X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


අක්කාගේ දානෙගෙදර ඇවිත් නංගිගේ මුද්ද උස්සලා

(තලාතුඔය - ටී.එච්. සරත්)
අක්කාගේ නිවසේ පැවැති දානයට පැමිණි නංගී එම නිවසේ තිබූ රන් මුදුවක් සොරාගෙන යාමේ පුවතක් තලාතුඔය ප‍්‍රදේශයෙන් වාර්තාවේ. සිද්ධිය මෙසේය.


අක්කාගේ නිවසේ සාංඝික දානයක් සූදානම්කර තිබූ අතර නංගීද ඊට සහභාගීවීමට ඇගේ ගම පළාතේ සිට පැමිණ ඇත. අක්කාගේ ලොකු පුතා, බිරිය සහ වයස අවුරුදු එකහමාරක කුඩා දරුවාද එම නිවසේ පදිංචිව සිටී. ලොකු පුතාගේ බිරිය දානයේ කටයුතු සඳහා උදව් පදව් කිරීමට යාමට පෙර තමා පැළැඳ
සිටි රන් ආභරණ ගලවා නිදාගන්නා ඇඳේ කොට්ටය යට තබාගොස් ඇත්තේ වැඩි ආරක්‍ෂාවටය. ඇඳේ සෙල්ලම්කරමින් සිටි කුඩා දරුවා රන් ආභරණ අතරින් මුදුවක් ගෙන ඒ මේ අත දමමින් සෙල්ලම්කර තිබේ. මෙය දුටු නංගී කුඩා දරුවා රවටා රන්මුදුව සඟවාගෙන ඇත.


රන්භාණ්ඩ තිබූ තැනින් මුදුව නැති බව දැනගත් හිමිකාරිය ඒ පිළිබඳ විමසා බැලීමේදී මුදුව දරුවා වෙතින් තම පුංචි අම්මා රැගෙන ඇති බවට සාක්‍ෂි ලැබී තිබේ. ඒ අනුව තලාතුඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගැනීමට තලාතුඔය පොලිසියට හැකිවී තිබේ. මුදුව ගත් බවට සැක කෙරෙන කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අක්කාගේ දානෙගෙදර ඇවිත් නංගිගේ මුද්ද උස්සලා

සුජි Thursday, 28 May 2015 09:54 PM

කලකට ඉහත මම හදිසියකට උගස්කළ මගේ රත්තරන් මාලය මගේ බාල නැගණිය හොරෙන් බේරාගෙන යනකොට මගේ අතටම අහුවුණා. ළඟම තිබෙන පොලිසියට ගිහිල්ලයි බේරාගත්තේ.අපෝ!! නංගිලා කියන්නේ පුදුම ජාතියක්. (නි)

:       0       0

හසිත් Sunday, 31 May 2015 03:04 AM

මුද්ද ලොකු පුතාගේ නෝනාගේ. ඒකට කොහෙද නංගිට අයිතියක් ?(බ)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 30 May 2015 02:41 PM

කවුද දන්නේ එම මුද්ද ඉස්සර නංගිගේ ඇගිල්ලේ දැම්මද කියල. නංගි සාධාරන විදියට වැඩේ කරලා. රහස එලිකරලා නෑ. නැතිනම් නංගිටත් මුද්දක් දැම්මනම් ඉවරනේ. අක්ක මොකද නංගි මොකද.(බ)

:       0       0

ගයනි Friday, 29 May 2015 03:09 PM

දැන් බලද්දි ඔක්කොම හොරු.(හේ)

:       0       0

සිල්වියා Friday, 29 May 2015 02:41 PM

මෙතන අය හැම වෙලේම බනින්නේ නංගිට . මේ ඔක්කොම අදහස් දාන අය අයියල අක්කල විතරද ? මම තමා අපේ ගෙදර නංගි. මම නම් ගෙදර ගියහම අපහු එන්නේ මගේ අතේ කරේ තියන දේවලුත් දීල .(කේ)

:       0       0

තිළිණි Friday, 29 May 2015 10:57 AM

දුප්පත්කම ට වැඩිය සමහරුන්ගේ කම්මැලිකම . මහන්සි වෙලා කීයක් හරි හම්බු කරනවාට වැඩිය අනුන්ගේ දේ ගන්න එක ලේසිනේ. දැන් මෙතන මේ තමන්ගේ රත්රන් අනුන්ට පුදන්න වුන මහත්මීන් කොච්චර අමාරුවෙන්ද ඒවා හම්බ කරන්න ඇත්තේ .(හේ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 29 May 2015 09:35 AM

මේ සේරම වෙන්නේ දුප්පත්කම නිසා (ම)

:       0       0

ලින්ටන් ප්‍රනාන්දු Friday, 29 May 2015 03:16 AM

මම හිතන්නේ ඕක මීට වඩාවෙනස් විදියකට බලන්න ඕනේ. කවුද දන්නේ පොඩි ළමයෙක් සෙල්ලම් කරපු නිසා මුද්ද පරිස්සමට අරන් තිබ්බද කියලා? අපි ඕනෙම දෙයක් ගැන දෙපැත්තම බලන්න පුරුදු වෙන්න ඕනේ. (හේ)

:       0       0

රොහාන් Friday, 29 May 2015 03:08 AM

තෑග්ගක් දිලා ගිහින් තියෙන්නේ.(හේ)

