(අකිල බද්දෙවිතාන)
දින කිහිපයකට පෙර කොළඹ කොල්ලූපිටියේ තරු පහේ හෝටලයකට ත්‍රීරෝද රියක් ඇතුළු කැරිණි. එම හෝටලයට ත්‍රීරෝද රථ ඇතුළු කිරීමට ඉඩ නොදෙන නමුත් එහි සිටි පුද්ගලයා කියා සිටියේ තමාගේ කකුලක් අනතුරට ලක්වී ඇති බවයි. කිහිලිකරුවක්ද ඔහු ළඟ විය.
කිහිලිකරුවෙන් හෝටලයට ඇතුළුවූ ඔහු එහි ලොබියේ අසුන්ගත්තේය. හෝටලයේ කාමරයක අංකයක් කී ඔහු තමා එහි කාමරයේ සිටින බව ද සඳහන් කළේය. ඔහු කී විස්තර කළමනාකරුගේ පරිගණක තිරයේද දිස්විය. කාමරයේ යතුර කොහෙදෝ වැටී ඇතැයි ඔහු කීීය. කෑම ඇණවුම් කරද්දී ඔහු බ්ලැක් ලේබල් විස්කි බෝතලයක්ද ඇනවුම් කළේය. එවැනි හෝටලයක බ්ලැක් ලේබල් විස්කි බෝතලයක මිල රුපියල් 45,000 ක් පමණ වේ. රෑට කෑමෙන් පසුව විස්කි බෝතලය ඔහුගේ සහායකයාට දී ඔහුත් සමඟ හෝටලයෙන් පිටවී ගියේය.
කළමනාකරු ඉන්පසු ඔහු කිවූ කාමරයට බිල යැව්වේය. කාමරයේ ආගන්තුකයාට තරු පෙනිණි. ඔහු එම දේවල් ඇණවුම් නොකළ බව කීය. කළමනාකරු පොලිසි ගියේය. පොලිසිය හෝටලයේ සීසීටීවී ආරක්ෂක කැමරා පිරික්සුවේය. එමගින් ත්‍රිරෝද රියැදුරා සොයාගත්තේය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. හරි හොඳ මහත්තයා, මාත් එක්ක ඉඳ හිටලා ඔහොම හෝටල්වලට යනවා. මහත්තයා කාලා බීලා මටත් දෙනවා. අඩියකුත් දෙනවා. එදා මහත්තයා මාත් එක්ක හෝටලයට ගියා. කෑවා බීවා. මටත් දුන්නා. මහත්තයා අතුරුගිරිය පැත්තේ ගෙදරටත් ගිහින් ඇරලූවා.
පොලිසිය ඔහු සොයා ගත්තේය. ඔහු විශ්රාමිකයෙකි. වයස 61 කි. විශ්‍රාම ගත්තේ පොලිස් බුද්ධි අංශයෙනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හෝටල් කළමනාකරු අන්දා අනුන්ගේ කාමරයකට වැදී කා බී පැන ගිහින්
ගනිදු Wednesday, 29 July 2015 04:32 AM
බුද්ධිය විනෝදය සදහා භාවිතා කිරීම තව එක නිදසුනක්. (හේ)
විපුල Wednesday, 29 July 2015 04:45 AM
හොද වැඩේ.වයස හැටියට නෙමෙයි වැඩ.(හේ)
බද්රනි Wednesday, 29 July 2015 03:50 PM
පිනට කන්න බොන්න තිබෙන පෙරේතකම මිසක් ඉතින් වෙන මොකක්ද? ලැජ්ජා නැතිකම පිරිමිකමටත් වඩා ලොකු ඇති. (නි)
ඉසුරන්දි Thursday, 30 July 2015 01:27 PM
මාර අන්ඩ පාලයෙක්නේ.(නදී)