(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රකට පාසලක සේවය කොට විශ්‍රාම ලද ගුරුවරයෙකි. දුව පේරාදෙණිය සරසවියේ උගත් අතර පුතා අගනුවර තාක්ෂණික ආයතනයක ඉගෙනුම ලැබුවේය. පසුගියදා පුතා තාත්තාට දුරකථන ඇමතුමක් දුන්නේ තම ආයතනයේ සංස්කෘතික වැඩ සටහනක් සඳහා රුපියල් පන්දහසක් කඩිනමින් එවන ලෙසටය. කෝපයට පත් පියා ඔය විකාරවලට මුදල් නැතැයි කියා ඇමතුම විසන්ධි කළේය.
පසුගියදා දුව මවට කතා කොට “තාත්ත මල්ලිට සිත් රිදෙන කතාවක් කිව්වද ඔන්න එයාගේ ෆේස් බුක් එකේ හිර කුටියක එයා අඬන ෆෝටෝ එකක් දාලා කීවෙන් මවට තරු පෙනිණි.
සැමියාගෙන් තොරතුරු දැනගත් ඇය “දෙන්නනෙ තිබුණේ” කියා නැවත “දරුව මොන වින්නැහියක් කරගෙනද දන්නෙ නෑ” කීමෙන් ඔහු මුදලත් රැගෙන කඩිනමින් කොළඹ ගියේ මහත් සිත්වේදනා මැදය.
මෙය අක්කා සහ මල්ලී එක්ව කළ කුමන්ත්‍රණයක් බව මේ මවුපියන් තවමත් දන්නේ නැතිලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අක්කයි මල්ලියි දෙන්නා අම්මයි තාත්තයි අන්දවලා
පිටබැද්දර ජයා Saturday, 23 April 2016 01:40 AM
රුපියල් පනස්දාහකට මවුපිය සෙනෙහසට නිගා කළ දරුවනි, නුඹලාගේ උගත්කම කුමටද? (නි)
සුජිත් නිශාන්ත හේවගේ Saturday, 23 April 2016 03:02 AM
දැන් හැම තැනකම ලමයි වංචාවල් කරනවා.(හේ)
පිටිගල Saturday, 23 April 2016 06:07 AM
ලැජ්ජයි මොවුන් ගැන! (නි)
ටානි Saturday, 23 April 2016 09:39 AM
අද කාලේ හැදෙන ළමයි ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
රෝෂන් Saturday, 23 April 2016 05:34 PM
වරද ළමුන්ගේ නොව සමාජයේයි. මේ පිරිහුණු සමාජයෙන් ගුණගරුක පුරවැසියෙකු බිහිකරගැනීම අති දුෂ්කරය. ආගමික නායකයන්, දේශපාලකයන්, මාධ්‍ය හා වැඩිහිටියන්ගෙන් ළමුන්ට ආදර්ශයට ගත හැකි කිසිවෙක් නැත. එසේ වුවාය කියා දෙමාපියන්ටද ඇඟ බේරාගත නොහැක. (නි)
ප්‍රදීප් Saturday, 23 April 2016 09:42 PM
අර දෙමවුපියෝ දරු කැක්කුමෙන් විඳවන්න ඇති. ඒ අතරේ හෘදයාබාධයක්වත් හැදුනා නම් කොච්චර පවුද? අන්තිම පහත් ගති ඇති දරුවෝ දෙන්නෙක්නෙ. මට දුක ඒ තාත්තා ගැන. (නි)
හරිශ්චන්ද්‍ර Sunday, 24 April 2016 01:25 AM
විශ්‍රාමික ගුරු මහතකුගේ උගත් දුවත්, පුතාත් ලැජ්ජා වියයුතුයි, තම දෙමව්පිය දෙදෙනා මෙවැනි අපහසුවකට පත්කිරීම ගැන. අපි පාසල් යන කාලයේ 1955-1970 මගේ දෙමව්පියන් මට දිනකට දෙන ශත 05- 10 ත් සමහරවිට ඉතුරු කරගෙන ඒවායින් වසර අවසානයට සපත්තු කුට්ටමක් ගැනීමට යොදාගන්නවා. (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 24 April 2016 06:42 PM
පව් අහිංසක අම්මා තාත්තා. දරුවන් නොවේ මේ දෙමාපියන්ගේ මරුවන්.... (නි)
රන්ජිත් Monday, 25 April 2016 01:10 AM
මව්පිය සෙනෙහස අවමානයකට ලක් කළ මේ අයට ඥානය පහළ වේවා! (නි)
හිමල් Monday, 25 April 2016 02:49 AM
ඉල්ලලා තියෙන්නේ පන් දහසක්. හිරේ ගියා කියලා බොරු කියලා නෑ. තමන්ගේ වේදනාව ෆේස් බුක් එකේ දාලා. මෙතන කිසිම කුමන්ත්‍රණයක් නෑ.(රේ)
සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 01:16 AM
ගොඩාක් පවුල් වල උගත් දූ දරුවන් අද මෙවැනි පහත් තත්වයකට පත් වී ඇත. ඔවුන්ට අපහසුතා විඳ දරාගෙන උගන්වන ලද දෙමව්පියන්ට විවිධ ආකාරයේ ගැහැට සිදුකර අනාථ තත්වයකට පත්කර දැමීම අද කාලේ උගත් දූ දරුවන්ගේ මෝස්තරයක් බවට පත් වී ඇත. උගත්කම සමඟම ගුණවත්කමද දූ දරුවන්ට ලබාදීමට අද කාලේ දෙමව්පියන් වෙහෙස නොගැනීම මෙයට ප්‍රධාන හේතුවක් බවට පත් වී තිබේ. (නි)