X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


‘හෝගාන පොකුණට එබෙන්න නම් එපා’

මේ දිනවල රූගත වන චිත්‍රපටයක් බැලීමට සිය මවගෙන් අවසර ඉල්ලීමට යාමේදී මවගෙන් ලැබුණු අපූරු පිළිතුරක් නිසා කවුරුත් සිනා සාගරයක ගිලුණු පුවතක් අඹන්පොළින් වාර්තා විය.

මෙම සිද්ධියට අනුව මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ළමා චිත්‍රපටයක් ඇතැම් සිනමා ශාලාවල නොමිලේ තිරගත වීම නිසා පාසල් දරුවෝ එය නැරඹීමට මහත් උනන්දුවෙන් පසුවෙති. තමා ඉගෙන ගන්නා පාසලේ ළමයින්ට ද එය නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලැබී ඇති බැව් දැනගත් දැරියක් ඉහ වහා ගිය සන්තෝෂයෙන් එම ආරංචිය තම මවටද පවසනු අටියෙන් පාසල ඇරී නිවෙසට ආවේ මිටින් හළ කුරුල්ලෙකු මෙනි.

“අම්මේ දන්නවද අපි හෙට තඹුත්තේගම යනවා”

‘ඒ මොකටද ?

මවගේ ප්‍රශ්නය තුළ තිබුණේ මහත් කුකුසකි. “ අපි හැමෝම යනවා හෝ ගාන පොකුණ බලන්න” මහත් කලබලයට පත් මව එකවර ම‘ හා...හා ... ඕවා බලන්ඩ ගියාට කමක් නෑ එබෙන්ඩ කරන්ඩ එහෙම යනවා නෙමෙයි. ඔය තැන්වල හරියට අනතුරු, ළඟට එහෙම යන්නඩ එපා. ඈත ඉඳන් බලන්ඩ ඕනෑ.”

මවගේ මේ කතාවෙන් හිනාව වාවා ගත නොහැකි වූ දියණියට පුංචි තරහක්ද ආවාය. මේ...... අම්මේ ‘හෝ ගාන පොකුණ’ කියන්නේ චිත්‍රපටියක්. හෙට ෆිල්ම් හෝල් එකේ නොමිලේ ඒ චිත්‍රපටිය පෙන්නනවා” යැයි දියණිය පිළිතුරු දුන්නෙන් මවටද සිනහව නවතා ගත නොහැකි වූවාය.



අදහස් (0)

‘හෝගාන පොකුණට එබෙන්න නම් එපා’

සමන්ති Saturday, 13 February 2016 12:12 AM

ඉස්සර අම්මලාගේ කාලේ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකා එන්නේ හෝ ගාන පොකුණ, අහස් යාත්‍රා, කටුගේ, සත්තු වත්ත බලන්නනේ. ඒක මතක් වෙන්න ඇති (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 13 February 2016 12:42 AM

හොඳ අම්මලා හැම වෙලාවේම කලබල වෙනවා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ අම්මාත් කලබල වෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති (නි)

:       0       0

දනුෂ්කා Saturday, 13 February 2016 02:54 AM

ඔයවගේ පුතෙක් යුරෝපයේ රටකට ඉගෙනගන්න ගිහින් අම්මට ලියුමක් ලියනවලු. අම්මේ මේ දවස්වල මෙහෙ ග්‍රීස්ම කාලය හරිම ලස්සනයි අපි යාළුවොත් එක්ක ස්ට්‍රෝබෙරි කඩන්න යනවා. අම්ම හැරෙන තැපෑලෙන් ලියනවලු අනේ පුතේ ඕව කඩන්න ගස්නගින්නේ ප්‍රවේසමෙන් කියල. නොතේරුම් කම උනත් දෙවෙනි බුදුන් අම්මගේ සෙනෙහසයි මම මෙතැනදී දකින්නේ (අ)

:       0       1

ප්‍රසන්න Saturday, 13 February 2016 04:50 AM

හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවා පරිස්සම් කරන්නේ ආදරේ වැඩි හින්ද. ඉතින් දරුවෝ ගැන හිතන තීරණ ගන්න කොට අම්ම කෙනෙක් ටිකක් කලබල වෙනවා. එ්ක සාමාන්‍ය දෙයක්. ඉතින් මේක පත්තරේ දාලා හිනාවෙන්න වටින්නේ නෑ කියන එකයි මගේ නම් අදහස. මේ අම්ම කියපු දේට මටනම් හිනාවක් නෙමේ එන්නේ හරිම ආඩම්බරයක්. (බ)

:       0       0

වික්‍රම Saturday, 13 February 2016 08:45 AM

අපේ අම්මලත් අපිව අවවාද අනුශාසනා දීල හදාගත්ත හින්ද තමයි, අද අපි සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ඉන්නේ.(බ)

:       0       0

සෑම් Saturday, 13 February 2016 10:14 AM

මට මතක් වුණේ "සැඩ සුළං" චිත්‍රපටියේ පෝස්ටර් දැකලා ගම්බද ජනතාව සුළි සුළඟක් එනවා කියලා වරදවා තේරුම්ගත් කතාව‍. (නි)

:       0       0

අජිත් Saturday, 13 February 2016 12:41 PM

මේ අම්මත් ඉස්සර හෝගාන පොකුණ බලන්න එන්න්න ඇති. ඒක මතක්වෙලා තමයි දුවට කියලා තියෙන්නේ ප්‍රවේශමෙන් වැඩිය එහෙ මෙහෙ එබෙන්න එපා කියලා. දැන් ඉන්න දුවලා එබිලා බලලා පීනලත් ඉවරයි. (නි)

:       0       0

ක්‍රිෂාන් Saturday, 13 February 2016 02:17 PM

දරුවෝ ගැනම හිතන අහිංසක අම්මා කෙනෙක්. (නි)

:       0       0

ආනන්ද ආර්. Saturday, 13 February 2016 06:04 PM

හැබෑ මාතෘත්වය කියන්නේ ඕකයි. දරුවෙක් ගෙදරින් එළියට යනවා නම් ආරක්ෂාව ගැන කියන්න තිබෙන ඔක්කොම ඔවදන් ටික දීලා තමයි යවන්න හිතන්නේ. ඒ මෝඩකමට නෙමෙයි. දරු පෙමට. (නි)

:       0       0

උපසේන Sunday, 14 February 2016 12:12 PM

නියම කතාව! (නි)

:       0       0

කරුණාරත්න Monday, 15 February 2016 03:26 AM

පවු අහිංසක අම්මා කෙනෙක් (නි)

:       0       0

ආසිරි Tuesday, 16 February 2016 05:47 AM

මේක උපහාසයට ලක් විය යුතු දෙයක් නොවේ. මොන අම්ම කෙනෙකුට වුවත් තමා ගේ දරුවා රජෙකි. අම්මට මගේ උපහාරය ! (ර)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 16 February 2016 11:46 AM

අපේ හැම අම්මා කෙනෙක්ම මේ වගේ තමන්ගේ දරුවෝ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site