X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


අඟල් හතරේ ඉඩම් ආරවුලට අඟල් දෙකේ විසඳුමක්

ඉඩම් ආරවුලක් අඟල් දෙකක ඉඩම් කොටසක් ලබාදී දෙපිරිස සතුටුකර ආරවුල විසඳීමට ඊයේ (31) දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එන්.ජේ.වීරසිංහ මහතාට හැකිවිණි. දඹුල්ල දඹුලූ ඔය සක්විති උයන ප‍්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනකු අතර කාලයක සිට මෙම ඉඩම් ආරවුල පැවතී ඇත. එක් පාර්ශවයක් චෝදනා කැර සිටින්නේ තම ඉඩමෙන් අඟල් හතරක කොටසක් අල්ලා වැට ගසා ඇති බවයි. විරුද්ධ පාර්ශවය කියා සිටින්නේ එවැන්නක් සිදු නොකළ බවත් තම ඉඩමෙන් අඟලක් හෝ ලබා නොදෙන බවය. මෙම හබය විසඳීමට කාලයක සිට පොලිසිය උත්සාහ ගත්තද අසාර්ථක වී ඇත. ඊයේ (31) දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ.වීරසිංහ මහතා දෙපාර්ශවයම ගෙන්වා දැඩිලෙස අවවාද කළේය. බිම් අඟලකට වසර ගණනාවක් විරසකව සිටීම ගැනත් පහදා දුන්නේය. එක් පාර්ශවයක් ඉවත් වී සිටින්නැයි කළ ඉල්ලීම් ඔවුන් ඉවත දැමීය. පසුව පොලිස් පරීක්‍ෂක වරයා අපූරු යෝජනාවක්  ගෙනාවේය. ඒ අඟල් හතරක් වැඩියෙන් අල්ලා වැට ගසා ඇති ඉඩමෙන් අඟල් දෙක බැගින් වෙන් කොට දෙපාර්ශවයට බෙදා ගැනීමටයි. එම යෝජනාවට දෙපාර්ශවය කැමැත්ත පළ කළේය. ඒ අනුව පොලිස් නිලධාරීන් ගේද සහය ඇතිව අසාධාරණයක් නොවන පරිදි පර්චස් 15 වේ වූ ඉඩම් කොටස් දෙකකට අඟල් දෙක බැගින් ලබාදී වෙන් කැර වැට ගැසීමට ඔවුන්ට හැකිවිණි. කාලයක් තිස්සේ අඟල් හතරක ඉඩම් කොටසට විරසකවී සිටි දෙපාර්ශවය සුහදව මෙම විසඳුම අනුව සිටින බව පොලිසිය ඉදිරියේ පවසා ඇත.



අදහස් (0)

අඟල් හතරේ ඉඩම් ආරවුලට අඟල් දෙකේ විසඳුමක්

හේමන්ත Friday, 02 November 2012 10:17 AM

දෙන්නට අඟල අඟල දීලා මැද අගල් 2 හස්ව තිබ්බනම් වඩාත් වටිනවා (ස)

:       0       0

නිරාන් Thursday, 01 November 2012 06:11 PM

ස්වභාව ධර්මයෙන් වන විපත්වත් මේ මිනිසුන්ට පෙනෙන්නේ නැද්ද අප්පා. (ස)

:       0       0

ලාල් Thursday, 01 November 2012 06:29 PM

අගල් දෙකක්ම අඩු වෙලා

:       0       0

ගයාන් Thursday, 01 November 2012 07:27 PM

මුතුකුඩ, සරත්, කවුරු හරි හොඳ දෙයක් කළාමත් ඒකෙ ඇද කුද කියන්න යන්න එපා. ඒක මහ නීච ගතියක්. (නි)

:       0       0

සිතුම් Thursday, 01 November 2012 07:43 PM

නියමයි

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 01 November 2012 10:12 PM

ගොඩාක් කාලෙකට පස්සේ හොද කතාවක් .... (නි)

