(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
වසර තුන හතරක කාලයක් තිස්සේ නිවසේ ඇති කරන ලද බල්ලා දින කිහිපයක් නිවසින් අතුරුදන්ව සිට නැවත නිවෙසට පැමිණිවිට උගේ ස්වාමියා ඌ පන්නා දැමීමෙන් අසරණවී අල්ලපු නිවසේ රැඳී සිටීමට කුපිත වූ එම නිවැසියා බල්ලාට වූ අසාධාරණයට එරෙහිව පොලීසියේ පැමිණිලි කළ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
වෙන්දේසි ඉඩමක තනන ලද නිවාස රැසකින් සමන්විත මෙම ගම්මානයේ යමක් කමක් ඇති නිවෙසක ආරක්ෂාවට හා සුරතලයට දේශීය වර්ගයට අයත් බල්ලකු කුඩා කාලයේම රැගෙන විත් කවා, පොවා, නහවා කූඩුවකට ගාල්කර හොඳින් ඇති දැඩි කළේය. ඌ පිටතට රැගෙන ගියේ ශරීර කෘත්‍ය සඳහා පමණි. යම් අවස්ථාවක ඌ දම්වැලෙන් මිදුණහොත් අසල්වැසි නිවෙස් වෙතද පැමිණ එම නිවැසියන්ගේද සැලකිල්ලට ලක්වෙමින් සිටියේය.
මෙම බල්ලාද මේ අතරතුර වැඩි වැඩියෙන් එළියට පහළියට යන්නට පටන් ගැනීමෙන් ගෙවල් දොරවල් පවා අමතක විය. නිවැසියන් ඌ දම්වැලට කොටුකර ගැනීමට උත්සාහ කළද එය නිෂ්ඵල විය.
‘‘දින කිහිපයකට පසු හොඳටම වැහැරී ශරීරයේ තුවාල සහිතව අපිරිසිදු සතකු බවට පත්වූ බල්ලා බොහොම අසරණව නිවෙසට පැමිණියේය.
‘සැප වැඩිවෙලා නේද ගියේ? ආව දිහාවටම පලයන්. ආයේ මෙහේ එන්න එපා’ යැයි කියමින් ස්වාමියා ඌ එළවා ගත්තේය. නිවෙසට ඇතුළුවිය නොහැකිවන සේ ගේට්ටුවද වසා දැමීය.
අසරණවූ බල්ලා නිවසේ ඉදිරිපස පාරේ වැතිරී සිටියේය. රාත්‍රී කාලයේ අල්ලපු නිවසට ඇතුළුවී ඉදිරිපස පාපිස්නයේ සැතපී නිදාගත්තේය. එම නිවැසියා උදෑසන දොර හරිනවිට බල්ලා සිටිනු දැක කෝපවී නිවෙසට යැවීමට තැත්කළ ද බල්ලා පැන ගත්තේය. මෙම නිවැසියා හා බල්ලාගේ ස්වාමියා අතරද විරසකයක් ඇත.
පසුදා උදෑසනද එම නිවැසියා දොර හරිනවිට බල්ලා පාපිස්නයේය. ඔහුට යකා නැග්ගේය.
‘බල්ලො හදල නාකි වෙනකොට එළවල දානව. ඊයෙත් මං පාපිස්න හෝදල දැම්මා. දැන් අදත් රිංගලනෙ. හිටපල්ලා මං හොඳ වැඩක් කරන්නම්’
ඔහු අසල්වැසියාට ඇසෙන්න සද්දය දැම්මාට ඔවුන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නොවීය.
‘හොඳ පාඩමක් උගන්වනවා’ යැයි සිතූ ඔහු සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කළේය.
දෙපාර්ශවය පොලීසියට කැඳවිය. එහිදී පැමිණිලිකරු බල්ලාට සිදුවූ අසාධාරණය පෙන්වා දුන්නේය. පැමිණිල්ල විභාග කළ සැරයන්වරයා ඔහුගේ අදහස පිළිගනිමින් බල්ලා නැවත නිවසට කැඳවාගන්නා ලෙස අයිතිකරුට නියෝග කළේය.
අසල්වැසියා තම අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා බල්ලාට නැවතත් තම ස්වාමියාගේ නිවසේම පදිංචිවීමට වාසනාව උදාවුණේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෙට ආ බල්ලා එළවාගන්න අසල්වැසියා පොලිසි ගිහින්
asanka Thursday, 21 January 2021 04:20 PM
බලු හාමිට ජය වේවා!