X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


‘යන්තරේ’ නැතුව බිරිඳ ළඟට ගිය සැමියා දොට්ටදාලා

(පොල්ගස්ඕවිට -එස්. වික්‍රමආරච්චි)
රාත්‍රියට නින්දේ දී හීනෙන් බියවීමට ප්‍රතිකාරයක් වශයෙන් යකැදුරකු ලවා ඉණෙහි බන්දවා ගත් යන්ත්‍ර රාජයා මිතුරකුගේ නිවසේ අමතකව ගියා පුද්ගලයකුට මුහුණපාන්නට සිදුවූ අලකලංචියක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ගොවිතැනක් බතක් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වූ තරුණ විය ඉක්මවමින් සිටි පුද්ගලයෙකි. කෙසේ වෙතත් මවුපියන්ගේ ඇවිටිලි කිරීම් නිසාම හේ පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූයේය.
ඇතැම් දිනවල රාත්‍රී නින්දේ දී හීනෙන් බියවී කෑමොර දීම, දුවන්නට යාම ආදී දුර්වලතා කීපයකින් ඔහු කාලයක් තිස්සේ පීඩා වින්දේය.
 
කෙසේ වෙතත් එය සිය සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවූ නිසා ඒ සඳහා ප්‍රතිකාරයක් ගැනීමට අවශ්‍ය වෙතැයි ඔහු සිතුවේවත් නැත. එහෙත් විවාහයෙන් පසු බිරිඳගේ පෙරැත්ත නිසාම යකැදුරකු ගෙන්වා ශාන්තිකර්මයක් කරවා ගත්තේය. යකැදුරා විසින් ඔහුගේ ඉණේ යන්තරයක්ද බඳින ලදී.
 
යන්ත්‍රය කිල්ලට අසුවුවහොත් එහි බල බිඳී යා හැකි බැවින් මළ ගෙවල්වලට, කොටහළු ගෙවල්වලට යාමත් මස් මාළු ආදී පිළී ජාති කෑමත් මාස තුනකටවත් නතර කරන ලෙසද ඔහුට උපදෙසක් ලැබිණ.
 
  මළ ගෙවල්වලට සහ කොටහළු මගුල්වලට නොයන ලෙස ලද උපදෙස අකුරටම ඉටුකළ ද මත්වතුර ටිකක් බොන විට කටගැස්මට ලැබෙන මස් කෑල්ලක් ආදිය නොකා සිටීමට වීම පිළිබඳව නම් ඔහු සිටියේ බලවත් පසුතැවිල්ලෙනි.
 
පසුගිය දිනෙක මිතුරෙකුගෙන් ලද ඇරයුම පරිදි තවත් දෙතුන් දෙනෙකු සමඟ මිතුරාගේ නිවසට සෙට් වූයේ හොඳ මල් පැණි වඩියක රස බැලීමේ අටියෙනි. එහිදී කටගැස්මට ලැබුණු වල් ඌරු මස් දීසිය දැක ඔහුගේ රස නහර පිනා ගියේය.
 
 මස් කෑල්ලක් කම්දෝ නොකම්දෝ යැයි සිතමින් සිටි ඔහුට කණ්ඩායමේ සිටි වැඩිහිටි මිතුරකුගෙන් කදිම උපදෙසක් ලැබිණ. එයින් කියවුණේ යන්ත්‍රය ලිහා පසෙකින් තබා කා බී අවසන් කර පසුව මුහුණ කට සෝදාගෙන යන්ත්‍රය යළිත් බැඳගන්නා ලෙසය. ඒ උපදෙසින් හෙතෙම බලවත් සතුටට පත්වූයේය. හිතේ හැටියට කෑවේය, බීවේය.
 
සාදය හමාර වන විට රාත්‍රී දහය පමණවී ඇත. වෙරිමර ගාතේ ගෙදර ගියේය.
 
නිදි යහනේදී ඉණේ යන්ත්‍රය නොමැති බව බිරිඳට දැන ගන්නට ලැබීමෙන් ඈ කෝපාවිෂ්ඨ වූවාය. යන්තරේ නැතුව කොහොමෙයි නිදාගන්නෙ. මෙතන එළිවෙනකම් දොඩවන්නයි ගෝතකරුම කොරන්නයි පටන් ගත්තම මම තමයි එළිවෙකම් විඳවන්න ඕනෑ” ගෝරනාඩු කළ ඇය කියන තැනකින් යන්තරය රැගෙන මිස ගෙදර නොඑන ලෙස තර්ජනය කර ඔහු එළියට දමා දොර වසා දැමුවාලු!



අදහස් (0)

‘යන්තරේ’ නැතුව බිරිඳ ළඟට ගිය සැමියා දොට්ටදාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site