:       0       0

උෂාන් Thursday, 01 November 2012 10:46 PM

තන්හාය ජායතී සෝකෝ.. ඔය අගල් දෙක ගත්තා කියලා මල් පැලයක්වත් හිටවගන්න පුළුවංද? අපි බෙදා හදාගන්න ජාතියක්.. කියලා කිව්වට වැඩක් නැහැ.. ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න ඕන..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:51 AM

මගේ අල්ලපු ගෙදර පොර මගේ ඉඩම අල්න්න ආවා මම කිව්වා මම සල්ලි දෙන්නම් මනිමු කියලා. ඊට පස්සේ මට අඩියක් විතර වැඩිපුර ලැබුනා. මිනිහට කරගත්ත මෝඩකම කියලා හිතෙන්න ඇති. (ස)

:       0       0

සුරේෂ් Friday, 02 November 2012 07:23 AM

අහන්නත් ආසයි. (නි)

:       0       0

සරත් Friday, 02 November 2012 09:32 AM

ගයාන් , මට ඔයාගේ අදහස පැහැදිලි නෑ. සමාවෙන්න (ස)

:       0       0

ක්‍රිෂාන් Thursday, 01 November 2012 05:44 PM

හොද පොලිස් නිලධාරියෙක් (ස)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Friday, 02 November 2012 12:05 PM

අනේ හරී ෂෝක්........මට මේයාල ගැන (එකමුතුව ගැන) හරිම සතුටුයි. අමරණීය එක ගැන හරිම සතුටුයි.(ස)

:       0       0

නිශාඩ් Friday, 02 November 2012 04:01 PM

මසුරන් වැඩක් !!!! (ස)

:       0       0

චතුර Saturday, 03 November 2012 05:46 AM

මහ පොලොව අපේ නෙවෙයි. හිතන්න..(නු)

:       0       0

විජිත Saturday, 03 November 2012 05:36 PM

අයියෝ සල්ලි

:       0       0

විමල් Saturday, 03 November 2012 05:36 PM

අයියෝ සල්ලි

:       0       0

සිල්වා Saturday, 03 November 2012 05:49 PM

අයියෝ සල්ලි

:       0       0

රම්‍යා Sunday, 04 November 2012 10:51 AM

අගල් හතරක්? අනේ අනේ.... (නි)

:       0       0

දසිතා Sunday, 04 November 2012 10:58 PM

මාර දෙන්නෙක්නේ. (නි)

:       0       0

මොහාන් Monday, 05 November 2012 03:20 PM

අයියෝ සල්ලි

:       0       0

ශශිමාල් Thursday, 01 November 2012 02:20 PM

මෙහෙම පොලිස් නිලධාරිනුත් ඉන්නවා..!(නු)

:       0       0

දිනේෂ් Thursday, 01 November 2012 11:19 AM

මගේ පවට මෙහෙම ජාතියක උපන්නනේ (ස)

:       0       0

චින්තක Thursday, 01 November 2012 11:14 AM

යන දවසට ඔය අඟල් 2 අරගෙන යාවි (ස)

:       0       0

ගැමුණු Thursday, 01 November 2012 12:17 PM

පොලිසියෙන් ඉඩම් නඩු විසදන්න යාම විහිළුවක්.. එම විසදුම් නීතිමය විසදුම් නොවෙයි.. බයට සහ බලකිරීම් මත සිදුවෙන ඒවා. ප්‍රශ්ණ එතනින් ඉවර වෙන්නෙ නැත.. ඔය විදුම් කොහේවත් නීතිමය සටහනක් නැත. එමනිසා එමවිසදුම් වැඩක් නැත..!(නු)

:       0       0

රංජිත් Thursday, 01 November 2012 12:22 PM

මහනුවර අරුප‍්පොල මැදපාරේ ගෑනු කෙනෙක් ඉන්නවා එයාගේ ඉඩමේ තියෙන්නේ ජංගම වැටවල්. මාසයකට අගල බැගින් අනෙක් වතු වලින් අල්ලගන්නවා. සමෘද්ධියෙන් හදපු කොන්කීට් පාරත් දැන් අඩියක් විතර අල්ලගෙන ඉන්නේ. නගර සභාවයි පොලිසියයි මෙයාට ගෙදර වගෙයි. (ස)

