(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
බාල වයස්කාර දැරියක් මහනුවර සිට නිකවැරටියේ සිටින පෙම්වතා සොයා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ පෙම්වතාගේ මව දැරියගේ මවුපියන් කැඳවා බාරදීමට උත්සාහ කළ අවස්ථාවේ අසල වූ කැලයට වැද දැරිය පෙම්වතා සමග පලායාමේ පුවතක් නිකවැරටිය පොලිසියෙන් වාර්තා විය.
පහළොස් වියැති දැරිය මහනුවර නගරයට යන බව පවසා නිවසින් පැමිණ නිකවැරටියේ සිටි තම පෙම්වතා (22) සොයාගෙන ඔහුගේ නිවසට පැමිණ ඇත. පෙම්වතාගේ මවුපියන් වහා දැරියගේ මවුපියන්ට මේ බව දැනුම් දී දැරිය රැගෙන යන ලෙස දැනුම් දී ඇත. පසුව දැරියගේ මවුපියන් ත්‍රිරෝද රථයකින් එම නිවසට යෑමට කතිකා කරමින් සිටින අවස්ථාවේ පෙම්වතා සහ දැරිය නිවසින් අතුරුදන්ව ඇති බව දැනගෙන ඇත.
නිවස පිටුපස ඇති කැලයට වැද පෙම්වතා සහ දැරිය පලාගොස් ඇතැයි දැනගත් දෙපාර්ශ්ව මවුපියන් කැලය පීරමින් දරුවන් සොයා ඇති නමුදු ඔවුන් හමුවී නැති අතර පසුව ඔවුන් පොලිසියට සිද්ධිය පැමිණිලි කර ඇත.
පොලීසිය වහා එහි ගොස් මෙහෙයුම් සිදුකළද ඔවුන් සොයා ගැනීමට නොහැකිවූ බවද පොලිසිය සඳහන් කරයි.
මේ වනවිට දැරිය සහ පෙම්වතා සොයා ගැනීම සඳහා පොලීසිය පරීක්‍ෂණ සිදුකරමින් සිටින බව ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුලු චන්දන මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධීකාරි සමරකෝන් බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණයෙන් මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ජීවහස්ත සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඉමාලි, පො.සැ. විමලා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්‍ෂණ සිදුකෙරේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
15 වියැති පෙම්වතිය 22 වියැති පෙම්වතා සමග කැලේට පැන ගිහින්
sampath Thursday, 08 August 2019 01:09 PM
මේක සාමාන්‍ය දෙයක්. ඒත් නීතියේ හැටියට පෙම්වතා වැරදි කාරයෙක් වෙනවා. ඒ විතරක් නෙවි සමහර අවස්ථාවල දෙමාපියන්ටත් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණ චෝදනාව ගොනු වෙනවා. මේ නිසා 18 ට අඩු පෙම්වතියන් සිටින අය ඉතා ප්‍රවේසමෙන්. ඒ පිලිබදව ඇති නීතිමය තත්වය අවබෝදයෙන් කටයතු කල යුතුයි.
kanthi Friday, 09 August 2019 07:30 AM
ලැජ්ජාවට එම ජෝඩුව ජීවිතය හානිකරගත්තොත් කාටද පාඩුව...? හදිසි තීරණ ගැනීමෙන් එම දෙදෙනා ඉක්මන් තීරණ ගත්තොත්...?