(හික්කඩුව විශේෂ - අමරසේන විතානගේ)
හැටඅට වැනි වියේ පසුවන පුද්ගලයෙකුට කාන්තාවක විසින් අංකල් යයි අමතා වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඇයගේ වයස 69ක් බව හෙළිවීමෙන් ලැජ්ජාවට පත්වීමේ සිද්ධියක් හික්කඩුව ආරච්චිකන්ද බාහිර රෝගීන්ගේ අංශයේ පෝලිමේ දී දැකගන්නට ලැබිණ.
හැටඅටේ පුද්ගලයා උදෑසනම රෝහලට ගියේ තම පාදයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර කර ගැනීමේ අපේක්ෂාවෙනි. එදින සායන දිනයක් ද වූයෙන් රෝගීන් විශාල පිරිසක් තුණ්ඩු ලියවා ගැනීමටත් ප්‍රතිකාර සටහන් පොත් ලකුණු කරගැනීමටත් එක තැන පොරකන පෝලිම් දෙකකට රොක් වී සිටියහ.
බාහිර රෝගීන්ගේ අංශයේ පෝලිමට එක් වූ මේ පුද්ගලයාට ඉදිරියෙන් සිටියේ ඔහුගේම වයසට ආසන්න පෙනුමක් ඇති කාන්තාවකි.
අංකල් ඉන්නේ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් ගන්න ද නැත්නම් සායනටය දැයි මේ කාන්තාව ඔහුගෙන් විමසා සිටියාය. තමා තරම් වියපත් පෙනුමක් ඇති ඇයගේ අංකල් ඇමතුමෙන් උරණ නොවී උපේක්ෂා සහගතව ඇයට පිළිතුරු දුන් ඔහුට ඇයගේ වයස කොපමණ දැයි දැනගන්නට හැකි වූයේ තුණ්ඩු ලියන රාජකාරියේ යෙදී සිටි සේවිකාව ඇයගෙන් වයස ඇසූ තැනේදීය. වයස 69 යයි. ඇය සේවිකාවට පිළිතුරු දුන්නාය.
මට තවම 68යි. 69ක් වන ඔයාට මම ඇන්ටි කිව්වාට තරහ ගන්නට එපා හොඳේ යයි ලද පළමු අවස්ථාවම ප්‍රයෝජනයට ගත් ඔහු පිරිස ඉදිරියේම ඇයට පැවසු විට ඇය කිසිත් නොකියා ලැජ්ජාවෙන් බිම බලා ගත්තීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අංකල්ට 68 යි දුවට 69 යි
lal Wednesday, 07 August 2019 01:19 AM
රජයේ රෝහල්වල මේ වගේ සිද්ධීන් හරියට සිදු වෙනවා. කෙස් ටිකක් පැසුනු පුද්ගලයකුට සමහර ආච්චි අම්මලගේ වයස්වල ඉන්න හෙදියන් කතාකරන්නේ "සීයා" කියලා. මෙය මා සිතන්නේ නූගත් කම නිසා සිදුවෙන දෙයක්.