:       0       0

මුතුකුඩ Thursday, 01 November 2012 01:39 PM

අද මෙය පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා මහා පරිමානයෙන් සිදුවන දෙයක්.. මේක පුදුම විය යුතු දෙයක් නෙමෙයි..!(නු)

:       0       0

විජේ Thursday, 01 November 2012 01:56 PM

මහදැන මුත්තාගේ නඩු තීන්දුව වගේ..!(නු)

:       0       0

සරත් Thursday, 01 November 2012 02:20 PM

ඉඩමේ ප්‍රමාණය මොකක් උනත් හැමෝම තම තමන්ගේ අයිති සීමාව රැක ගැනීමට උත්සහා කිරීම වැරදි නැහැ.. හැමෝගෙන අත්මඅභිමනයට පහර වදිනවට තියෙන අකමැත්ත තමයි ඉඩමේ අගලකට වඩා වැදගත්.. මමනම් ඔතන ලොකු වරදක් දකින්නෙ නැහැ..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 01 November 2012 02:20 PM

දුර දක්නා ඥාණයකින් ප්‍රශ්ණය විසදා ගැනීමට ලැබිම ගැන අපේ ප්‍රණාමය.. නිලධාරී තුමාට.. නැත්නම් වෙන ‍ලොකු විනාශක් වෙන්න තිබුණා.. බණවත් අහලා තන්හාව නැති කරගත්තෙ නැත්නම් පෙරේතයෝ වෙලා තමයි උපදින්නෙ.(නු)

:       0       0

ශශිමාල් Thursday, 01 November 2012 02:20 PM

මේ වගේ ආරවුල් විසදගන්න පුළුවං නම් නඩු කියාන පරම්පරාගනන් නාසිති කරන්න ඔන නැහැනේ..?(නු)

:       0       0

තාරක Thursday, 01 November 2012 10:48 AM

අනේ මෙහෙමත් ජාතියක්..(ස)

:       0       0

ශෂිමාල් Thursday, 01 November 2012 02:33 PM

පොලිස් නිලධාරියා විශිෂ්ටයි..!(නු)

:       0       0

ජයී තිසර Thursday, 01 November 2012 02:49 PM

කෙන්ද කන්ද කර ලතවී දිව් කතර අවුරුදු ගණන් වෛරය දෙපවුල් අතර ඉමහත් ප්‍රශංසා හිමි විය යුතු නිතර නිලධාරීන් පොලිස් එකතුව බෙදු හතර ..(ස)

:       0       0

අතුල Thursday, 01 November 2012 02:58 PM

විහිළුවක් වගේ

:       0       0

සරත් Thursday, 01 November 2012 03:25 PM

පොලීසියේ මහත්තයට අපගේ ප්‍රණාමය ..(ස)

:       0       0

සුමුදු Thursday, 01 November 2012 03:35 PM

විකාර

:       0       0

රජිත් Thursday, 01 November 2012 03:41 PM

2004 සුනාමිය මතකනම් ඔය වගේ දේවල් වලට රණ්ඩු වෙන්නේ නෑ ..(ස)

:       0       0

සජී Thursday, 01 November 2012 04:02 PM

දුක් වෙන්න එපා දිනේෂ්... හැම ජාතියකම මේ වගේ අය ඉන්නවා...!(නු)

:       0       0

චරිත් අධිකාරි ඩුබායි සිට Thursday, 01 November 2012 05:12 PM

දිනේෂ්, අපිට පවු දෙන්නෙ නැතුව,පින්බර රටකට මකබෑ වුණොත් නරකද ? අපේ ජාතිය අපිට වටිනවා !!!! (නි)

:       0       0

නසාර් Thursday, 01 November 2012 05:25 PM

අවසානේ අගල් 6-3 කොටසක් පමණයි ඕනි වෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site