:       0       0

තුෂාර Friday, 29 May 2015 02:05 AM

මට නම් පුදුම කරදරයක් වුනේ. රැකියාවකට යන්න කියලා අපේ ගෙදර නැවතුන නෝනාගේ නංගි එයාගේ නවරත්න මුද්දක් අතුරුදහන් වීම ගැන අපේ නංගිට චෝදනා කළා. අපේ නගාත් "නවරත්න මුද්දක් පළදින්න මම ඔයා වගේ අපලකාරියෙක් නෙවෙයි" කියලා . ගෙදරම වලි පුරයක් වුණා.(ම)

:       0       0

චාරු Friday, 29 May 2015 01:48 AM

අපේ මහත්තයාගේ නංගිත් ආවොත් ගෙදර තියෙන සුදු ලුණු බිකක් හරි උස්සාගෙන යනවා. නංගිලා හිතන්නේ බන්දලා දුන්නට පසුවත් අය්යල ඒගොල්ලන්ට කඹුරන්න ඕන කියලා. මේ දවස් වල කෙල හලනවා අපේ ගෙදර තිබෙන මම අමාරුවෙන් සල්ලි එකතු කරලා මිලට ගත්ත විදුලි උපකරණයකට. එයාට ළමයි තුන් දෙනෙක් ගේ රෙදි හොඳන්න අමාරුයිලු. බැරි වෙලාවත් අපේ මහත්තය ගත්තු එකක් නම් අනේ අය්යේ මට මේක ඕන කියලා උස්සාගෙන යනවා. යාලුවෙක් පිටරට ගිහින් එනකොට තෑගී දුන්න ග්‍රයින්ඩර් එකත් මහත්තයාට බටර් ගාලා එයා උස්සාගෙන ගියා, පුදුම කරදරයක්! (ස)

:       0       0

ධනුක Thursday, 28 May 2015 04:54 AM

සමහර නංගිලා ගේ හැටි ඔහොම තමයි . ඒගොල්ලන් හිතන්නේ අක්කලා අයියලාගේ ගෙවල් වල තිබෙන සබ්බ සකලමනාවම තමන්ගේ දැවද්දේ කොටසක් කියලා . (ම)

:       0       0

දයා නන්දලාල් Thursday, 28 May 2015 04:54 PM

ඇත්තටම නංගි මුද්ද ගත්තාද? මෙහෙමත් උදවිය පුදුම ආශාවල් අනුන්ගේ දේවල් වලට (ම)

:       0       0

කාන්ති Thursday, 28 May 2015 01:46 PM

බනින්න දෙයක් නැහැ මහත්තයා කතාව ඇත්ත. නංගිලා ගෙවල් පැත්තේ එනවා නම් කනේ තිබෙන කරාබුවේ ඉඳල හංගන්න ඕන. කලකට ඉහත මගේ මහත්තයාගේ නංගි මගේ රත්‍රන් වළලු ආපසු දෙන පොරොන්දුව පිට උත්ස්සවයකට ඉල්ලාගෙන අද වෙනකන් ආපසු දුන්නේ නැහැ. ඔය නංගිලා කියන වර්ගයේ නෑදෑයන් ඔහොමමයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 May 2015 11:48 AM

ගැණු කෙනෙක් තමයි මෙහෙම එකකට සම්බන්ධ වෙන්නේ. දැන් ඉතින් මට බනි කට්ටියම (බ)

:       0       0

මේනක Thursday, 28 May 2015 08:44 AM

කමල් ඔයා කියපු දේ වුණා අපේ ප්‍රදේශයේ ගෙදරක, දරුවා ලැබෙන්න ඉන්න කාලයේ උදව්වට නංගිව ගමෙන් ගෙන්න ගත්ත අක්කා කෙනෙකුට. (ම)

:       0       0

කමල් Thursday, 28 May 2015 07:59 AM

ඕවා මොනවාද අක්කාගේ මහත්තයාවත් හොරකම් කරගෙන යන නංගිලා ඉන්න රටක (ත)

:       0       0

දුල්මි Thursday, 28 May 2015 07:22 AM

තමන්ගේ ගෙදර දාන උත්සව තිබෙනවා නම් වැඩිපුර වටිනා කියන බඩු ප්‍රවේශමෙන් අරන් තියා ගන්න එක හැමෝටම හොඳයි. මේ කාන්තාව රත්රන් බඩු කොට්ටේ යට තියල ගිහින් නැතිවුණා එක වැඩිය හොඳයි . අර පොඩි දරුවා මුද්ද කටේ දාගෙන ගිල්ලා නම් පොලිසියට නෙවෙයි රෝහලට යන්න වෙන්නේ. (ම)

:       0       0

ඉනෝකා Thursday, 28 May 2015 07:06 AM

ඔය ප්‍රශ්නය පොලිසි ගානේ ගෙනියන්නේ නැතුව අක්කල නංගිලා කතා කරලා විසදගන්න තිබුනනේ. දැන් මුළු පව්ලටම මොන තරම් අවනම්බුවක්ද? දැන් ඉතින් පෙරකදෝරු ගාස්තුව මුද්දේ වටිනාකමටත් වඩා ඉහල.යනවා නොවේද? (බ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 28 May 2015 05:22 AM

පින් කරගන්න ඇවිත් මුද්ද හොරකන් කරලා පව් පුරවා ගත්තා .ඒ විතරක් නොවෙයි දැන් උසාවිත් යන්නත් සිදු වෙනවා.කරපු හොරකම නිසා දැන් නැකමත් ඉවර ඇති නේද? (බ)

:       0       0

මාමිනි Thursday, 28 May 2015 05:01 AM

හොඳ පුවතක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site