(උණවටුන ඩී.ජී. සුගතපාල)
ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණි.
රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්කයක කෙළවර පිහිටි කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනූවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක්ද ලැබිණි.
ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතූ ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසිඑක් හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරින්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.
මේ අතර දෙදෙනා දිනක් ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණයහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොළට කැඳවාගෙන ආවේය. “දැන් කොහෙද යන්නේ” ඔහු ඇසුවේය.
“මම ගෙදර ගිහිල්ල හෙට එන්නම්“ ඇය කීවාය.
පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොළේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුරකතනයට කතාකර ඉන්නේ කොහේදැයි විමසීය. “මම මේ මහ වීදියෙ කඩේකට ආවා” ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.
මෝටර් රථයෙන් බැස ගත්තේ ටික වේලාවකට පෙර එකට සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත අල්ලාගෙනය. මෙයට පෙර දැනහැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු කොටුවට යමින් සිටියාය.
මෝටර් රථයෙන් බැසගත් තරුණයා “ඇයි මට බොරු කිව්වේ “ කියමින් අත මිට මොලවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ලකර තම මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්ද මන්දවී බලා සිටියේය.
“මම ඔක්කොම බලාගෙන හිටියෙ. කවුද ඒ මිනිහා?” ඔහු ඇසුවේය.
“ඒ මම අඳුනන ගමේ යාලුවෙක්“ ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණ. ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යනබව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ඩබල් ලව්’ මාට්ටුවී මූණ රතුවෙන්න නෙළලා