(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
පොදු ළිඳක් අසල කාන්තාවන් දිය නාන හැටි බලා සිටි විවාහකයකුට අසූචි නාන්න වීමේ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ.
එය ප්‍රදේශයේ ජනප්‍රිය පොදු නාන ළිඳකි. මොනතරම් පෑවිල්ලක් ඇති වුවත් එම ළිඳේ වතුර සිඳී යාමක් සිදු නොවේ. වෙල්යායක් ආසන්නයේ පිහිටා තිබීම නිසා පරිසරයද මනරම්ය.
නිවෙස්වලට කොතරම් නළ ජල පහසුකම් තිබුණත් මෙම ළිඳට නාන්න එන පිරිසගෙන් අඩුවක් දක්නට නැත්තේ ඒ සුන්දර පරිසරය නිසාමය. කාන්තාවෝද එම ළිඳට දියනෑමට පැමිණීම සිරිතකි. නිවාඩු දිනවලදී උදේ පාන්දරින්ම විශාල වශයෙන් කාන්තාවෝ පැමිණෙති.
කාන්තාවන් දිය නාන හැටි බලා සතුටට පත්වන විවාහකයකු ද ඒ අසල පදිංචි වී සිටියේය. දිනපතාම උදේ පාන්දරින්ම අසල තිබෙන කුරුඳු ඉඩමට වී දිය නාන කාන්තාවන් ලෙස බලා සිටීම ඔහු පුරුද්දක් කරගෙන තිබිණි. දිනක් මොහු සිටියදී විදින ලද මදුරුවෙකුට ‘චටාස්’ ගා පහරක් දී ඇත. ඒ ශබ්දය දිය නාන කාන්තාවන්ට ඇසී විමසිල්ලෙන් බලන විටදී මොහු නිරුවතින් සිටින අයුරු දැක කාන්තාවන් ඉහවහගිය කෝපයෙන් බැනවැදී ඔහුව එළවාගෙන ඇත.
එයින් පාඩමක් ඉගෙන නොගත් මොහු පසුදින ද පෙර මෙන් කාන්තාවන් දිය නාන හැටි බලා සිට ඇත.
එක කාන්තාවක් ගෙදර ගොස් පුරුෂාට එම සිද්ධිය කියා ඇති අතර සියලු විස්තර අසා දැනගත් ඔහු ‘‘මම හොඳ පාඩමක් උගන්වන්නම්. ඔයා වෙනද වගේම හෙටත් නාන්න යන්නැ’’යි පවසා තිබේ.
පසුදින උදේ කාන්තාව සුපුරුදු පරිදි නාන්න ආ විටදී විවාහකයාද ළිඳ අසල කුරුඳු කැලයට වැදී සිට ඇත. ඒ අතර කාන්තාවද දිය නෑමට පටන්ගෙන ඇති අතර මෙලෝ සිහියක් නැතිව කාන්තාව දිය නාන අයුරු බලා සිටි අවිවාහකයාට එක් වරම අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇත. දිය නෑ කාන්තාවගේ පුරුෂයා ෂොපින් බෑගයකට අසූචි පුරවාගෙන කුරුඳු පඳුරකට මුවා වී සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
‘‘බුදු අම්මෝ’ යැයි එකවර කෑ ගසමින් අසූචි පහර කෑ විවාහකයා දිව ගොස් ඇති අතර, එදායින් පසු කුරුඳු කැලේ පළාතට නොයෑමට ඔහු වගබලාගෙන ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ළිඳ ළඟ හැංඟී කතුන් නාන හැටි බැලූ විවාහකයා අසූචිවලින් නාවලා