා සෙමින් ගමේ අයගේ ද සිනහව සමඟිනි.
හඳයාගේ බෙල්ලට වැටී තිබුණු මල්වඩම ඉවත් කර ගැනීමට රැයක් පහන් වනතුරු වැට ද උපකාර කර ගනිමින් හඳයා දැරූ උත්සාහය අසාර්ථක වී තිබූ බව ගව පට්ටි හිමිකරු ගමේ අයට පැවසුවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොල්මනකට බයවී කිලෝමීටර් දෙකක් ත්‍රිරෝද රථ දෙකකින් ගිහින්