වන්දනා බස් රථයක් තේ බීම සඳහා උඩරට ප්‍රකට හෝටලයක් ඉදිරිපිට නතර කළ විට නඩයේ වූ දෙදෙනකු එහි ඇතුළු වී බනිස් දෙකක් හා තේ දෙකක් ගෙනෙන ලෙස ඇණවුම් කළේය. එය ලැබිණ. මවක් පියා හා දරුවන් දෙදෙනකු අසල වූ මේසයෙහි කෑම කමින් සිටි අතර දරුවෝ කට්ලට් හා රෝල්ස් කීපයක් ගෙන මදක් කා ”ඌයියා මිරිස්” කියා ඒවා පසෙක තබා තවත් කෑම වර්ග ගැනීමට අත දැමූහ. කෝපයට පත් පියා එම ආහාර සහිත පිඟාන උදුරාගෙන නඩයේ දෙදෙනා සිටි මේසයේ තැබුවේ ආරක්ෂාවටය. පවුලේ අය ඉවත්වූ පසු ආහාර බිල බැලීමට ආ සේවකයා දරුවන් විසින් කෑමට ගෙන තම මේසයේ තැබූ පිඟාන පරික්ෂා කරමින් දරුවන් කෑමට ගෙන තිබූ ආහාරවල බිලද ඔවුන්ගේ බිලට එකතු කළේය. නඩයේ වූ දෙදෙනා කොතෙක් තර්ක කළත් බැරිම තැන ඔවුන් ඒ බිලද ගෙවා දැම්මේ ආත්මගරුත්වය රැක ගැනීමටලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හෝටලේට තේ බොන්න ඇවිත් අනුන්ගේ බිලකුත් ගෙවන්න වෙලා
ප්‍රියන්ත Friday, 07 September 2012 08:36 AM
ඔවා සාමාන්‍ය දේවල්නේ..(ස)
ටෝනි Saturday, 22 September 2012 06:45 AM
ළමයින්ට කන්න දෙන්න බැරි නම්, ගෑණිව නඩත්තු කරන්න බැරි නම් බදින්න එපා. නමුත් අද හැම මිනිහම වගේ කරන්නේ පවුල් ජීවිත ගතකරන්න ඕනෑකමට බැදලා පවුලම අමාරුවේ දාන එකයි. ගණිකා නිවාස නීතිගත කළානම් මේ ප්‍රශ්න ඔන්න ටිකක් හරි අඩු වෙන්න තිබුණා. (නි)
නිපුණ Thursday, 13 September 2012 09:32 PM
සල්ලි වලට ඔයතරම් ලෝභ වෙන්න එපා. (නි)
අබේවික්‍රම Tuesday, 11 September 2012 10:12 AM
තනියෙන් කනකොට ඔහොම තමයි.. (ස)
නුවන් Sunday, 09 September 2012 07:39 PM
පොඩි දරුවෝ නිසා කමක් නැහැ.(නදී)
නුවන් Sunday, 09 September 2012 07:39 PM
පොඩි දරුවෝ නිසා කමක් නැහැ.(නදී)
නුවන් Sunday, 09 September 2012 07:32 PM
පොඩි දරුවන් නිසා කමක් නැහැ. (නි)
කිත්සිරි Saturday, 08 September 2012 05:41 PM
පොඩි ගැටළුවක් තියෙනවා.. අර පවුලේ කට්ටිය යන්න කලින් කෑම පිගාන බළලා බිල හැදුවෙ නැද්ද?(නු)
මාලක Saturday, 08 September 2012 08:03 AM
ලලිතගෙ කතාව ඇත්ත...(නු)
ලලිතා Saturday, 08 September 2012 07:11 AM
මේ කතාවේ මේ ටික මම තෙරුන්ගත්තේ මුණ බලන කන්නාඩියට අල්ලලා: "පවුලේ අය ඉවත්වූ පසු ආහාර බිල බැලීමට ආ "සේවකයා" දරුවන් විසින් කෑමට ගෙන "තම" මේසයේ තැබූ පිඟාන පරික්ෂා කරමින් දරුවන් කෑමට ගෙන තිබූ ආහාරවල බිලද "ඔවුන්ගේ" බිලට එකතු කළේය. තේරෙන්නේ නැත්නම් ඔයාලත් එහෙම කරන්න!
සජී Thursday, 06 September 2012 10:24 AM
මේකනම් නියම කතාව...(ස)
අමිල කටුනායක Thursday, 06 September 2012 09:17 PM
සේවකයා 'බිල් ලාඩන්' කෙනෙක් වගේනේ. (නි)
යොහාන් Thursday, 06 September 2012 05:05 PM
කොහොමත් ඒ අය මගීන්ගෙන් වැඩියෙන් ගන්නවා..රියදුරාගෙයි,කොන්දොස්තරගෙයි තේ බොන ගාස්තුවත් මගීන්ගෙන් තමයි ගන්නේ.(ස)
උදිත් Thursday, 06 September 2012 04:40 PM
කොන්ද පණ නැද්ද කතාකරන්න (ස)
කපිල Thursday, 06 September 2012 04:15 PM
මොනවා කරන්නද? ඇමෙරිකන් සිංහලද කොහේද? (නි)
රාජා Thursday, 06 September 2012 02:34 PM
අනේ ඕක මොකක්ද පොඩි දරුවො දෙන්නෙක් කාපු දෙයක්නෙ.(වි)
චන්ද්‍රසිරි Thursday, 06 September 2012 01:26 PM
පොඩි අය එහෙමම තමයි කෑම සේරම ටික ටික කනවා..!!(නු)
වරුණ Thursday, 06 September 2012 11:00 AM
ඕවා හෝටල්වල නිතරම වෙනවා.. සොසේජස් බන් ගෙන්නලා සොසේජස් කාලා බනිස අනිත් පැත්ත හරවලා තියෙනවා.. එක්කෝ වැඩියෙන් කාලා ගත්තෙ මොනවාද කිව්වාම අඩුවෙන් දේවල් කියනවා..!!(නු)
දයා Thursday, 06 September 2012 10:58 AM
පව් අර දරුවෝ දෙන්නා කාපු දේකටනේ බිල ගෙව්වේ..පිනක් .යහපත් ක්‍රියාවක්.(ස)
ස්ටැල්ක් Thursday, 06 September 2012 10:50 AM
"මවක් පියා හා දරුවන් දෙදෙනකු අසල වූ මේසයෙහි කෑම කමින් සිටි අතර දරුවෝ කට්ලට් හා රෝල්ස් කීපයක් ගෙන මදක් කා ”ඌයියා මිරිස්” කියා ඒවා පසෙක තබා තවත් කෑම වර්ග ගැනීමට අත දැමූහ." : අදහස් හොඳින් පැහැදිලි වන සේ විශිෂ්ටව සිංහල බස හසුරුවා තියෙනවා.(ස)