(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
හිතවත්කමට දුන් දුරකතන පණිවුඩයක් නිසා රාජ්‍ය සේවයේ නිරතව සිටින සේවකයකුගේ වැටුපට තට්ටුවී පිට පළාතකට ස්ථාන මාරුවක් ලබා ගෙන යාමට සිදුවීමේ පුවතක් වයඹ පුරවරයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි.
අනාවරණය වූ ආකාරයට සිද්ධිය මෙසේය.
පවතින තත්ත්වය හමුවේ රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතරේ ලොරි රථ රියැදුරකු අත්‍යවශ්‍ය සේවා සඳහා තම ලොරි රථය යෙදවීමට කැමැත්තෙන් සිටියේය. ඒ බව දැනගත් රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු වෙස්වලාගත් අයෙක් දිනක් මැදියම් රැයේ සගයාගේ පෞද්ගලික දුරකථනයට පණිවුඩයක් දුන්නේය.
“මහත්තයා අත්‍යවශ්‍ය සේවා සඳහා හෙට උදේම ලොරිය අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟට පැමිණෙන්න.”
ඒ සමඟම ඔහුගේ දුරකථනය ද විසන්ධි විය.
කතා කළේ කවුද යන්න දැනගැනීමට විමසීමක් නොකළ රියැදුරා පසු දින උදේම ලොරියද රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස්
“මට අත්‍යවශ්‍ය සේවා සඳහා බඩු ප්‍රවාහනයට එන්න කීවා.”
“ඔයාට එන්ඩ කීවේ කවුද?”
ඔවුන් නගන ප්‍රශ්න හමුවේ අසරණ ව රියැදුරා පෙර දින රාත්‍රීයේ දුරකථන සංවාදයේ හඬ පටය එහි නිලධාරින්ට අසන්නට සැලැස්වීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිහු එම හඬ පටයට සවන් දීමෙන් අනතුරුව අදාළ දුරකථන අංකය හිමි කාර්යාලයේ ආයතන ප්‍රධානියා ද එම ස්ථානයට ගෙන්වා ගත්හ. ඔහුට ද එම හඬ පටය අසන්නට සැලැස්වීය.
සියල්ල තේරුම් ගත් ආයතන ප්‍රධානියා වහාම පෙර දින රාත්‍රි මුර සේවයේ යෙදී සිටි මුරකරුවා තම ආයතනය වෙත කැඳවීය. නිල මුද්‍රා කඩා දොරවල් විවෘත කර ආයතනයේ ස්ථාවර දුරකථනය පාවිව්චි කිරීමේ වරදට ඔහු වැරදිකරු විය.
තම මිතුරා වෙනුවෙන් විනෝදයක් පතා තමා මෙම ක්රියාවේ යෙදුණු බවට තොරතුරු හෙළිදරව් වූයේය. එම මාසයේ කාර්යාලීය දුරකතන ගාස්තුව ද ඔහුගේ වැටුපෙන් අයකර ගැනීමට බලධාරිහු කටයුතු කළහ.
එතැනින් නොනැවතුණු බලධාරින් ඔහු එම ආයතනයේ පිට පළාතකට අයත් වෙනත් සේවා ස්ථානයකට මාරු කර යැවීමට ද පියවර ගත්තේය.
නිවසේ සිට දිනපතා සේවයට ගිය ඔහු මිතුරා නොමග යැවීමට යාමෙන් තමාට අත්වූ ඉරණම හමුවේ අත්‍යවශ්‍ය සේවාව වෙනුවෙන් පිටස්තර ප්‍රදේශයක නැවතී දැඩි අසීරුතා මැද දැන් සේවයේ යෙදෙන බවට තොරතුරු අනාවරණය විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘අත්‍යවශ්‍ය සේවා’ විහිළුවට ගිය මිතුරාට තොප්පියක්
fairoos Sunday, 20 June 2021 03:49 PM
සර් එක්ක විහිළු කරන්න බෑ. දැන් සැපද?