X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


119 ට අසු නොවී “හොරා” පනී

තිහගොඩ පොලිස් ස්ථානයට හදිසි දුරකථන ඇමතුමක් ආවේ මධ්‍යම රාත්‍රී දොළහ ආසන්නව තිබියදීය.“අපේ ගෙදරට හොරු පැනලා වහලේ උළු අදිනවා. අනේ උදව් කරන්න” කලබලයෙන් කීවේ කාන්තා කටහඬකිනි. කවදත් මෙවන් කාර්යයට පිහිට වන පොලිස් ස්ථානාධිපති ඩී.ජී.සම්පත් සංජීව මහතා ලිපිනය ලබාගෙන අදාළ ස්ථානයට පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු ගිනිඅවි සහිතව ක්‍ෂණිකව යැවීය.


අදාළ නිවස අසලට ගියත් එහි කලබලයක් නැත. ඒත් නිලධාරීන් දෙදෙනා දොරට තට්ටුවක් දැමීය. නිදිමතේ ආ නිවෙස් ප්‍රධානියා “එහෙම දෙයක් මෙහේ වෙලා නැහැ” කීවේ දැඩි විමතියෙනි. ඒ සමඟම නිවසේ සිටි දුව “මොකද නැත්තේ මම 119ට කතා කළේ. අම්මට තාත්තට කොච්චර කිව්වත් ඇහැ ඇරියේ නෑ. දැන් උන් වහලෙ යට හැඟිලාද කොහෙද?” කීවාය.


දැඩි විද්‍යුත් අලෝක ධාරාව සහිත විදුලි පන්දමක් වහලයට එල්ල කළ විට ඉන් පැන ගියේ විශාල ප්‍රමාණයේ උගුඩුවන් දෙදෙනෙකි. “රැට දරුවො පාඩම් කරන කොට දෙමව්පියොත් ටිකක් සැලකිල්ලෙන් ඉන්නවා. නංගිත් දැන් ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න” කී පොලිස් නිලධාරීන් දෙදෙනා ආපසු ගියේ“මෙහෙමත් විකාර” කියමින්ලු.



අදහස් (0)

119 ට අසු නොවී “හොරා” පනී

සරසි Wednesday, 20 January 2016 12:39 AM

කලකට පෙර වාර්තා වුණා වහලේ සිවිලිමේ සැඟවී නිවැසියන්ගේ පුද්ගලික ජීවිතය රූපගත කර අන්තර්ජාලයට විකිණූ පහත්පෙළේ කෙනෙක් අසු වූ හැටි. ඒ නිසා වහලේ සද්ද බද්ද ගැන සැළකිලිමත්වීම කොහොමත් හොඳයි. (නි)

:       0       0

ගුනවර්ධන Thursday, 21 January 2016 07:41 PM

අනේ අප්පේ මෙහෙම ගියොත් අපේ අනුරපුරයේ සංචාරක හෝටල් වල වැඩකරන කකුල් දෙකේ උගුඩු වන්ට මොන දර්ශනද .(රේ)

:       0       0

ඉන්දික Thursday, 21 January 2016 08:57 AM

අනේ අපොයි.(හේ)

:       0       0

ගුණවර්ධන Wednesday, 20 January 2016 06:59 PM

සංචාරක සේවයට එකතුවෙන අපේ කකුල් දෙකේ උගුඩුවන් රෑට රෑට කාමර වලින්, වහලවල් උඩින් කොච්චර බලනවද? ඉතින් ඉතිපිසෝ ගාථාව කොහොම කියලා දෙන්නද සංචාරකයන්ට? (නි)

:       0       0

සුමනදාස Wednesday, 20 January 2016 04:10 AM

ජයනාත් කොහෙද යන්නේ? මල්ලේ පොල් කවියක් (බ)

:       0       0

කෙනත් Wednesday, 20 January 2016 02:00 AM

හොඳ කතාවක් (නි)

:       0       0

ජෙහාන් Wednesday, 20 January 2016 01:15 AM

උගුඩුවන් මනුෂ්‍ය වාසය ප්‍රියකරන බව මෙයින් පෙනේ. (නි)

:       0       0

මලික් Wednesday, 20 January 2016 12:59 AM

ඔය වගේ උගුඩුවෙක් එක්තරා මුහුදුබඩ හෝටලයක මධුසමයට එන ජෝඩු ලැගුම් ගන්න කාමර උඩින් එබී බලන්න පහසුකම් සදාගෙන අසුවුණා. මේ මනුස්සයා හෝටලේ නේවාසිකව සිටිමින් හෝටලේ පොඩි පොඩි නඩත්තු කිරීම් කටයුතු වලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වැඩ කළ කෙනෙක් නිසා කවුරුවත් සැකහිතලා නැහැ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 20 January 2016 01:04 AM

