X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අංකල් කීවාට යකා නැග ඡායාරූප ශිල්පියා උපවාසයක

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සම වයසේ තරුණ තරුණියන් තමන්ට ‘අන්කල්’ කියා ආමන්ත්‍රණය කිරීම නිසා කෝපයටත් සිත් වේදනාවටත් පත් ඡායාරූප ශිල්පියකු පුරා දවසක් ආහාරයක් තබා වතුර උගුරක්වත් නොගෙන සිටීමේ පුවතක් ඉකුත් සති අන්තයේදී ගම්පහ දිසාවේ කෙළවර ගම්මානයකින් වාර්තා විය.


ඔහු තවමත් තරුණවිය පසු නොකළ දෙදරු පියෙකි. වෘත්තීය ඡායාරූප ශිල්පියෙකි. වයසින් මුහුකුරා නොගියත් ඔහුගේ පෙනුම තරමක් වයසැතිය. තරමක තට්ටයත් බඩත් ඒ බව පෙන්නුම් කරයි. ඔහු පසුගිය සතිඅන්තයේ දිවයිනේ ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක ඡායාරූප ගැනීමේ යෙදුණේ තමන් සේවය කරන ආයතනයේ උපදෙස් මතය.


උදේ අටට පමණ ඇරඹුණු රාජකාරිය අවසන් වූයේ මළහිරු බැසයාමෙන් ද පසුවය. ඔහුගේ සමීපතම මිතුරකු ඔහු ගැන සොයා බලන්නට අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් දුන්නත් සම්බන්ධ කරගැනීමට බැරිවූයේ හෙතෙම කැමරාව කර පින්නාගෙන සිටීම නිසාය.සියල්ල අවසන්ව නිවස බලා යාමට සැරසුණු ඡායාරූප ශිල්පියා තමන්ට මගහැරුණු ඇමතුම් කිහිපයක් දැකීමෙන් පසු මිතුරා ඇමතීය.


‘අයියේ මට අද දවස නම් එපා වුණා. වැඬේට කීයක් ලැබුණත් මට නම් වැඩක් නැහැ. ඒ ඔක්කෝටම වඩා මට එපා වුණ වැඬේ එතන හිටපු කෙල්ලෝ කොල්ලෝ හැම එකාම මට කතා කළේ ‘අන්කල්’ කියලානේ. මගේ හිත හොඳටම රිදුනා. මම එන්නේ පුදුම හිතේ දුකකින් අයියේ. මට දුන්නු කෑම එකත් එපා කිව්වා. මම වතුර උගුරක්වත් බිව්වේ නැහැ. මට වැඩියෙන්ම දුක මට වඩා වයස අයත් මට අන්කල් කියපු එකයි.


අයියේ මෙතන කඩයක් තියෙනවා. මගේ දිව ගිලෙන්න එනවා. මොනවා හරි බීලාම ගෙදර යනවා’ කී ඡායාරූප ශිල්පියා කතාව අවසන් කළේය. කවදත් විනෝදයට බර මිතුරා වහාම මේ සිද්ධිය පැපරාසියෙකුට දැනුම් දුන්නේ ඉදිරි දිනක විනෝදයක් ලබන අදහසිනි.

 



අදහස් (0)

අංකල් කීවාට යකා නැග ඡායාරූප ශිල්පියා උපවාසයක

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site