X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


හෝටලේ බිල දැකලා දෙන්නටම තරු පෙනිලා

එක්තරා අධිකාරියක සාමාන්‍ය සේවකයන් දෙදෙනකු වූ ඔවුහු පසුගියදා දකුණේ වෙරළබඩ හෝටලයකට ගියේ කෙටි ආහාරයක් රැගෙන තේ දෙකක් බීමටය. මෙය සංචාරකයන් සඳහා වූ හෝටලයක් බව දැන ගත්තේ ඇතුළු වූ පසුවය. ආ ලජ්ජාවට එහි අසුන්ගත් ඔවුන් ඉදිරියට ආ වේටර් තැන ආහාර මනුපත ඉදිරිපත් කළත් ඉංගී‍්‍රසි වට්ටෝරුව කියවීමට අපොහොසත්වූ ඔවුන් මනුපතෙහි එක් කෑම වර්ගයක් පෙන්වූයේ තත්ත්වය රැක ගැනීමටය. ඔහු ආපසු හැරෙත්ම ”මල්ලී ප්ලේන්ටි දෙකකුත් ගේන්න” යිද කීය. වේටර් තැන ඉදුණු පැපොල් පලූ දෙකක් හැඳි දෙකක්ද සමඟ රැගෙන එන ආකාරය දුටු ඔවුන්ට තරු පෙනිණි. ඒ සමඟම උණුවතුර දැමූ කෝප්පයකට කුඩා තේ කොළ බෑගයක්ද සීනි භාජනයක්ද ගෙනැවිත් තැබුවේය. පළපුරුදු අය ලෙස පැපොල් කා තේ බී නැගිටින විට ගෙනා බිල පරීක්ෂාකළ ඔවුන්ට තරු පෙනුණේ එය රුපියල් තුන්සිය තිහක බිලක් වූ නිසාය.



අදහස් (0)

හෝටලේ බිල දැකලා දෙන්නටම තරු පෙනිලා

එරංග Wednesday, 07 November 2012 03:24 PM

දුක් මහන්සියෙන් හම්බකරපු දේ රැකගන්න ලැ‍ජ්ජා වෙන්න ඕනි නෑ ! .(ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 06 November 2012 12:29 AM

අද ලොකු පැපොල් ගෙඩියක් වත් ගන්න බැහැ ඔය ගානට.. 330 ගෙවා අද හෝටලයක ඉදගෙන කන්නත් වාසනාවක් තියෙන්න ඕන..!(නු)

:       0       0

ජයී තිසර Tuesday, 06 November 2012 03:26 AM

ඔය මෝඩයි කියන අය ඔළුව අතගාලා බැලුවා නම් හොඳයි. ඉතාලියේ සිදුවන දෙයක් කීමට, ඉතාලි‍යේ ජීවත්වීමට හෝ ඉතාලි‍යේ යාමට අද ලෝකයේ අවශ්‍ය නැත. ළිඳේ ඉන්න මැඩියෝ වගේ අදහස් ලියන එක වැරදියි. අන්තර්ජාල‍යේ සිංහල භාෂාවෙන් පමණක් ලියන දේ ඉතා ස්වල්පය. ලංකාදීපය පමණක් නොව ලංකාවේ තිබෙන වෙනත් භාෂා වලින් ප්‍රසිද්ධ වන ප්‍රවෘත්ති පත්‍රද, පොත පතද කියවන්න. ඔබලා මේ අදහසට පැමිණීමට හේතුව, ඉතාලි‍ය ගැන වෙනත් භාෂාවලින් ලියවූ පොත් කියවා නැති බවයි. මට ඉතාලි‍යට යාමටවත් එහි ජීවත්වීමටවත් කිසිදු අවශ්‍යතාවයක් නැත. සුමුදු ජීවත්වන්නේ ඉතාලි‍යේ බව ඔබේ ප්‍රතිචාරයෙන් මට වැටහුණි. මෝඩකම ඇත්තේ ඔබ ලියූ වාක්‍යයේය. (නි)

:       0       0

ජනිත Tuesday, 06 November 2012 09:29 AM

දැං පැපොල් ගෙඩියක් රැපියල් එකසිය පනහක් විතර වෙන නිසා ඒක ගානක් නැහැ..!(නු)