ළමයා පාඩම් කරනකොට නින්ද යන්න ඇති. එවිට හීනයක් දකින්න ඇති. ඒ හීනේ කවුරුන් හරි වහලෙන් පනින්න එනවා දකින්න ඇති. එවිට වහලෙන් සද්දය ඇසෙන්න ඇති. ළමයා බයවෙලා ඇහැරෙන්න ඇති. ළඟ තිබුන ෆෝන් එකෙන් 119 ට කතා කරන්න ඇති. මට නම් හිතෙන්නේ එහෙම වෙන්න ඇති කියලා. (නි)

:       0       0

ජෙහාන් Wednesday, 20 January 2016 12:45 AM

දැන් මේ තිහගොඩ පැත්තේ බවලතුන්ගේ කීවෙනි සන්තෑසියද? අපොයි! මේ පැත්තේ තරුණියන් සහේට ගන්න පිරිමියෙක් ඉදිරිපත් වෙයිද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ඉනෝකා Tuesday, 19 January 2016 08:20 AM

දරුවන්ට දොස්කියලා වැඩක් නැහැ. දෙමාපියන් මර නින්දේ නම් දරුවෝ වෙන කාට කියන්නද...? මීට පස්සේ ඔය කියන ගෙදරට ඇත්තටම හොරු පැන්නොත් මොනවා වේවිද...? ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති මහතාට සහ අනෙකුත් පොලිස් නිලධාරින් දෙදෙනාට මාගේ උපහාරය...! (නි)

:       0       0

අබය Tuesday, 19 January 2016 10:10 PM

මට ආසයි පිටබැද්දර කොහෙද කියලා දැනගන්න. (නි)

:       0       0

අජිත් Tuesday, 19 January 2016 02:51 PM

සමහරවිට දුව බලන්න කව්රුහරි ආවද දන්නේ නැහැ. දෙයියෝ සාක්කිම තමයි. (බ)

:       0       0

දුල්මි Tuesday, 19 January 2016 01:55 PM

පිටබැද්දර උගුඩුවො ඉන්නවාද ? (බ)

:       0       0

ජයනාත් Tuesday, 19 January 2016 01:50 PM

උගුඩුවා කී කව"පාඩම් කරපල්ලා" දරුවන්ට පවසා... නිදියන මහ උන් නිසා..දරුවන්ගෙ ඔලු කෙලෙසා... යනවා රුදු මිනිසා...එය වැලැක්විය යුතු නිසා.. බැලීමට සොයා, ආවා මම මෙලෙසා..දරු පෙම අපහටත් ඇති නිසා..(බ)

:       0       0

පද්මි Tuesday, 19 January 2016 12:39 PM

හොද වෙලාවට මේ සිද්ධිය පිටබැද්දරදි වුනේ නැත්තේ, එහෙනම් අර ගෑණු ළමයා හොදටම බැනුම් අහනවා රාළහාමිගෙන් නිස්කාරනේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 January 2016 12:26 PM

අපි පාඩම් කරද්දිනම් අම්මයි අප්පච්චියි දෙන්නම ඇහැරලා වැඩ තේ හදනවා , යන්තන් ඇස් පියාගෙන එනකොට අපච්චි රල් බුරුල් අරිනවා, හැම අම්ම තාත්තටම එහෙම කරනත් බැහැනේ ඉතින් සමහර දෙමවුපියන් දහවල් කාලෙම මහන්ස්යි වෙලා ගෙදර එන්නේ ඉතින් නොදැනිම නින්ද යනවා, මොනවා උනත් පොලිසියේ ක්‍රියාවනම් පැසසිය යුතයි. (ර)

:       0       0

කවි Tuesday, 19 January 2016 11:33 AM

ළමයි දෙමාපියන්ට කීවා නම් වහලෙන් පහත් වෙලා උගුඩුවො හපා කයි කියලා හිතුවාද අබරන්.? (ර)

:       0       0

අබරන් Tuesday, 19 January 2016 08:43 AM

එතන සිදුවූ සිදුවීමේ කිසි වරදක් මම නම් දකින්නේ නැහැ. ළමයි හරිදේ කරලා තියෙනවා. ඒ ළමයි දෙමව්පියන්ට කියන්න ගියා නම් වෙන මොකවත් හරි වින්නැහියක් සිදුවෙන්ට ඉඩ තිබුනා. පොලිසියේ මහත්තුරුන්ට “මෙහෙමත් විකාර” කියා සිතුනේ මන්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site