”සර්... සමන් මගේ අඩි කෝදුව ගත්තා....” නව වැනි ශ්‍රේණියේ පන්තිය භාර ගුරුවරයා ළඟට පැමිණි සුමිත් පැමිණිල්ලක් කළේය. ”සමන්...දෙන්න සුමිත්ගේ අඩි කෝදුව...” ගුරුවරයා තරමක් සැරෙන් කීවේය. ”නෑ සර්...මේක මගේ” සමන් කීවේය. ”මොනවා... එක අඩි කෝදුවට අයිතිකාරයො දෙනේනෙක්.?” ගේනවා බලන්න ඕක මෙහාට.” ගුරුවරයා විස්මයෙන් කීවේය. සමන් දෙගිඩියාවෙන් බිම බලාගෙන ගුරුවරයා ළඟට පැමිණ අඩි කෝදුව මේසය මත තැබුවේය. ගුරුවරයා එය පරීක්ෂා කළේය. එය අරුමෝසම් වර්ගයේ අඩි කෝදුවකි. ”සර්... ඕකෙ මගේ නම ලියල තියෙනවා.” සුමිත් හැඬුම්බර ස්වරයෙන් කීවේය. ”ආ...ඔව්.. මේ සුමිත්ගේ නම මේකෙ ලියල තියෙන්නේ.” ගුරුවරයා සමන් දෙස බලමින් කීවේය. ”අනික් පැත්තෙ මගෙ නමත් ලියල තියෙනවා.” සමන් බිම බලාගෙන පහත් හඬින් කීවේය. ඔව් ඔයාගෙ නමත් තියෙනවා. හරි සුමිත් මේකෙ මේ පැත්ත ඔයාගෙ. මේ පැත්ත සමන්ගෙ. දෙන්නා රණ්ඩුකර ගන්නේ නැතුව දෙපැත්ත පාවිච්චි කරනවා.” ගුරුවරයා කෝදුව මේසය මත තබමින් කීවේය. පන්තියේ සියලූම සිසුහු විස්මයෙන් නිහඬව බලා සිටියහ. ”කාගෙද මේ අඩි කෝදුව? ඔයාල දන්නවාද? ගුරුවරයා පන්තිය අමතා ඇසීය. ”සර්.. අපිත් ඕක අදමයි දැක්කෙ...” සියලූම සිසුහු කීහ. ”සර්.. අපේ අම්මා ඩුබායි ඉඳල ඊයෙ ආවෙ. අම්මා මේ ජාතියෙ කෝදු දෙකක් ගෙනාවා. එකක් මට දුන්නා. අනික අක්කට දුන්නා.” සුමිත් බිම බලාගෙන හැඬුම්බර ස්වරයෙන් කීවේය. ”කීර්ති...මෙහෙ එන්න. ඔයා ගිහින් සුමිත්ගෙ අක්කට එන්න කියන්න. එයාගෙ අලූත් අඩි කෝදුවත් අරගෙන.” ගුරුවරයා පන්ති නායකයාට කීවේය. පන්ති නායකයා නික්ම ගොස් හිත් අතින් ආපසු ආවේය. ”සර්..එයා අද ඇවිත් නෑ...” ඔහු කීවේය. ”හරි මම දැන් මේ නඩුව විසඳන්නම්. සුමිත් කියනවා මේ කෝදුව එයාගෙලූ. සමන් කියනවා එයාගෙලූ. මම දැන් මේක දෙකට කපලා දෙන්නට දෙනවා. කෑලි දෙක.” ගුරුවරයා කීවේය. ”එහෙම හොඳයි සර්...” සිනා සෙමින් කී සමන් ජයග‍්‍රාහී ලීලාවෙන් පන්තිය දෙස බැලූවේය. සුමිත් බිම බලාගෙන හඬන්නට විය. ”ඔයාලා කියන්න බලන්න දැන් මේ කෝදුවෙ හැබෑ අයිතිකාරයා කවුද කියලා.” ගුරුවරයා පන්තියේ සිසුනට කීවේය. ”සමන් නොවෙයි සුමිත්.” මුළු පන්තියම එක හඬින්ම කීහ. ”කොහොමද ඔයාලා එහෙම කියන්නෙ?” ගුරුවරයා ඇසීය. ”සුමිත්ට දුකයි එයාගෙ අඩි කෝදුව කපනවට. සමන් තමන්ට අයිති නැති කෝදුවෙන් කෑල්ලක් හරි ගන්න කැමැතියි.” සිසුහු කීහ. ගුරුවරයා සුමිත්ට අඩි කෝදුව දුන්නේය. සමන්ට පහර දෙකක් ගැසුවේය. අකුරැස්ස ප‍්‍රදේශයේ පාසලකින් වාර්තාවූ පුවතකි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අඩිකෝදුවක අයිතිකාරයා සොයන්න ගුරුතුමාගෙන් අපූරු උප්පරවැට්ටියක්
chinthaka Friday, 30 March 2012 08:59 AM
හුණුවටයේ කතාව වගේ
දෙයියෝ සාක්කි පාඨකයෙක් Friday, 06 April 2012 10:14 AM
සලමන් රජතුමාගේ සිද්ධිය වගේ.