:       0       0

ශලිනි Tuesday, 06 November 2012 09:40 AM

සංචාරක හෝටල් වල මිල ගණන් හදන්නේ විදේශිකයින්ට හරියන විදිහට,රු330/= කියන්නෙ $ වලින් පොඩිගානක්(2-3).අපි ගියත් ඔච්චර තමයි.කොළඹ සමහර සුපිරි අවන්හල්වල පේස්ට්‍රි එකක් රු400/= පනිනවා.අනික ලංකාවෙත් මේස රෙද්දට,ඉඳගන්නවට,සේවයට ඔක්කොටම සල්ලි ගන්නවා,එකම දෙය බිල් එක කියවනවා නම් අය කරලා තියෙන්නේ මොනවාටද කියලා දැන ගන්න පුලුවන්.(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 06 November 2012 10:07 AM

විශ්වාසද 330ක් කියලා මටනම් හිතෙන්නේ 3300ක් කියලා මොකද අදකාලේ 3300 එතරම් ගානක් නෙමෙයිනෙ..!(නු)

:       0       0

රංජනා Tuesday, 06 November 2012 10:21 AM

යන්න කලින් එතන කෙයිවගේ තැනක්ද කියලා බලලා ගියානම් නේද හොද?

:       0       0

ගමගේ Tuesday, 06 November 2012 05:08 PM

තරු නොපෙනී තියෙයිද

:       0       0

නදී Wednesday, 07 November 2012 02:01 AM

ඉංග්‍රීසි පන්තියකට නොගියොත් තවත් අමාරුවේ වැටෙයි. (නි)

:       0       0

නුවන් Wednesday, 07 November 2012 08:59 AM

ජයතිසර,ඔයා කේන්ති ගන්න එපා.මේ කියන්නෙ ලංකාවෙ සිදු වීමක්. ඔයා ඉතාලිය ඈදල ගත්තු එකත් වැරදියි. අනික රුපියල් තුන්සීය ලොකු ගානක් වෙන්නෙ අවස්තාවෙ හැටියට නේ.... මේ දෙන්න ගියෙ පොඩි දෙයක් කාල තේ එකක් බොන්න නේ. අතේ රුපියල් සීයක් නැති වෙලාවල් මට නම් තිබිල තියෙනව. ඇත්ත ඒකනේ යාළුවේ .(ස)

:       0       0

සුසන්ත Wednesday, 07 November 2012 10:08 AM

තරු නොපෙනී තියෙයිද

:       0       0

මුතුකුඩ Tuesday, 06 November 2012 12:09 AM

ඉතාලිෙය් කඩයක කෑම කන්න ගියවිට දාන මේස රෙද්දටත් මුදල් අය කරනවා...? දවල්ද?(නු)

:       0       0

ජයී තිසර Wednesday, 07 November 2012 07:29 PM

නුවන්, මගේ වරද පෙන්වා දුන්නාට ඔබට ස්තූතියි. කුඩා සංචාරක හෝටලයක් කියූ බැවින් මම එය වැඩිදුර නොබලා ලිවුවෙමි. (නි)

:       0       0

දේවින්ද Wednesday, 07 November 2012 09:58 PM

ඕනෑම භාණ්ඩයකට සාධාරණ වටිනාකමක් තියෙනවා. එම වටිනාකම ස්ථානය අනුව වෙනස් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

බෝගහගේ Wednesday, 07 November 2012 11:04 PM

ඕකතමයි කියන්නේ දන්න සිංහලෙන් වැඩකරන්න කියලා. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 07 November 2012 11:30 PM

යහළුවෝ දෙන්නාට තිබුණේ හෝටලේ බෝඩ් එක බලලා ඇතුළට යන්නනේ. (නි)

:       0       0

ජගත් Friday, 09 November 2012 12:22 AM

මාලදිවයිනේ කොකාකෝලා බෝතලයක් ඩොලර් 3ක් විතර වෙනවා. (නි)

:       0       0

කවී Sunday, 11 November 2012 10:19 AM

ලෝකේ වෙන කොහේවත් ඔය ගානට කන්න බෑ (ස)

:       0       0

ලක්ෂිත Monday, 12 November 2012 04:04 PM

කෑවනම් බල මාළු විදවපන් කොලුවෝ (ස)

:       0       0

ප්‍රසන්න Monday, 12 November 2012 09:24 PM

ගස්ලබු හොද විරේක පළතුරක් කියනවනේ. (නි)

