X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


හොල්මනකට බියවූ ආරක්ෂකයා පළාතම දෙවනත් කරලා

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයකට නුදුරින් ප්‍රසිද්ධ විහාරයක රජයේ ආරක්ෂාව යොදවා රාජකාරියේ  සිටි ආරක්ෂක නිලධාරියකු පසුගියදාක  හිමිදිරිය උදා වෙන්නට මත්තෙන් හොල්මන් අවතාරයකට බිය වූ පුවතක්  ගම් නියම් ගම් පුරා පැතිර ගොස් තිබුණි.


රජයේ එම ආරක්ෂක රාජකාරියට එක්වී වැඩි කලක් නොවන තරුණ නිලධාරියා එදින පිවිසුම් දොරටුවේ රාජකාරි කරමින් සීතලේ වෙවුලමින් සිට ඇති  අතර එක් වරම ඔහු ඉදිරියේ සුදු පිරුවටයක් පොරවා ගත් අයෙකු වරින් වර පෙනී නොපෙනී තමන් ළඟට එන ආකාරයක් දිස් වී බියට පත්ව වෙවුලන්නට පටන් ගෙන තිබේ.


අවට කිසිවකු නොසිටි එම අවස්ථාවේ බියට පත් එම නිලධාරියා රාජකාරි ස්ථානය අමතක කර කෑ ගසා උදව් ඉල්ලා තිබේ. පසුව මොහුගේ කෑ ගැසීම ඇසුණු නින්දේ පසු වූ වෙනත් සේවකයන් දෙදෙනකු පැමිණ බියට පත්ව වෙව්ලන්නට වූ  මෙම නිලධාරියාගේ  බිය  නැති කිරීමට නොයෙක් දේවල් පවසා පැන් ඉස පිරිත් සූත්‍රයක් කියන්නට කටයුතු කර  පහන් වන තුරු එම නිලධාරියා සමඟ ගත කර තිබේ.


ඉර උදා වී  මෙහි සුල මුල සෙවීමට සියල්ලන්ම විමසිලිමත් වීමේදී  කාරණය වැටහී තිබේ. ඒ  එම අවස්ථාවේ සුදු පිරුවටයක් හිස වැහෙන්න පොරවාගෙන ඔබ මොබ එන ආකාරය දැක ඇත්තේ හොල්මනක් හෝ අවතාරයක් නොව  දේවාලයේ ආවතේව කරන කපු මහතා බවය.


පසුව ඔහු කාරණය දැන ගැනීමෙන් පසු මහත් ලැජ්ජාවට පත්ව  දන්නා කියන අයට මුහුණ දීමට මැලිකමක් දක්වන බව දැනගන්නට තිබේ.

අලුත්ගම 
තුසිත කුමාර ද සිල්වා



අදහස් (0)

හොල්මනකට බියවූ ආරක්ෂකයා පළාතම දෙවනත් කරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site