:       0       0

චන්දිම Tuesday, 13 November 2012 12:44 PM

ඔය ගාන හරි. (ස)

:       0       0

ජයී තිසර Monday, 05 November 2012 02:37 PM

ඕක මොකක්ද? ඉතාලියේ කඩයක කෑම කන්න ගියවිට දාන මේස රෙද්දටත් මුදල් අය කරනවා. (ස)

:       0       0

නිරාන් Monday, 05 November 2012 11:24 AM

ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි. (නි)

:       0       0

ලාල් Monday, 05 November 2012 12:44 PM

නයි කයිද රෝ්‍ස්පාන් කිව්වලු (ස)

:       0       0

අසිත Monday, 05 November 2012 12:57 PM

තමන් වැරදි තැනකට ආව කියල දැනුනානම් ආපහු හැරිලා යන්න අයිතියක් තියෙනවා. ලැජ්ජා වෙන්නේ මොකටද? මේක ලැජ්ජාව නෙවෙයි මෝඩකම. (ස)

:       0       0

රුවන් Monday, 05 November 2012 01:10 PM

330 ක් කියන්නෙත් ගානක්ද?? (ස)

:       0       0

සදුනි Monday, 05 November 2012 01:15 PM

අසිත ඔයා හරි.පොලවේ පය ගහලා ඉන්නවනම් ඔවා ගනන් ගන්න දේවල්ද (ස)

:       0       0

යොහාන් Monday, 05 November 2012 01:35 PM

ඇති ඔයින් බේරුනා, පාන් කෑවොත් ඔහොමමමයි (ස)

:       0       0

හසිත් Monday, 05 November 2012 02:02 PM

හෝටල් කරුවන් කාගේ හරි දත් ගලවන්නමයි හදන්නේ (ස)

:       0       0

‍ෂිෆාස් Monday, 05 November 2012 02:20 PM

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග (ස)

:       0       0

වරුණ Monday, 05 November 2012 02:31 PM

330 ක් කියන්නේ මොකද්ද අද කාලේ. 330 කට තරු පේනවානම් 1000 - 1500 ක බිලක් ආවම පපුවේ අමාරුව හැදිලා මැරිලා වැටේවි (ස)

:       0       0

සරත් Monday, 05 November 2012 09:42 AM

දැනට දශකයකට පෙර ඔය ගානට කෝපි එටකක් බීල තියෙනවා. කරන්නම දෙයක් නැති කමට. ගණන් ගන්න එපා. (ස)

:       0       0

නිලන්ත Monday, 05 November 2012 03:11 PM

අනේ තිසර .....ඔයා ඉතාලියේ කිව්වනම් ඉවරනේ... (ස)

:       0       0

සුමුදු Monday, 05 November 2012 03:44 PM

මේක මෝඩ කමේ උපරිමය . නැත්නම් ඇවිත් ඕක කියන්න ඕනැයැ , පාඩුවේ ඉන්නේ නැතුව (ස)

:       0       0

සනා Monday, 05 November 2012 03:53 PM

ඕක මොකද්ද . ගස්ලබු ගෙඩියක් දැන් ඔය ගණන් වෙනවා තමයි (ස)

:       0       0

හෂාන් Monday, 05 November 2012 06:11 PM

අපිට උනා නම් මොකද කරාන්නේ

:       0       0

හිල්මි Monday, 05 November 2012 06:25 PM

ඕක නම් ඇත්තතමට මෝඩ කමක් තමයි හැබැයි වෙන වැඩක් කිව්වනම් නියමෙටම කරයි...!(නු)

:       0       0

චන්ද්‍රසිරි Monday, 05 November 2012 06:25 PM

ඕක වෙන විදියකට අපි අහලා තියෙන පරණ කතාවක්..!(නු)

:       0       0

විරාජ් Monday, 05 November 2012 08:33 PM

330ත් ගානක්ද? හිහ් හිහ්.. පාන් ගෙඩි 6ක් වත් ගන්න පුලුවන්ද? (නි)

:       0       0

පෙරේරා Monday, 05 November 2012 08:41 PM

අනේ ඉතිං වෙච්චදේට මොනවා කරන්නද?(නු)

:       0       0

ජනිත පැතුම් Monday, 05 November 2012 09:54 PM

රැපියල් 330 ගානක්ද දැං කලේ ඔහොම තමයි.. ගනන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනා වෙලා ඔහෙ අපි ඉමු..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site